Pothpath.com, First Sri Lankan E Library
25/11/2025
ප්‍රවීණ චිත්‍ර ශිල්පී, ලකී සේනානායක විසින් නිර්මාණය කළ 1977-1989 සමයට අයත් මුදල් නෝට්ටු කාණ්ඩයේ මුල් සිතුවම් සහ එම සත්‍ය මුදල් නෝට්ටු කාණ්ඩය විකිණීමට තිබේ.
අමතන්න : 070 799 3554
18/03/2023
ඒක නම් මරු...
අද සති අග අරුණ පත්තරේ හය වැනි පිටුව වෙන්කරලා තියෙන්නේ ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය වෙනුවෙන්.
ඔහුගේ විශාල ප්‍රමාණයේ ඡායාරූපයක්, ආකර්ශනීය පිටු සැකැස්මක් සමඟ අනීෂා මානගේ කරපු පිටුවක් පුරා වූ ඉහළ ගණයේ සම්මුඛ සාකච්ඡාවකටත් අරුණෙ ඉඩ ලබාදීලා තියෙනවා.
ඒ එක්කම අට වැනි පිටුවෙ කතුවැකිය මගින් සමන් රත්නප්‍රිය හඳුන්වා දෙන්නෙ හොරිකඩයෙක් විදියට.
කතුවරයා සමන් රත්නප්‍රියට ඒ නම යොදන්න ඇත්තෙ පුවත්පතේ ශිෂ්ඨ භාවය රැකගැනීම උදෙසා නොසරුප් වදන් යෙදීම නුසුදුසු නිසා විය යුතුයි.
තත් කාලීන සමාජ අර්බුදයක පැතිකඩක් නියෝජනය කිරීම හේතුවෙන් සමන් රත්නප්‍රිය හරහා රජයේ පාර්ශ්වයේ මතයට අවස්ථාව දෙන අතරම රත්නප්‍රියගේ සැබෑ ස්වරූපය පිළිබඳ කතු මැති මතය අදීන බවකින් ඉදිරිපත් කිරිම පුවත්පතක කලාතුරකින් දක්නට හැකි ප්‍රවණතාවයක්.
මේ සටහන හරහා මාගේ අභිලාෂය සමන් රත්නප්‍රියගෙ හොරිකඩකම් ගැන කියා පෑම නොවෙයි. සති අග අරුණ කතුවරයාගේ අදීනත්වයට මල් මිටක් පුදකිරීමත් නොවෙයි.
පුවත්පතක සමාජ වගකීම් ගැන අලුත් පරපුර ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා නම් කියවපල්ලා අරුණ පත්තරේ කියන්නයි මේක ලිව්වෙ.
අරුණ පුවත්පත් පිටු වල ඡායාරූප වලට අමතරව ඇත්තේ රත්නප්‍රියගේ ඇරයුම මත ඔහු අදාළ තනතුරේ වැඩභාරගත් අවස්ථාවේ මා සමඟ ගත් ඡායාරූපයකි.
13/09/2014
අනගාරික ධර්මපාල අපදානය'හි අද පළවන්නේ අවසන් කොටසයි. (20 වන කොටස) මෙම පොත සඳහා සැලකිය යුතු පාඨක ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබී ඇති බැව් දන්වමි.
එබැවින් මෙවැනි වටිනා පොත් FB හරහා කියවීමට ලබාදීමට කටයුතු කරන්නෙමි.
මෙම කර්තව්‍යයේ මුඛ්‍ය අරමුණ වන්නේ, ඊ-මාධ්‍යයේ කියවීම අපේ පාඨක ප්‍රජාව අතර ප්‍රචලිත කිරීම මිස වෙනත් කිසිවක් නොවේ. එමෙන්ම මෙම ග්‍රන්ථයන්හි කතුවරුන්, ප්‍රකාශකයින් හා සෙසු සියඵ පාර්ශ්වයන්ට අපගේ කෘතවේදීභාවය හිමිවේ.
- සංස්කාරක -
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Mahalwarava Junction, High Level Road, Pannipitiya
Colombo
2249