Shaa Entertainment
11/11/2025
ඇමේලියා !
ඇමේලියා සංගීතයට යොමු වෙන්නෙ කොහොමද?
මම සංගීතයට යොමු වෙන්නෙ තාත්තාගේ මාර්ගයෙන්. මගේ තාත්තාට මීට කලින් රුවන් ෆ්‍රෙන්ඩ්ස් කියලා එකෝස්ටික් බෑන්ඩ් එකක් තිබුණා. ඉතිං මම නිතරම තාත්තා සින්දු කියනවා බලාගෙන ඉඳලා තියෙනවා. මම මුලින්ම සින්දු කියන්න පටන්ගත්තෙ තාත්තගෙ උපන්දිනය දවසෙ. ඒ වෙනකොට මට වයස අවුරුදු පහක් හයක් විතර ඇති. එදා අම්මයි තාත්තයි දැනගන්නව මට සින්දු කියන්න පුළුවන් කියල. ඊට පසුව මාව සංගීතයෙන් ඉදිරියට ගෙනියන්න කියලා උමාරා මියුසික් ඇකඩමියට යොමු කළා. උමාරා මිස්ගෙන්, රයිනි මිස්ගෙන් වගේම අමිල අංකල්ගෙනුත් මම සංගීතයේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
ඔබ ඇවටර් බෑන්ඩ් එකත් එක්ක සම්බන්ධ වුණේ කොහොමද?
මම ඇවටර් බෑන්ඩ් එකට සම්බන්ධ වුණේ 2023 අවුරුද්දේ. මම ඔවුන්ට සම්බන්ධවෙනකොට ගෘහස්ථ ප්‍රසංගවල සින්දු කියලා තිබුණාට එළිමහන් ප්‍රසංගවල සින්දු කියලා තිබුණේ නැහැ. මම බෑන්ඩ් එකට සම්බන්ධ වුණ ගමන් මුලින්ම සින්දු කිව්වෙත් එළිමහන් ප්‍රසංගයක. ඒ කාලේ සහ අද ගැන සංසන්දනය කරලා බලද්දි මට තේරෙනවා මම ගොඩක් දියුණුවෙලා කියලා. ඒ වගේම මම ජනප්‍රිය වෙලා තියෙන්නෙත් ඇවටර් බෑන්ඩ් එකත් එක්ක. ඇවටර් බෑන්ඩ් එකේ හිමිකරු චතුරංග අංකල්ව වගේම අනෙක් සාමාජිකයන්වත් මම මේ වෙලාවේ ආදරයෙන් මතක් කරන්න ඕන.
අයියලා හයදෙනෙක් එක්ක වැඩකරන එක මොන වගේ අත්දැකීමක්ද?
ඇත්තටම මට තවම අවුරුදු දාහතයි. අනෙක් අයියලා සියලුම දෙනා මට වඩා වැඩිමහල්. ඒ අයත් එක්ක වැඩකරන්න මට කිසිම බයක් නැහැ. කවදාවත් මාව තනිකරලත් නැහැ. බයකරලත් නැහැ. ඒ අයගෙම නංගි කෙනෙක් වගේ තමයි මාව බලාගන්නේ. මට ලොකු සහයෝගයක් ලබාදෙනවා. අඩුපාඩු දැක්කොත් කියලා දෙනවා.
චන්ද්‍රලේකාගේ තරුඑළියේ ගීතය ගායනා කරලා ඔබ බොහොම ජනප්‍රිය වුණා?
තරුඑළියේ ගීතයෙන් තමයි අපේ බෑන්ඩ් එකත් එක්ක මෙම වෛරල් වුණේ. කෝච් රයිනි මිස් පවා මට කතා කරලා සුභපැතුවා. ඉක්මනටම අලුතෙන් ගීතයක් එළිදක්වන්න කියලත් රයිනි මිස් කිව්වා. හැමදාම පුහුණු වෙනකොට මට ඕනෑම සින්දුවක් ඕනෑම කටහඬකින් කියන්න පුළුවන්.
ප්‍රසංග වේදිකාවේදී ලැබෙන ප්‍රතිචාර?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනනවා. ඒ ගැන හරිම සතුටුයි. ඒ ලැබෙන ප්‍රතිචාර හින්දාම තවත් උද්‍යෝගයෙන් වැඩකරන්න පුළුවන්.
ඇමේලියාගේ පවුලේ විස්තර?
මගේ ගම අම්බලන්ගොඩ. පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි නංගියි, මල්ලියි. මම වැඩවලට එන්නේ අම්බලන්ගොඩ ඉඳලා. හැබැයි එක දිගට වැඩවලට එද්දී කොළඹ නතර වෙන්න වෙනවා. ඉතිං මම නතර වෙන්නෙත් භාෂිණී විජේසූරිය කියන මගේ නැන්දාගේ ගෙදර. ඇයත් මට ගොඩක් ලොකු සහයෝගයක් ලබාදෙනවා. ඒ වගේම අම්මයි තාත්තයි මගේ පිටුපසින් ඉන්නවා.
අධ්‍යාපන කටයුතු?
මම දැනට ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරනවා. මගේ මූලික අරමුණ වෛද්‍යවරියක් වෙන එක. අධ්‍යාපන කටයුතුත් එක්ක සංගීතයත් හදාරනවා.
කොහොමද මේ කටයුතු සමබරව කරගෙන යන්නෙ?
ඒක ලේසි නැහැ. මම ගොඩක් නිදිවරනවා. කාලසටහනකට අනුව වැඩ කරමින් දෙකම සමබරව පවත්වාගෙන යන්න උත්සාහ කරනවා.
වැඩිපුර ගායනා කරන්න කැමැති ගීත මොනවාද?
මම ගොඩාක්ම ආස බයිලා ගීත කියන්න. මිනිස්සුන්ව නටවලා සතුටින් තියන්න පුළුවන්නෙ.
‘කොහේ යන්නද මා’ ඔබේම ගීතයක්?
‘කොහේ යන්නද මා’ ගීතය මම නිර්මාණය කරන්නෙ අමිල අංකල් එක්ක. ඒක තමයි මගේ පළමු සිංහල ගීතය. මොකද මම පළමුවෙන්ම එළිදැක්වූයේ අයි වෝන්ට් ද ෆ්ලයි කියලා ඉංග්‍රීසි ගීතයක්.
පුංචි කාලේ ඉඳලා හීන මැව්වේ ගායිකාවක් වෙන්නද?
නැහැ. පොඩි කාලෙ ඉඳලා තිබුණ ලොකුම හීනය තමයි වෛද්‍යවරියක් වීම. අදටත් ඒ අදහසේ වෙනසක් නැහැ.
ඇමේලියාගේ අනාගත බලාපොරොත්තු?
සංගීතය පැත්තෙන් ජාත්‍යන්තරයට යන්න වගේම අධ්‍යාපනය පැත්තෙන් වෛද්‍යවරියක් වෙන්න තමයි බලාපොරොත්තුව.
ඇමේලියාගේ දෛනික ජීවිතය ගෙවෙන්නෙ කොහොමද?
පුංචි කාලේ ඉඳලා මම කවදාකවත් නිහඬව ඉඳලා නැහැ. සද්දයක් දාගෙනම තමයි ඉන්නෙ. අනික මම නර්තනයත් හදාරනවා. මගේ සීයා ආරියපාල විජේසූරිය. එයා තමයි ලෝකයට වෙස්මුහුණු සහ කෝලම් සම්ප්‍රදාය හඳුන්වා දුන්නේ. දැන් යන්නේ හත්වැනි පරම්පරාව. ඒක පවත්වාගෙන යන්නේ මගේ තාත්තා රුක්මල් විජේසූරිය.
ඇමේලියාගේ පවුල වෙස්මුහුණු සහ කෝලම් කලාවට ප්‍රසිද්ධයි?
ඔව්, අම්බලන්ගොඩ වෙස්මුහුණු සහ කෝලම් කලාව පවත්වාගෙන යන්නේ අපේ ෆැම්ලි එක. ඉතිං අටවැනි පරම්පරාව ගෙනියන්නේ මමයි, නංගියි, මල්ලියි. අපි තවම ඒ දේවල් ඉගෙන ගන්නවා. ඒක ලොකු විෂයක්.
ගෙදර තවම ඒ වැඩ කරගෙන යනවාද?
මගේ ගෙදරට පිටුපසින් ආරියපාල වෙස්මුහුණු ප්‍රදර්ශනාගාරය වගේම ආරියපාල වෙස්මුහුණු කෞතුකාගාරය, වැඩ පුහුණු කිරීමේ මධ්‍යස්ථානය තියෙනවා. ඉතිං විවේක වෙලාවට මමත් ගිහිල්ලා වෙස්මුහුණු කපනවා.
කෝලම් නාට්‍ය කලාව ඉගෙන ගන්නවාද?
ඔව්. ගොඩක් දේවල් මම තවම ඉගෙන ගන්නවා. මගේ තාත්තාට ඩාන්සින් ඇකඩමියක් තියෙනවා. මටත් විවේකයක් ලැබුණොත් ඒ දේවල්වලට සහභාගි වෙනවා. අම්බලන්ගොඩ මෝදර දේවාලයේ පෙරහැරටත් මම සහභාගි වුණා.
මහේෂ් එදිරිසිංහ
12/08/2025
JOB ALERT!
ජෝතිෂ්‍යය කාර්යාලයේ සේවය සඳහා. කැස්බෑව පිළියන්දල අවට සිටින ඔබට අවස්ථාව.
වයස අවුරුදු 18 - 35ත් අතර
කාන්තා / පිරිමි
දැන්ම ඔබේ අයදුම්පත වට්ස්ඇප් කරන්න
Call Center Vacancies - WhatsApp your CV 075 342 1841
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo