Colombo Anthurium
10/09/2021
ලිපි අංක 05
ඇන්තූරියම් සෞඛ්‍ය වෙත මොන වගේ බලපෑමක් ද එල්ල කරන්නේ. 🤔
ඇත්තටම කිව්වොත් අපේ මේ ඇන්තූරියම් බබාලා වාතය පිරිසිඳු කරන්න ගොඩාක් දායක වෙනවා. 😍
ඔයාලා දන්නවානේ ඇමරිකාවේ නාසා ආයතනය. (NASA) එම ආයතනය කරලා තියෙන පරීක්ෂණයක් අනුව සොයාගෙන තියෙනවා ඇන්තූරියම් ශාකය වාතයේ අහිතකර රසායන ද්‍රව්‍ය, ඒ කියන්නේ ඇමෝනියා, ෆෝමැල්ඩිහයිඩ්, ටොයුලීන් සහ (ක්)සයලීන් වගේ අපේ සෞඛ්‍යට අහිතකර රසායන ද්‍රව්‍ය අපේ මේ ඇන්තූරියම් බබාලා උරාගෙන උදාසීන කරලා වාතය පිරිසිඳු කරනවා කියලා. 👍😊
මේ හින්දා අපිට ලැබෙන සෞඛ්‍යමය වාසිය තමයි වාතයේ තියෙන මම අර මුලින් කියලා තියෙනවා වගේ අහිතකර රසායන ද්‍රව්‍ය නිසා හට ගන්න පුලුවන් හිසරදය, ඇස්වල වියලි බව, ස්වසන ආබාධ සහ කැරකැවිල්ල වගේ රෝග අඩු කරගන්න පුලුවන් වෙන එක. 😊
අනිත් දේ තමයි අපි මොන තරම් පීඩනයකින් හිටියත් ඇන්තූරියම් බබාලා ටික දැක්කහ ම මොන වගේ හැඟීමක් ද කියන්නකෝ දැනෙන්නේ. 🤔
ආ දැන් ඔයාලට ඒ හැඟීම මතකයට නැගෙන්න ඇති. ඔව් මානසික ආතතිය දුරු කරන්න පුලුවන් අපිට මේ ඇන්තූරියම් ශාකය දැකීම තුලින්. ඒ නිසා අපේ රුධිර සංසරණය ක්‍රමවත් වෙලා සිරුර නිරෝගීව පවත්වාගෙන යන්න පුලුවන්. 😍
මනස සුවෙන් නම් සිරුරත් සුවෙන් නේද යාලුවනේ. 😊👍
මෙන්න මේ නිසා තමයි ඇන්තූරියම් ශාකය ගෘහස්ථ ශාකයක් (Indoor Plant) විදිහට තබන්න සුදුසු වෙන්නේ. 😊😍
අවසානය තීරණය කරන එක ඔයාලට මම භාර දෙනවා. ඔයාලම දැන් තීරණය කරන්නකෝ ඇන්තූරියම් සෞඛ්‍යට හිතකර ද? අහිතකර ද? කියලා. 😍😍
අද ලිපිය නම් දීර්ඝ ලිපියක් නම් නෙමෙයි. ඒත් මේ දේ වැදගත් නිසා ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවේ.
හැමදාමත් වගේ මගේ ලිපි කියවන ඔයාලට බොහොම ස්තූතියි.
මේ වගේ තොරතුරු අපි ඉදිරියටත් කතා කරමු. ඔයාලත් Colombo Anthurium ෆේස්බුක් පිටුවට තවම එකතු වෙලා නැත්නම් පහත ලින්ක් එකෙන් ගිහින් Like කරලා Follow කරන්න යාලුවනේ.
තෙරුවන් සරණයි.
https://www.facebook.com/Colombo-Anthurium-224416679526595/
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo
01