Truth by Asanka
තව අවුරුදු 50 ක් 100 ක් ඇතුලත අද මේ වීඩියෝව නරඹන සියලු දෙනා නිසැකවම මෙලොව අතහැර යනු ඇත.
අද ඔබ ඉතා ආශාවෙන් උපයා සපයා තැනූ ගෙවල්, මිළදී ගත් යාන වාහන ඉඩම් ඇතුලු සියලු වස්තුව ඔබ දිනෙක හැරදා යා යුතුය. ඔබ හැදුන වැඩුන, කුඩාකල කෙලිදෙලින් ගත කල, දෙමාපියන් මිත්තණියන් දරුවන් සමග සිනහවෙන් ගත කල තැන් ඔබට ආගන්තුක වනු ඇත.
කර්මයට අනුව ඔබ තැනූ මාළිගාව අසල නැවත ඔබ ඉපදුනහොත් නැවතත් එවන් මාළිගාවක් තැනීමට ඔබ සිහින දකිනු ඇත. පෙර ආත්මයේ ඒ ඔබේ මාළිගාවා බව ඔබට මතක නැත.
ඔබ මේ භෞතිකය වෙනුවෙන් කෙතරම් සටන් වැදුනද මේ සියල්ල දිනෙක විනාශ වනු ඇත, මරණය සියල්ල ඔබගෙන් උදුරාගනු ඇත.
ඔබ ජීවත්ව සිටින කල කෙතරම් ආදර්ණීය පුද්ගලයකු උවත් කිසිවකුත් ඔබව නිවස තුල වලදමන්නේ නැත. ගෙදර ඉඩමේ වලදමන්නේ නැත. මිනිය කනත්තට දමා පැමිණ ඔවුන්ගේ ජීවිත ඉදිරියට ගෙන යාවි.
හත් දවස, තුන් මාසය, අවුරුද්ද, අවුරුදු තුන වන තුරු සොහොන් පිටියේ පහන් දල් වාවි. ඉන්පසු ඔවුන්ට එය සදහටම අමතක වනු ඇත.
ඔබ රජකම් කල රාජදානියට අලුත් උරුමක් කරුවන් බලා සිටී. සමහර විට ඔවුන් ඒවාට සටන් කරාවි. ඔබ මෙහි සිටියාද කියාවත් කිසිවකු නොදනී.
දිනෙක යමෙකු ඔබගේ රාජධානියේ නටබුන් පවා බිමට සමතලා කොට ඔවුන්ගේ මන්දිරය ඒ මත ගොඩනගනු ඇත.
මෙලොව කිසිවක් ස්ථිරසාර නැත.සියල්ල හැරදා යා යුතුයි.
මිය යන බව දැනගෙන ජීවත් වන්න. සමාජ මාධ්‍ය තුල පෝස්ට් එකක කමෙන්ට් එකකින් වත් තවත් කෙනෙකුට වෛරය, ඊර්ෂ්‍යාව, කුහක කම පතුරවන්නට එපා.
මන්ද මිය ගිය පසු පින ලැබෙනවා සේම, ඔබ ලියූ කමෙන්ටුවක් කියවන වාරයක් පාසා නිසැකවම පවද ඔබට අනුමෝදන් වනු ඇත.
ඔබට නුරුස්සන දේ නොදැක්කා සේ යන්න. සිත අකම්පිත කරගන්න. ලෝකසත්වයා කෙරෙහි අනුකම්පාවෙන්, මෛත්‍රීයෙන් බලන්න. මිය යන බව දැන ජීවත් වන්න.
තෙරුවන් සරණයි🙏🙏
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo