Hit FM
12/07/2020
පාසල් නිවාඩු ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
July-12, 2020. 22:00
හෙට (13) සිට ජුලි 17 සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ අධ්‍යාපන බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
ඒ අනුව, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල මාර්ගෝපදේශයන් ද සැලකිල්ලට ගෙන පාසල් ක්ෂේත්‍රය තුළ ඇතිවිය හැකි අයහපත් තත්ත්වයන් නිරීක්ෂණයට භාජනය කිරීම සඳහා එක් සතියක්, දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කරන ලදි.
මෙම තීරණය, සියලුම පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් සහ උපකාරක පන්ති විසින් ද අනුගමනය කරනු ඇතැයි, අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂා කර සිටී.
එසේ වුවද, තැපැල් ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් අදාළ දිනවල විවෘත කර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ රාජකාරී කටයුතු යථා පරිදි පවත්වා ගෙන යාම විදුහල්පතිවරුන්ගේ වගකීම බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.
02/07/2020
ජනපති රැව මැතිවරණයට එපා…...
පිවිසෙන්න -https://www.facebook.com/hitradio.lk/
පිවිසෙන්න - www.hitfm.lk
මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිතා නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබේ.
එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයින් කිසිවෙකුත් දේශපාලන වැඩ නොකළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
මැතිවරණ ප්‍රචාරණයට ජනාධිපතිවරයාගේ ඡායාරූපය භාවිතා නොකරන ලෙසත් රාජ්‍ය සේවකයින්ට දේශපාලනය නොකරන ලෙසත් තරයේ උපදෙස් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර තිබේ.
සියලු රාජ්‍ය සේවකයින් අදාළ උපදෙස් පිළිපදින බවට වග බලාගන්නා ලෙස ද ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo