Imthiaz Bakeer Markar

Imthiaz Bakeer Markar

Share

11/05/2026

සිහි­න­යෙන් පවා සංහි­ඳි­යාව පැතූ ඉස්ලාම් ආග­මික සිංහ­ලයා බාකීර් මාකාර්...

“නැත කැසි­යස්, ඇසින් පම­ණක් දැකිය නොහැ­කිය.

ඊට ආව­ර්ජ­න­යත් තවත් දේත් අවැ­සිය…”

– ජුලි­යර් සීසර් නාට්‍ය­යෙන් – විශිෂ්ට දේශ­පා­ලන දැක්ම

විලි­යම් ශේක්ෂ්පි­යර්ගේ සුප්‍ර­කට ජුලි­යර් සීසර් නාට්‍ය­යෙන් ගත් ඉහත කොටස එක­සි­ය­වන වැනි උපන් දින සංව­ත්ස­රය යෙදෙන හිටපු කථා­නා­යක දේශ­මාන්‍ය බාකීර් මාකර් මහතා ගැන සිහි­පත් කරන විට ඉතා­මත් උචිත යැයි හැඟේ. දේශ­මාන්‍ය බාකීර් මාකාර් මහතා අභා­ව­ප්‍රාප්ත වී දශක දෙක­කට අධික කාල­යක් ගත­වු­වද එතු­මාගේ මානව භක්ති­යත්, විශිෂ්ට දේශ­පා­ලන දැක්මත් වඩාත් හොඳින් කැපී­පෙ­නෙන්නේ එය නැවත ආව­ර්ජ­නය කිරී­මෙනි. එවැනි ආව­ර්ජ­න­යක් වඩාත් අදාළ වන්නේ අද අප සමා­ජයේ ජාතික සම­ගිය සහ සංහි­ඳි­යාව ගොඩ­නැ­ඟීම අත්‍ය­වශ්‍ය ප්‍ර‍මුඛ­තම කාර්යය වී ඇති පසු­බි­මක් තුළය.

ජාතික එක­මු­තු­වට කැප­වීම

දේශ­මාන්‍ය බාකීර් මාකර් මහතා සමඟ පෞද්ග­ලික දැන­හැ­ඳු­නු­ම්ක­මක් නොතිබූ මා එතුමා හඳු­නා­ගන්නේ මූලික වශ­යෙන්ම කරුණු දෙකක් නිසාය. පළ­මු­වැන්න ඔහු ජාතික සම­ගිය අපේක්ෂා කළ ඒ වෙනු­වෙන් තමාට ගත හැකි පිය­වර ගත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී නාය­ක­යකු වීමය. විවිධ ජන කොට­ස්ව­ලින් යුත් ශ්‍රී ලංකාවේ ජාතික සම­ගිය පවත්වා ගැනීම සියලු දෙනා­ගේම අභි­වෘ­ද්ධි­යට හේතු වන බව එතුමා මැන­වින් දැන සිටි­යේය. එතුමා ගැන කිය­වෙන සෑම අව­ස්ථා­ව­කම දැක්වෙන ආකා­ර­යට1950 තරම් ඈත කාල­යේදී සිංහ­ලය රාජ්‍ය භාෂාව විය යුතු යැයි ඔහුගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවති බේරු­වල නගර සභා­වෙන් යෝජ­නා­වක් සම්මත කිරී­මට මුල්වීම ජාතික සම­ගිය අපේ­ක්ෂා­වෙන් ගත් එක පිය­ව­රක් පමණි.

ප්‍ර‍ජාත­න්ත්‍රීය ගුණාං­ගය

සිංහල භාෂාව, රාජ්‍ය භාෂාව කිරීමේ දේශ­පා­ලන වේදි­කාවේ ආවේ­ග­ශීලී සටන් පාඨ­යක් වීමට පෙර ඔහු මෙවැනි යෝජ­නා­වක් සම්මත කර­ගැ­නී­මට මුල­පු­රන ලද්දේ රටේ බහු­ත­ර­ය­කගේ භාෂා­වෙන් රාජ්‍ය පාල­නය වීම ප්‍රජා­ත­න්ත්‍රීය ගුණාං­ග­යක් වන නිසාය. ජන­තා­වට නොතේ­රෙන භාෂා­ව­කින් රාජ්‍ය පාල­නය සිදු වන්නේ නම්, එවැනි පාල­න­යක් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී වෙන්නේ හෝ නිද­හස් වන්නේ නැත.

අනෙක් අතට නිද­හ­සින් පසු රටේ බහු­ත­ර­ය­කගේ භාෂාව නොස­ලකා කට­යුතු කිරී­මෙන් අන්ත­වාදී ගති ඉස්මතු වීමට අව­කා­ශ­යක් පව­තින බවත්, එවැනි අන්ත­වාදී ප්‍රව­ණතා අනෙ­කුත් ජන කොට­ස්ව­ලට හානි­කර විය හැකි බවත් මින් අද­හස් කර ඇතැයි සිතිය හැකිය. බේරු­වල නගර සභා ප්‍රදේ­ශයේ බහු­ත­රය දෙමළ බස කතා කරන මුස්ලිම් ජන­තාව වුවත් රටේත්, ප්‍රදේ­ශ­යේත් තත්ත්වය අනුව සිංහ­ලය රාජ්‍ය භාෂාව විය යුතු යැයි ඔහු අද­හස් කර­න්නට ඇත්තේ එවැනි පද­න­ම­කිනි.

එහෙත් අවා­ස­නා­ව­කට මෙන් සිංහල දේශ­පා­ලන නාය­ක­යන් මෙවැනි යෝජ­නා­ව­කින් කිය­වෙන අනෙක් පැත්ත තේරුම් නොගැ­නීම හෝ එය අම­තක කිරීම ඛේද­වා­ච­ක­යක් වූ බව පසු­කා­ලීන ඉති­හා­ස­යෙන් සනාථ විය. ඇත්තෙන්ම අභා­ව­ප්‍රාප්ත බාකීර් මාකාර් වැනි දුර දක්නා සිංහල දේශ­පා­ලන නාය­ක­යන් සිටියේ නම්, සිංහ­ල­යට මෙන්ම දෙම­ළ­යට ද එම පිළි­ගැ­නීම ලබා­දී­මට ඉදි­රි­පත් වනු ඇත. ඔවුන් 1950 බේරු­වල නගර සභා­වෙන් සම්මත වූ යෝජ­නා­වට සිංහල පම­ණක් යන විශේ­ෂණ පද­යක් එකතු කිරී­මෙන් සිදු වූ විනා­ශය නැවත සඳ­හන් කළ යුතු නැත.

මා විශ්වාස කරන ආකා­ර­යට අභා­ව­ප්‍රාප්ත බාකීර් මාකාර් මහතා, සිංහල රාජ්‍ය භාෂාව විය යුතු යැයි යෝජනා කළේ සුළු­තර යැයි හැඳි­න්වෙන ජන­කො­ටස් “මහ‍ා” යැයි හැඳි­න්වෙන ජන කොටස් සමඟ සුහ­දව සිටීමේ උපා­ය­මා­ර්ග­ය­කට වඩා, ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පැවැත්ම නිසාය. ඔහු තම වාර්ගි­ක­ය­න්ගේත් ආග­මි­ක­ය­න්ගේත් අන­න්‍ය­තාව පවත්වා ගැනී­මට හැම විටම උනන්දු වූයේ එම ජන­කො­ටසේ සංස්කෘ­තිය අගය කළ නිසාය.

අධ්‍යා­ප­නය සඳහා වූ කැප­වීම

මා ඔහු තුළ දකින දෙවැනි ගුණාං­ගය වන්නේ අධ්‍යා­ප­නය වෙනු­වෙන් වූ කැප­වී­මයි. ඔහු අධ්‍යා­ප­නය නඟා­සි­ටු­වී­මට මුස්ලිම් ජන සමා­ජය තුළ කරන ලද වැඩ කොටස ඊට හොඳ නිද­සු­නකි. මනා අධ්‍යා­ප­න­යක් ලබා­දී­මට අවශ්‍ය පහ­සු­කම් ලබා­දීම එම ජන කොටසේ මෙන්ම රටේ ඉදිරි ගම­නට කළ හැකි උසස්ම දායා­දය බව ඔහු අද­හස් කළ බව පෙනේ. එහිදී ඔහු එම පහ­සු­කම් එක ජන කොට­ස­කට පම­ණක් සීමා කිරී­මට උත්සාහ නොකෙ­ළේය.

මුස්ලිම් පරි­ත්‍යා­ග­ශී­ලීන්ගේ දාය­ක­ත්ව­යෙන් බිහි වූ පාසල්, ආගම්, ජාති භේද­ය­කින් තොරව සෑම දෙනා­ටම විවෘත විය. බාකීර් මාකාර් මහ­තාගේ සහ­භා­ගී­ත්ව­යෙන් ඇර­ඹුණු අලු­ත්ගම සහිරා විද්‍යා­ලයේ අධ්‍යා­පන පහ­සු­කම් සියලු ජන කොට­ස්ව­ලට විවෘත විය. මෙම සට­හන තබන මා ඇතුළු තවත් සිංහල දෙමළ බොහෝ දෙන­කුට ජීවන ගම­න්මඟ හෙළි­පෙ­හෙළි වූයේ එම විද්‍යා­ල­යෙන් ලත් අධ්‍යා­ප­නය නිසා බව සඳ­හන් කරන්නේ කෘත­ගු­ණ­වේ­දී­ත්ව­යෙන්ය.

මුස්ලිම් ආග­මික පාස­ලක් වුවත් සිංහල බෞද්ධ අපට බුද්ධා­ගම ඉගෙන ගැනී­මට භික්ෂුන් වහන්සේ කෙන­කුගේ සහය ලබා­දී­මට එම විද්‍යා­ලයේ පාල­කයෝ පහ­සු­කම් සැල­සූහ. සියලු ජන වර්ග­ව­ලට සහ ආග­මික කොට­ස්ව­ලට එකම වහ­ලක් යට අධ්‍යා­පන කට­යුතු කර­ගෙන යෑමට සැලැ­ස්වීම ජාතික සම­ගිය ගොඩ­නැ­ඟීමේ ශක්ති­මත් පද­න­මක් විය හැකිව තිබිණි. අවා­ස­නා­ව­කට මෙන් ආගම සහ භාෂාව අනුව වෙන් කරන ලද අධ්‍යා­ප­න­ය­කට පසු­කා­ල­යේදී මඟ­පෑ­දිණි.

සියලු ජන­කො­ට­ස්ව­ලට සාධා­ර­ණ­ත්වය

අභා­ව­ප්‍රාප්ත බාකීර් මාකාර් මහතා ගැන සඳ­හන් කරන බොහෝ අය එතු­මාගේ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පැවැත්ම අගය කරති. ඇත්තෙන්ම ඔහු ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පැවැත්ම යනු­වෙන් අද­හස් කළේ පාර්ලි­මේන්තු දේශ­පා­ල­නය හෝ විවිධ දේශ­පා­ලන මති­ම­තා­න්තර දර­න්නන්ට ගරු කිරීම පම­ණක් නොවේ.

ඉහ­තින් සඳ­හන් කළ සැබෑ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ ගුණාංග ගැබ්ව තිබුණු සිංහල, රාජ්‍ය භාෂාව විය යුතු යැයි යන යෝජ­නා­වෙන් සහ ඔහුගේ අධ්‍යා­පන වැඩ­පි­ළි­වෙ­ළින් කිය­වෙන්නේ සියලු ජන කොට­ස්ව­ලට සාධා­ර­ණය ඉටු වීමත්, විවි­ධ­ත්වය ඇග­යී­මත්ය.

- ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දී මහින්ද හත්තක -

11/05/2026

The Bakeer Markar mark that uplifted the community of Beruwala

The 12th of May marks the Commomeration of the 109th birth anniversary of Al Haj M.A.Bakeer Markar, who was considered the son of the Beruwala community as he was the pioneer in the development of the Berwala town to what it is today. This post is a dedication to some of his services.

My memory is awakened on the extensive work done by as a citizen of Beruwala for its development. After being appointed as the Mayor of the Beruwla town, it he who laid the foundation to develop it from a small row of shops to the town it is today.
At the time he was appointed Mayor of the Beruwla town, there was no other government institution in the Beruwala town other than the Urban Concil. It is he who initiated the process of naming Beruwala as a separate Divisional Secretariat and subsequently the construction of many beaiutiful buildings for those instituitions.
At the time there were no shopping complexes, State Banks or Fishing Offices in Beruwala. Nor did it have a dedicated post office. The were no medical quarters as well.

From the first moment he was appointed as a Member of Parliament, steps were taken to acquire a large area of land for the development of Beruwala town. Accordingly, the Divisional Secretariat, the new post office in Beruwala, the Beruwala Youth Vocational Training Center, four medical quarters, the Beruwala Fisheries Complex building and other buildings required for the hospital were constructed on the said acquired land. He had also acquired more land for the future constructions of the hospital.
Banks including the Bank of Ceylon, National Savings Bank, Rural Development Bank and others came to Beruwala under his leadership. The giant shopping complex that adorns the city of Beruwala was also built under his leadership, according to the Beruwala city development plan that he prepared. The Samoopakaara Mandiraya was built under his guidance on a land he acquired by him. The telephone exchange centre too is constructed on a land acquired by him.

It was he who donated the first two-storied building to Ariyawansha Vidayalaya for the educational purposes of the Beruwala community. Nearly fifty percent of the buildings of D.S. Senanayake Central College also known as Beruwala Central College were constructed during his tenure. The Educational office, Meeting Hall and Century Building are some among them. It was he acquired the land for the playground of the Beruwala Central College amidst many objections. It was he who also constructed the two new buildings of the Roman Catholic School near the Beruwala Police Station, the two main buildings of Warapitiya School, the meeting hall of Gnanissara Vidyalaya, the meeting hall of Aluthgamveediya Balika Vidyalaya, the building of the Pambe School and the prayer hall of the Hettimulla Temple, the Munghena Century School building and the two-storied building, the Duwegoda School Building, the Walatara School Building, the Kalavila School Building, the Meeting Hall of Al Hambra Vidyalaya, the meeting hall of Naleem Hajiyar Girls' School and the two-storied building of the Roman Catholic School in Diyalagoda.
He donated the three-storied laboratory building and meeting hall for the Aluthgama Maha Vidyalaya and the two-storied building for the Aluthgama Sanghamittha Vidyalaya. He also donated the government acquired lands adjacent to the Junior Section for the construction of a playground for the Aluthgama Vidyalaya.
He also acquired land for the development of many schools in the Beruwala electorate including Halkadawila Vidyalaya, Padagoda Vidyalaya, Mahagoda Vidyalaya, Aluthgamveediya Balika Vidyalaya, Beruwala Central College, Diyalagoda Roman Catholic Vidyalaya, Maggona Indirligoda Maha Vidyalaya and several others. He also took a special interest in the construction of playgrounds for many schools within his electorate.

At the time, water was brought to the shops in Beruwala town by carts. The water was brought from the carts and sold to the shops. In some areas, people had to walk miles to get drinking water. He abolished this system completely and took steps to provide piped water to all areas that came within the Beruwala seat including Maggona, Payagala, Aluthgama and Dhargatown.
It was Mr. Bakeer Markar who proposed to include the areas of Beruwala, Aluthgama, Moragalla and Kaluwamodara to the Bentota Tourism Zone. It is no secret how the then Director General of the Tourism Board, Mr. Thahir and a group of higher-ranking officials of the Board opposed to this decision by pointing out various disqualifications. By outsmarting all the arguments presented by those people, he fought alone, convincing the Minister and all those responsible of the suitability of including these areas, and successfully won the struggle to designate these areas as a tourist zone. This also paved the way for a revolution that uplifted the economic conditions of the people of that area. The service rendered by Mr. Bakeer Markar, who is considered the founder of the Beruwala Tourist city, will always be remain in the hearts of the people of Beruwala.

The people of Beruwala still remember how he took the initiative to establish several shopping complexes in his electorate with the involvement of the private sector. He also took the initiative to build a big shopping complex for the development of Aluthgama town, amidst the challenges faced in Courts with regard to it. The Aluthgama Town Hall building was also built by him. The model village of Wellathuduwa, Aluthgama was built during his time. The Aluthgama Post Office Building, Beruwala New Post Office Building, Maggona Post Office Building, Dhargatown Post Office Building, Halkadawila Post Office Building, Beruwala and Payagala Telephone Exchange Centers were all built under the guidance of Mr. Bakeer Markar.

Mr. Bakeer Markar who was appointed as Mayor in Beruwala in the year 1950, built a housing scheme in the Massala area which is considered to be one of the first housing schemes to be built by an Urban Council. The fact that that housing scheme is still standing strong, more majestic than the housing schemes built in recent times, is reminiscent of him.

Under his guidance, a large-scale housing program was implemented to provide shelter to many homeless people within the Beruwala seat. Yovungama, Sinhagama, Malaygoda Dahampahanagama, Kalawilakanda, Badanagoda Village, Heralathuduwa Village, Welipitiya Sinhala Village, Welipitiya Muslim Village, Pinghena Village, Ananda Village, Lushantitus Village, St. Vicenti Village, Aluthgama Wellathuduwa Village, Rahmathpura, Ruwalpura, Sagarapura, Kuda Payagala Fisheries, Indirligoda Sheikh Hamza Model Village, the Housing Scheme of the sixty house of Magalkanda, Kuda Magalkanda Housing Scheme, Kaluwamodara Housing Scheme Village and many other villages were services rendered under his guidance.

A massive program to distribute land to those who did not have land to settle was prepared with his foresight and implemented in Beruwala during his time. The land distributions included the Duwegoda Frankland land in Payagala, the Sudugahalanda land, the Kalawila Kanda land, the Morayaswattha land in Pinghena, the Malnaidewattha land within the Beruwala Municipal Council limits and the adjacent land, the two lands of Sapulankanda and Meenachchi Kanda in Darganagara, the Marbleland land in North Payagala and the Bubulanda Wattha land in Magalkanda.
The by-pass road and bridge built connecting the Beruwala and Halkadawila areas as well as the by-pass roads and bridges in the Walatara, Akuressa, Warapitiya, Pambe areas, etc. were built during his era.

The Palyangoda Sub Post Office, Egodawatta Sub Post Office, Hirigalgodalla Sub Post Office, Maradana Sub Post Office, Kachchagoda Sub Post Office, Maligahena Sub Post Office, Hirigalgodalla Sub Post Office as well as Pothuwila Ayurvedic Medicine centre, Hettiyakanda Unani Dispensary, Massala Medical centre and New Building, Pinghena Community Hall, Pinhena Agrarian Service Centre etc. were built during his era.
It was during his era that 80% of the rural areas within the Beruwala seat received current electricity.

The principals and education officers during his time, to date remember the support he provided to resolve the problems faced by schools by inquiring about the needs of teachers, educational conditions and other shortcomings in these schools, by inviting the Director of Education, the Divisional Education Directors, and the directors and officers in charge of all subjects as well all the Principals of the Sinhala and Tamil medium schools in the Beruwala electorate to the Kalutara Education Director's office.

The people of Beruwala still remember the service he rendered by continuously conducting review meetings to look into the education of school children in his constituency, even inquiring about the results of the Ordinary Level and Advanced Level examinations in schools and addressing the situations, even after he was appointed as Speaker of Parliament.

It is impossible to end writing about the extensive service he rendered to improve the lives of the people of Beruwala. The era in which he worked tirelessly to improve the lives of the people can indeed be described as the Golden era of Beruwala.

That desire and interest he possessed to look into the lives of the less privileged people is a great example for today's political authorities.

I am reminded of a statement made by Mr. Ronny De Mel at Parliament about Mr. Bakeer Markar,

“I really admire the manner in which he stood up against the power of the rich and affluent in his area…” (Excerpt from Hansard Records)

The service rendered by Deshamanya Alhaj M.A. Bakeer Makar for the people he represented, with vision, dedication and determination is a great example for those engaged in politics today. We in Beruwala will remember him with gratitude even today as an honest politician who owed nothing to the people who placed their trust in him.

Jinasena Welaratne J.P.
Kalawila, Beruwala

(Translated by Naadhia Zainudeen)

09/05/2026

බේරුවල ජන ජීවිතය නැංවූ බාකීර් මාකාර් සලකුණ...

අද තිබෙන බේරුවල නගරය සහ බේරුවල සංවර්ධනය ගොඩ නැගීමට මුල්වූ බේරුවල ජනතා පුත්‍ර‍ අල්හාජ් එම් ඒ බාකීර් මාකාර් මහතාගේ 109වන ජන්ම දිනය මැයි මස 12වන දිනට යෙදී ඇත. මේ ලිපිය ඒ වෙනුවෙනි.

බේරුවල පුරවැසියෙකු ලෙස එතුමන් බේරුවල සංවර්ධනය කරන්නට ක්‍රියාත්මක කළ කොතෙකුත් වැඩකටයුතු ගැන මගේ මතකය අවදිවේ. එතුමන් පළමු වරට බේරුවල නගරාධිපති ධූරයට පත්වීමෙන් පසු එදා ඉතා කුඩා කඩවීදියක්ව තිබූ බේරුවල නගරය අද තිබෙන තත්වයට දියුණු කරන්නට මුල් අත්තිවාරම දැමුවේ හා මේ තත්වයට ගෙන ආවේ එතුමන්ය.

එදා එතුමන් නගරාධිපති ධූරයට පත්වන විට බේරුවල නගර සභා කාර්යාලය හැරෙන්නට වෙන රජයේ කිසිම කාර්යාලයක් බේරුවල නොතිබුණි. බේරුවල වෙනම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් හැටියට නම් කර, බේරුවල නගරයේ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා අලංකාර ගොඩනැගිලි කීපයක්ම ඉදිකර, අලුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බේරුවල ආරම්භ කරන්නට මුල්වුණේ එතුමන්ය.

එදා බේරුවල නගරයේ වෙළද සංකීර්ණයක් නොතිබුණි. රජයේ බැංකු කාර්යාලද එදා බේරුවල නොතිබුණි. ධීවර කාර්යාල ද නොතිබුණි. තමන්ට කියලා උරුම තැපල් කාර්යාලයක්ද නොතිබුණි. රෝහල් සංකීර්ණයේ වෛද්‍ය නිල නිවාස ද නොතිබුණි.

බේරුවල නගර සංවර්ධනය සදහා විශාල ඉඩම් ප්‍ර‍මාණයක් ඒ ප්‍රදේශයෙන් රජයට අත්පත් කරගැනීමට එතුමා මුල්වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූ කාලයේ පටන්ම කටයුතු ආරම්භ කෙරුණි. ඒ අනුව එතුමා අත්පත් කරගත් ඒ ඉඩම්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බේරුවල නව තැපල් කාර්යාලය, බේරුවල තරුණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය,වෛද්‍ය නිල නිවාස හතර, බේරුවල ධීවර සංකීර්ණ ගොඩනැගිල්ල, රෝහලට අවශ්‍ය වෙනත් ගොඩනැගිලි ඉදිවුණි. ඉදිරියටත් රෝහලට අවශ්‍ය ගොඩනැගිලි ඉදිකළ හැකි අයුරින් ඔහු ඉඩම් අත්පත් කරගෙන තිබුණී.

ලංකා බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව,ග්‍රාමීය සංවර්ධන බැංකුව ඇතුළු බැංකු බේරුවලට ලැබුණේ එතුමන්ගේ මූලිකත්වයෙනි. බේරුවල නගරය අලංකාර කරන යෝධ වෙළද සංකීර්ණය ඉදිවූයේ ද එදා එතුමන්ගේ මුල්වීමෙනි. එතුමන් සකස් කළ බේරුවල නගර සංවර්ධන සැලැස්මට අනුවය. එමෙන්ම ඔහු අත්පත් කරගත් ඉඩමක සමූපකාර මන්දිරය ගොඩනැගුණේ ද ඔහුගේ මගපෙන්වීමෙනි. දුරකතන හුවමාරු මධ්‍යස්ථානය ඉදිවී ඇත්තේත් ඔහු අත්පත් කරගත් ඉඩමකය.

බේරුවල අධ්‍යාපනය සදහා ආරියවංශ විද්‍යාලයේ ප්‍රථම දෙමහල් ගොඩනගිල්ල ලබාදුන්නේත් එතුමන්ය. අද බේරුවල ඩී.ඇස්. සේනානයක මධ්‍ය මහා විද්‍යාලය වශයෙන් හදුන්වන බේරුවල මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකර ඇති ගොඩනැගිලිවලින් සීයට පනහක පමණ ප්‍ර‍මාණයක් ඔහුගේ කාලයේදී ඔහු මුල්වී එම විද්‍යාලයට ඉදිකර දුන් ගොඩනැගිලිවේ. එහි පිහිටා තිබෙන අධ්‍යාපන කාර්යාලය,රැස්වීම ශාලාව,සියවස ගොඩනැගිල්ල ආදී ගොඩනැගිලි මේ අතර වේ. කොතෙකුත් විරෝධතා මධ්‍යයේ බේරුවල මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සදහා ඉඩම් අත්පත් කරගැනීම සිදුකර දුන්නේද ඔහු විසින්ය. බේරුවල පොලිස් ස්ථානය අසල පිහිටි රෝමානු කතෝලික විද්‍යාලයේ නව ගොඩනැගිලි දෙක, වරාපිටිය පාසැලේ ප්‍ර‍ධාන ගොඩනැගිලි දෙක, ඥාණිස්සර විද්‍යාලයේ රැස්වීම් ශාලාව, අලුත්ගම්වීදිය බාලිකා විද්‍යාලයේ රැස්වීම් ශාලාව, පඹේ පාසැලේ ගොඩනැගිල්ල සහ හෙට්ටිමුල්ල පන්සලේ ධර්ම ශාලාව, මුංහේන සියවස පාසල් ගොඩනැගිල්ල සහ දෙමහල් ගොඩනැගිල්ල, දූවේගොඩ පාසල් ගොඩනැගිල්ල, වලතර පාසල් ගොඩනැගිල්ල, කාලවිල පාසල් ගොඩනැගිල්ල, අල් හම්බ්‍රා විද්‍යාලයේ රැස්වීම් ශාලාව, නලීම් හාජියාර් බාලිකා පාසලේ රැස්වීම් ශාලාව, දියලගොඩ රෝමානු කතෝලික විද්‍යායේ දෙමහල් ගොඩනැගිල්ල ද ඉදිකරදීමද සිදුකළේ ඔහුය.

එමෙන්ම අලුත්ගම මහා විද්‍යාලයේ තුන්මහල් විද්‍යාගාර ගොඩනැගිල්ල, රැස්වීම් ශාලාව, අලුත්ගම සංඝමිත්තා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල සහ අලුත්ගම් විද්‍යාලයට අවශ්‍ය ක්‍රීඩා පිටිය සදහා එහි කණිෂ්ඨ අංශය පිහිටි ගොඩනැගිල්ල අසල ඉඩකඩම් රජයට පවරා ගැනීම සිදුකරනු ලැබුවේද ඔහුය.

බේරුවල ආසනයේ පාසැල් බොහොමයක්ම සංවර්ධනය සදහා ඉඩම් අත්පත් කරගැනීම, හල්කදවිල විද්‍යාලය, පාඩගොඩ විද්‍යාලය,මහගොඩ විද්‍යාලය, අලුත්ගම්වීදිය බාලිකා විද්‍යාලය, බේරුවල මධ්‍ය මහා විද්‍යාලය, දියලගොඩ රෝමානු කතෝලික විද්‍යාලය,මග්ගොන ඉන්දිරිලිගොඩ මහා විද්‍යාලය, ඉන් කිහිපයකි.ආසනයේ පාසැල් බොහොමයක් සදහා මෙතුමා විශේෂ උනන්දුවක් ගෙන ක්‍රීඩා පිටි ඉදිකරදුනි.

එදා බේරුවල නගරයේ කඩ වලට වතුර ගෙන එන ලද්දේ කරත්ත වලිනි. කරත්ත වලින් ජලය ගෙනවිත් කඩවලට විකිණීම සිදුවුණී. සමහර ප්‍රදේශවල මිනිස්සුන්ට බීමට වතුර ටික ගැනීමට සැතැපුම් ගණන් පයින් යාමට සිදුවී තිබිණ. ඒ ක්‍ර‍මය සම්පූර්ණයෙන්ම අහෝසි කර, මුළු බේරුවල ආසනයම වැළදගත් මග්ගොන, පයාගල, අලුත්ගම, දර්ගානගරය මේ සියළු ප්‍රදේශ සදහා වන නල ජලය ලබාදීමට කටයුතු සිදුකළේද එතුමන් විසිනි.

බෙන්තොට සංචාරක කලාපයට එක් කරමින් , බේරුවල, අලුත්ගම, මොරගල්ල, කළුවාමෝදර ප්‍රදේශද ඒ සංචාරක කලාපයට එකතු කරන යෝජනාව ඉදිරිපත් කළේද බාකීර් මාකාර් මහතාය. මේ අවස්ථාවේදී සංචාරක මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරයා වන තාහිර් මහතා ඇතුළු එම මණ්ඩලයේ ඉහළ නිලධාරීන් පිරිසක් නොයෙකුත් නුසුදුසුකම් දක්වමින් ඊට විරුද්ධ වූ අකාරය රහසක් නොවේ.ඒ උදවිය ඉදිරිපත් කළ සියළු තර්ක එකිනෙක බිදහෙලමින්, එතුමන් තනි අරගලයක් කරමින්, අමාත්‍යවරයා ඇතුළු වගකිව යුතු සියළු දෙනාට මේ ප්‍රදේශ ඇතුළත් කිරීමේ යෝග්‍යතාවය ඒත්තු ගන්වා,මෙම ප්‍රදේශ සංචාරක කලාපයක් ලෙස නම්කිරීමේ අරගලය සාර්ථකව ජයගත්තේය. ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික තත්වය නගාසිටුවන පෙරළියක් සදහා, ඒ තුළින් මං විවරවීමක්ද සිදුවුණි. බේරුවල සංචාරක පුරවරයේ නිර්මාතෘ හැටියට බාකීර් මාකාර් මහත්මා ඉටුකළ මේ මෙහෙවර, බේරුවල ජනතාවගේ හදවත්හි සැමදා රැදී තිබේ.

පෞද්ගලික අංශය සම්බන්ධ කරගෙන, තම මැතිවරණ කොට්ඨාශය තුළ, වෙළද සංකීර්ණ කිහිපයක්ම ඇතිකිරීම සදහා ඔහු මුල්වී කටයුතු කළ ආකාරය බේරුවල ජනතාව අදත් සිහිපත් කරයී. එමෙන්ම එතුමා අලුත්ගම නගරය සංවර්ධනය කිරීම සදහා යෝධ වෙළද සංකීර්ණයක් ඇතිකරන්නට, මුල් වී කටයුතු කළේ, අධිකරණයේදී ඊට එල්ල වූ අභියෝග වලටද මුහුණ දෙමිනි. අලුත්ගම නගර ශාලා ගොඩනැගිල්ලද ඔහු ඉදිකළ ගොඩනැගිල්ලකි. අලුත්ගම වැල්ලතුඩුව ආදර්ශ ගම්මානය ඔහුගේ කාලයේ ඉදිවූවකි. අලුත්ගම තැපල් කාර්යාල ගොඩනැගිල්ල, බේරුවල නව තැපල් කාර්යාල ගොඩනැගිල්ල, මග්ගොන තැපල් කාර්යාල ගොඩනගිල්ල, දර්ගානගර තැපල් කාර්යාල ගොඩනැගිල්ල,හල්කදවිල තැපල් කාර්යාල ගොඩනැගිල්ල, බේරුවල සහ පයාගල දුරකතන හුවමාරු මධ්‍යස්ථානය ආදී මේ සියල්ල බාකීර් මාකාර් මැතිතුමන්ගේ මගපෙන්වීම යටතේ ඉදිවුනු ගොඩනැගිලිය.

1950 වසරේදී බේරුවල නගරාධිපතිධූරයට පත්වූ බාකීර් මාකාර් මහතා ලංකාවේ නගර සභාවක් විසින් ඉදිකරන ලද පළමු නිවාස යෝජනා ක්‍ර‍මවලින් එකක්, බේරුවල මස්සල ප්‍රදේශයේදී ඉදිකරන ලදි. ඒ නිවාස යෝජනා ක්‍ර‍මය මෑත කාලයේ ඉදිකල නිවාස යෝජනා ක්‍ර‍ම වලටත් වඩා ගාම්භීර ලෙසින් තවමත් ශක්තිමත්ව පැවැතීම, එතුමන් පිළිබදව මතකයන් අවදි කරන්නකි.

එතුමන්ගේ මගපෙන්වීම යටතේ බේරුවල ආසනයේ හිසට සෙවනත් නැති මිනිස්සුන්ට ඒ සෙවන ලබාදීම සදහා දැවැන්ත නිවාස වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලදි. යොවුන්ගම, සිංහගම, මලේගොඩ දහම්පහනගම, කාලවිලකන්ද, බදනගොඩ ගම්මානය, හෙරලත්තුඩුව ගම, වැලිපිටිය සිංහල ගම, වැලිපිටිය මුස්ලිම් ගම, පිංහේන ගම, ආනන්ද ගම, ලූෂන්ටයිටස් ගම්මානය, ශාන්ත විසෙන්ති ගම, අලුත්ගම වැල්ලතුඩුව ගම, රහ්මත්පුර, රුවල්පුර, සාගරපුරය, කුඩා පයාගල ධීවර, ඉන්දිරිලිගොඩ ශේක් හම්සා ආදර්ශ ගම්මානය, මාගල්කන්ද නිවාස හැටේ යෝජනා ක්‍ර‍මය, කුඩා මාගල්කන්ද නිවාස යෝජනා ක්‍ර‍මය, කළුවාමෝදර නිවාස යෝජනා ක්‍ර‍මය ගම්මානය ආදී තවත් බොහෝ ගම්මාන එතුමන්ගේ මග පෙන්වීම යටතේ සිදුවූ සේවාවන්ය.

පදිංචි වීමට ඉඩමක් නිවසක් නැති උදවියට ඉඩම් බෙදාදීමට දැවැන්ත වැඩපිළිවෙලක් එතුමන්ගේ දුරදැක්මෙන් යුතුව සකස් කර, එතුමන්ගේ කාලය තුල බේරුවල ක්‍රියාත්මක කරන ලදි. පයාගල දූවේගොඩ ෆ්‍රෑන්ක්ලන්ඩ් ඉඩම, සුදුගහලන්ද ඉඩම, කාලවිල කන්ද ඉඩම, පිංහේන මොරායස්වත්ත ඉඩම, බේරුවල නගර සභා සීමාවේ මල්නයිදෙවත්ත ඉඩම සහ ඊට යාබද ඉඩම, දර්ගානගරයේ සපුලන්කන්ද හා මීනාච්චි කන්ද ඉඩම් දෙක, උතුරු පයාගල මාබල්සලෑන්ඩ් ඉඩම, මාගල්කන්ද බුබුලන්ද වත්ත ඉඩම ආදි ඉඩම් බෙදාදීම් ඒ අතරවේ.

බේරුවල සහ හල්කදවිල ප්‍රදේශ යාකරමින් ඉදිකළ අතුරුමාර්ගය සහ පාලම, වලතර,අකුරැස්ස,වරාපිටිය,පඹේ ප්‍රදේශයන්හි අතුරුමාර්ග සහ පාලම් ආදිය ඔහුගේ යුගයේ ඉදිකරන ලද ඒවාය.

පාලයන්ගොඩ උප තැපල් කාර්යාලය, එගොඩවත්ත උප තැපල් කාර්යාලය, හිරිගල්ගොඩැල්ල උප තැපල් කාර්යාලය, මරදාන උප තැපල් කාර්යාලය, පාලයන්ගොඩ උප තැපල් කාර්යාලය, කච්චගොඩ උප තැපල් කාර්යාලය, මාළිගාහේන උප තැපල් කාර්යාලය, හිරිගල්ගොඩැල්ල උප තැපල් කාර්යාලය මෙන්ම පොතුවිල ආයුර්වේද බෙහෙත් ශාලාව, හෙට්ටියාකන්ද යුනානි බෙහෙත් ශාලාව, මස්සල බෙහෙත් ශාලාව සහ නව ගොඩනැගිල්ල, පිංහේන ප්‍ර‍ජාශාලාව, පිංහේන ගොවිජන සේවා මධ්‍යස්ථානය ආදියත් ඔහුගේ යුගයේ ඉදිකරන ලද ඒවාය.

බේරුවල ආසනයේ ග්‍රාමීය ප්‍රදේශ 80%ක්ම විදුලි එළියෙන් ආලෝකමත් වූයේ එතුමන්ගේ යුගයේදීය.

බේරුවල ආසනයේ සිංහල දෙමළ මාධ්‍ය පාසල්හි සියළුම විදුහල්පතිවරුන් කලුතර අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාලයට කැදවා, අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ඇතුළු කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා සියළු විෂයන් භාර අධ්‍යක්ෂකවරුන් හා නිළධාරීන් සහභාගීකරවාගෙන පාසැල්වල පවතින ගුරු අවශ්‍යතාවන්, අධ්‍යාපනික තත්වය හා වෙනත් අඩුපාඩුකම් සියල්ල පිළිබද විමසමින් එම ගැටළු නිරාකරණය කිරීමට ඔහු ලබාදුන් සහයෝගය එදා සිටි විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන නිළධාරීන් දැනුදු සිහිපත් කරයි.

ඔහු කතානායකධූරයට පත්වූ පසුවද තම මැතිවරණ කොට්ඨාශයේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය පිළිබද සොයා බලා මේ සමාලෝචන රැස්වීම් අඛන්ඩව පවත්වාගනිමින්, පාසල්වල සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගයන්ගේ ප්‍ර‍තිඵල ගැන පවා විමසමින් එම තත්වය අමතමින් ඔහු ඉටුකළ මෙහෙවර බේරුවල ජනතාව දැනුදු සිහිපත් කරයි.

බේරුවල ආසනයේ ජනතාවගේ ජන ජීවිතය නැංවීමට එතුමන් ගත් වැඩපිළිවෙලවල් මෙලෙස ලියා නිමකිරීමට පුලුවන්කමක් නැත. මේ ලෙසින් ජනතාවගේ ජනජීවිතය නගා සිටුවන්නට කැපවී වැඩකළ යුගය, බේරුවල ස්වර්ණමය යුගය ලෙස සදහන් කරන්නට පුලුවණ.
නැතිබැරි මිනිසුන්ගේ ජීවිත ගැන සොයා බැලීම, ඒ උවමනාව, ඒ උනන්දුව, අද ඉන්න දේශපාලන අධිකාරියට ලබාදෙන්නේ ලොකු ආදර්ශයකී.
රොනීද මැල් මහතා පාර්ලිමේන්තුවේදී එතුමන් ගැන වරෙක කළ ප්‍ර‍කාශයක් මගේ මතකයේ ඇත.
“ඔහු තම ප්‍රදේශයේ ධනවතුන්ගේ සහ බලවතුන්ගේ බලයට එරෙහිව නැගී සිටින ආකාරය මම ගොඩාක් අගය කරනවා…” (උපුටා ගැනීම හැන්සාඩ් වාර්තාවෙනි.)

දේශමාන්‍ය අල්හාජ් එම්.ඒ. බාකීර් මාකාර් මහතා තමන් නියෝජනය කළ ජනතාව වෙනුවෙන් දුර දැක්මෙන්, කැපවීමෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව ඒ කළ මෙහෙය අද දේශපාලනයේ නිරත උදවියටද ලබාදෙන්නේ මහගු ආදර්ශයකි. ඒ තුළින් තමන් කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවට ණය නැති අවංක දේශපාලනඥයෙකු ලෙස, බේරුවල අපි එතුමන්ව කෘතඥ පූර්වකව අදද සිහිපත් කරන්නෙමු.

සාමවිනිසුරු ජිනසේන වේලාරත්න මහතා
කාලවිල, බේරුවල

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Wijerama Mawatha
Colombo
00940