Cyber synergy

Cyber synergy

Share

07/10/2023

අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙනෙ බැලුවෙි.❤

14/09/2023

ගුවන් තැපෑලේ බ්‍රසීලයෙන් එවා තිබූ කෝටි 19ක් වටිනා කොකේන් අත්අඩංගුවට

බ්‍රසීලයේ සිට එවා තිබූ ගුවන් තැපැල් පාර්සලයක් තුළ රුපියල් කෝටි දහනවයක් වටිනා කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 500ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සඟවා තිබියදී කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තයේ ඩී.එච්.එල්. ආයතනයේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (12දා) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගුවන් තැපැල් පාර්සලය පසුගිය අගෝස්තු මස 21 දින කොළඹ මරදාන ප්‍රදේශයේ ලිපිනයකට ඒවා තිබූ අතර, මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය වොලිබෝල් දැලක උඩ සහ යට දාරවලට අඩි 67ක් දිග අතිරේක ප්ලාස්ටික් බටයක් ඇතුළු කර ඒ තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබුණි.

මෙම අත්අඩංගුවට ගැනීමේ අවස්ථාව නිරීක්ෂණය කිරීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාද කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේ ඩී.එච්. එල්,ආයතන පරිශ්‍රය වෙත පැමිණ සිටි අතර, එහිදී නවතම ක්‍රමයක් භාවිත කර මේ ආකාරයට ශ්‍රී ලංකාව තුළට කොකේන් මත්ද්‍රව්‍ය ගෙන ඒමේ ප්‍රයත්නය වැළැක්වීමට ක්‍රියා කළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත සිය කෘතවේදිත්වය පළ කළේය.

මෙම පාර්සලය භාර ගැනීමට කොළඹ මරදාන ප්‍රදේශයේ ලිපිනය හිමි හිමිකරු විසින් බලය පවරා, කටුනායක ගුවන් භාණ්ඩ පරිශ්‍රය වෙත එවා තිබූ පුද්ගලයන් දෙනෙකු ඉදිරියේදී මෙම ගුවන් තැපැල් පාර්සලය විවෘත කළ අතර,

ඒ තුළ වූ කොකේන් මත්ද්‍රව්‍ය එහිදී රසායනික පරීක්ෂා කිරීමකට ලක් කර, ඒ බැව් තහවුරුවීමෙන් අනතුරුව මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම රසායනික පිරික්සුම් කට්ටල ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබූ අතර, ඒවා මගින් තත්පර කීපයක් වැනි කෙටි කාලයක් තුළ මෙම මත්ද්‍රව්‍ය නිසැකව හඳුනාගත හැකි වී තිබේ.

එහෙත් මීට පෙර අවස්ථාවලදී මෙම මත්ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත යවා අවශ්‍ය තහවුරු කර ගැනීම සිදු කළ යුතු අතර, ඒ සඳහා විශාල කාලයක්ද වැය වේ.

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


1/1 Petta Road Colombo 3
Colombo