Hasthi
බලන්ටකෝ හයිවේ එකේ කවුද යන්නේ කියලා 🫣
18/05/2026
කපිතාන් නිවන්ත කොඩිතුවක්කු ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ නිලධාරියෙකු ලෙස, නන්දිකඩාල් කලපුව අභියෝගාත්මක මෙහෙයුමේ දී විශිෂ්ට වීරත්වයක් දැක්වූ නිසා වීර වික්‍රම විභූෂණය (WWV) පදක්කමෙන් සම්මානිත විය. මෙම පදක්කම, යුද භූමියේදී තමන්ගේ ජීවිතය පරදුවට තබා, විශේෂ වීරත්වයක් දැක්වූ සෙබළුන්ට පිරිනමන ශ්‍රී ලංකාවේ තුන්වන උසස්ම යුධ පදක්කම වේ.
නන්දිකඩාල් මෙහෙයුමේදී, කපිතාන් කොඩිතුවක්කුගේ නායකත්වය විශේෂ බලකාය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රබල අවසන් ආරක්ෂිත බාධකය වන මඩ පස් බැම්ම බිඳ දැමීම සිදු කරන ලදී.. ඒ රාත්‍රී 11.30 පමණ සූක්ෂමව කලපුව තරණය කරමින්..මොහුගේ ඇති නිර්භීතමකම කොපමණද කිවහොත්, නන්දිකඩාල් පස්බැම්ම මුලින්ම තරනය කර ඇත්තේ මොහු තනිවමයි.. ඒ තම 8 දෙනාගේ කණ්ඩායම ltte ප්‍රදේශයේ සුරක්ෂිතව ස්ථානගත කිරීමට සුදුසු ස්ථානයක් බැලීමටයි..ඊට අමතරව කලපුවේ අටවා තිබූ මර උගුල්ද මොහුගේ කණ්ඩායම විසින් ගලවා දැමුවා.. මෙම ක්‍රියාවලිය, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකත්වය අල්ලා ගැනීම සහ සිවිල් ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා ඉතා වැදගත් විය.
කපිතාන් කොඩිතුවක්කුගේ මෙහෙයුම් නායකත්වය, තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීම සහ සෙබළුන්ගේ ආරක්ෂාව සඳහා දැක්වූ කැපවීම, lTTE ලමා සොල්දාදුවන් ජීවග්‍රහයෙන් අල්ලාගැනීම, සාමාන්‍ය ජනතාවට පැමිණීමට මාර්ගය විවර කර දීම , මෙම සම්මානය ලබා ගැනීමට ප්‍රධාන හේතු විය...වීර වික්‍රම විභූෂණ පදක්කම සහ තවත් රණ ශූර පදක්කම් 13 ක් ඔහු සතුයි..
මෙම සම්මානය ලබා දීමේදී, ඔහුගේ සේවාවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලද අතර, ඔහුගේ නම ශ්‍රී ලංකා යුධ හමුදාවේ වීරයන් අතර සන්සුන්ව සටහන් වී ඇත..
ඒ වගේම LTTE විසින් පෙරියමාඩු යුධ හමුදා ආරක්ෂක වලල්ලට පහරදෙන්න යමින් සිටියෙදී, මොහු ඇතුලු 8 දෙනාගේ කණ්ඩායම රැක සිට එල්ල කල අති දැවන්ත ප්‍රහාරයකින් LTTE සාමාජිකයක් 130 ක් පමණ පිරිසක් මරණයට පත්වූවා..
ඔහු ගැන වැඩිදුර තොරතුරු සඳහා, ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිල වෙබ් අඩවිය (army.lk) පරික්ෂා කළ හැක... ඒ වගේම වණැස youtube නාලිකාව ඔස්සේද නැරඹිය හැක..
යුද්ධයට දායකත්වයක් දැක්වූ අතපය ලේ මස් දන් දුන් ත්‍රිවිධ හමුදාවට ඇතුලු සහට දුන් සියලු දෙනාට අප සදා ණය ගැතී..💛 අද වැනි දින ලැබූ නිදහසේ සැබෑ හිමි කරුවන් ඔබයි..
-උපුටාගැනීමකි -
ජයෙන් ජය සිරි ශනුයි දින්නයි දෙන්නට ❤😍
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Website
Address
Colombo