DOM

DOM

Share

28/08/2024

ගැබුරු තෙලේ බැදලා කන කෑම වලට අපේ ලංකාවේ මිනිස්සු හරිම කැමතියි. එකෙන් පුදුම රැසක් එක වෙනවා කෑම වලට. හැබැයි ගැබුරු තෙලේ බැදලා කන කෑම සෞකයට නම් අහිත කරයි. ඉතින් ඔබ සෞක්‍යරක්ෂිත නැති තෙල් වලින් කෑම වර්ග බැද ගත්තොත් තත්වය තවත් බරපතල වෙනවා. ඉතිං හොද පොල්තෙල් (100%ක් ස්වාභාවික) පොල්තෙල් වලට අප නම් නිර්දේශ කරන්නේ DOM පොල්තෙල්. අපේ පොල්තෙල් Dankotuwa Oil Mill (Nugegoda) නමින් Pickme හා Uber eats වල ඉන්නවා.

හරි දැන් අපි බලමු, DOM පොල්තෙල් භාවිත කරලා ගෝවා පකොඩා (මේක ඉන්දියානු කෑමක්) හදා ගන්න විදිය.

අවශ්‍ය ද්‍රව්‍ය :
1. තරමක ගෝවා ගෙඩියක් (සාමාන්‍ය කැබලි සිටින පරිදි කපා ගන්න)
2. මිරිස් කුඩු, කහකුඩු, තුනපහ කුඩු, ලුනු, ගම්මිරිස් රස අනුව.
3. කඩල පිටි 50g
4. හාල් පිටි 20g
5. කොර්න් ස්ටාර්ච් තේ හැදී 3ක්.
6. තරමක ළුණු ගෙඩියක් (කපා ගත් )

ඉහත සියල්ලම භාජනයක ට දමා, වතුර ඉසිමින් තලපයක් ලෙස එනතුරු කලවම් කර ගන්න. වතුර වැඩියෙන් දාල දියාරු කර ගන්න නම් එපා. එහෙම උනොත් අපි හදන කෑම හදන්න බැරි වෙනවා. ඉන් පසු ගැබුර සහිත භාජනයක් ගෙන DOM පොල්තෙල් දමා රත් වූ පසු, මිශ්‍රයයෙන් මේස හැන්දක තරම් ගුලි හෝ කැබලි සාදාගෙන ගැබුරු තෙලේ බැද ගන්න. නිවුන පසු සෝස් සමග හෝ චට්නි සමග ආහාරයට ගන්න.
මෙය වැස්ස වෙලාවට, තේ වෙලාවට කන්න පුළුවන් කදිම ආහාරයක්.

DOM Shopping & retail

02/07/2024

අපි අද fried rice කමු.

1. පොඩිවට කපා ගත් ළුනු ගෙඩියක්
2. තෙල් මේස හැදී 02ක් (DOM පොල්තෙල් ගන්න)
3. කුඩාවට කපා ගත් කැරට් අලයක්
4. රවුමට කපා ගත ලීක්ස් 50g ක්
5. කුඩාවට කපා ගත් කුකුල් මස් 100g
6. උයා ගත් බත් කෝප්ප 02ක්
7. අබරා ගත් සුදු ළුණු , ඉගුරු, කරපිංචා මේස හැන්දක්.
8. සෝයා සෝස් මේස හැදී 2ක්, ඔයිස්ටර් සෝස් මේස හැදී බාගයයි.

rice සැදීමට සුදුසු භාජනයක් ලිප තබා, රත් වූ පසු තෙල් මේස හැදී 2 දමන්න. ඉන් පසු එයට අබරා ගත සුදුළුනු ඉගුරු මිශ්‍රණය දමා රන්වන් පැහැය එන තුරු මද ගින්නේ බැදගන්න. එයටම කුකුල්ම දමා හොදින් බැදෙන්න අරින්න.ඉන්පසු කැරට්, ළුණු දමා බැදෙන්නට හරින්න. මදක් බැදුණු පසු කපා ගත ලීක්ස් එකතු කර මිශ්‍ර කරන්න. එයට සෝයා සහ ඔයිස්ටර් සෝස් දමා හොදින් මිශ්‍ර කරන්න. ලිප නිවා බත් කෝප්ප දෙක දමා හොදින් මිශ්‍ර කරන්න. ලුණු රස අනුව එකතු කර ගන්න. දැන් කන්න තමා තියෙන්නේ.
හැමදාම අපි කියනව වගේ Dankotuwa Oil mil (නුගේගොඩ) නමින් අපි ඉන්නවා uber සහ pickme වල.

30/05/2024

පරිප්පු මැල්ලුම

කාලා තියෙනවද පරිප්පු මැල්ලුම් ?. සමහර අය නම් කාලා ඇති. පරිප්පු මැල්ලුම හදලා , තක්කාලි හොද්දක් එක්ක උණු උණුවෙම කන්න තිබුනා නම් මේ වැස්ස දවස් වල , එක නම් දිව්‍යලෝක රසක්.

අවශ්‍ය ද්‍රව්‍ය :

1. පරිප්පු - ගෙදර අයට ඇති ප්‍රමානෙට ගන්න.
2. තුනපහ, මිරිස් කුඩු, කහ කුඩු, ලුණු ඇති ප්‍රමානෙට . මෙතනදී ඔයාලට මිරිස් කුඩු දන්නේ නැතිවත් ඉන්න පුළුවන්.
3. කරපිංචා කිනිති - 4ක් පමණ
4. රම්පෙ කැබැල්ලක්.
5. ළුණු තරමක ගෙඩියක්
6. සුදු ළුණු බික් 4ක් පමණ
7. ගා ගත් පොල් මිටක්

මුලින්ම පරිප්පු ටික හොදින් සෝදා, එයට තුනපහ, මිරිස්, කහ කුඩු, ලුණු, රම්පෙ කැබැල්ල දමා, වතුර ඇති ප්‍රමනෙට දමා තම්බා ගන්න. පරිප්පු ටික බේරී වීමට නොදෙන්න.

වතුර හිදුන පසු , ලිපෙන් බා ,එයට ගා ගත් පොල්, කපා ගත් ළුණු එකතු කර මිශ්‍ර කර ගන්න.

ඉන්පසු භාජනයක් ලිප තබා , රත් වූ පසු පිරිසිදු පොල්තෙල් මේස හැදී 3ක් පමණ දමන්න. රත් වූ පසු අබ ඇට තේ හැදී බාගයක් දමා බදුන පසු එයටම, තලා ගත සුදු ළුණු , කරපිංචා දමා රන්වන් පැහැ එනතුරු බදින්න , ඉන්පසු පරිප්පු මැල්ලුම් මිශ්‍රණය එයට දමා මලවන්න.

රසය , පාට හරියටම පවත්වාගෙන යන්න හොදම වර්ගයේ අමුද්‍රව්‍ය පාවිච්චි කිරීමට වග බලා ගන්න. ඉතින් පිරිසිදු පොල් තෙල් වලට නම් අපේ DOM පොල්තෙල් භාවිතා කරන්න පුළුවන්.

22/05/2024

ඔයාල දන්නවද පිරිසිදු පොල්තෙල් makeup remover එකක් විදියට භාවිතා කරන්න පුළුවන් කියලා.

හැබැයි එය පිරිසිදු පොල්තෙල්ම විය යුතුය්

100%ක් ස්වභාවික පොල්තෙල් හොයා ගන්න අමාරු නම් Uber, pickme භාවිත කරලා DOM පිරිසිදු පොල්තෙල් ගෙන්වා ගන්න. Dankotuwa oil mill (Nugegoda) නමින් අපි ඉන්නවා.

21/05/2024

වෙසක් දිනය ඒකාලෝක කර ගැනීමට අප වෙසක් කූඩු වගේම, පහන් පත්තු කරනවා. අපි පහන් පත්තු කිරීම සදහා යොදා ගන්නේ ස්භාවික පොල්තෙල්.
මොකද කියනවා නම්, පිරිසිදු පොල්තෙල් වලින් හමන සුවද , ගුණය, අපේ සිතම සුවපත් කරන නිසා.
Uber, pickme භාවිත කරලා DOM පිරිසිදු පොල්තෙල් ගෙන්වා ගන්න. Dankotuwa oil mill (Nugegoda) නමින් අපි ඉන්නවා.

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


No : 447/1A, High Level Road, Navinna , Maharagama
Colombo
00600

Opening Hours

Monday 08:30 - 05:00
Tuesday 08:30 - 05:00
Wednesday 08:30 - 05:00
Thursday 08:30 - 05:00
Friday 08:30 - 05:00
Saturday 08:30 - 12:30