Commonwealth Local Government Conference 2019 - Sri Lanka
25/09/2018
පොදු රාජ්‍ය මණ්ඩලයේ පළාත් පාලන සංසදය - 2019
නිල එළි දැක්වීම l
පළාත් පාලන ආයතන විෂයයන් පිළිබඳව ප්‍රමුඛතාවය ලබා දෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ අනුබද්ධ ආයතනයක් ලෙස එහි කාර්යය වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ පළාත් පාලන සංසදයයි.
1995 දී පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම සංසදය පිහිටුවීමට යෝජනා විය. 2003 වර්ෂයේදී අනුබද්ධ ආයතනයක් ලෙස එය පිළිගන්නා ලදී. මෙම සංසදය එක්සත් ජාතින්ගේ සංවිධානයේ නොයෙකුත් ආයතන හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘති මඟින් ද පිළිගෙන ඇත. තවද, අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන විසින් ද පිළිගෙන ඇත.
පොදු රාජ්‍ය මණ්ඩලයේ අනුබද්ධ ආයතනයක් ලෙස මෙහි කාර්යය භාරය වන්නේ පළාත් පාලන ආයතන ව්‍යුහය තුළින් පළාත් පාලන ක්‍රමවේදය වැඩි දියුණු කිරීමයි. මෙම සංසදයේ සංවර්ධන ක්‍රියාවලිය පහත ආකාරයෙන් බෙදී ඇත.
1. යහ පාලනය සහ පළාත් ප්‍රජාතන්ත්‍රවාදය වැඩිදියුණු කිරීම.
2. අත්දැකීම් හුවමාරු කර ගැනීම
3. ධාරිතා සංවර්ධනය
පොදු රාජ්‍ය මණ්ඩලයේ පළාත් පාලන ආයතන සංසදයේ තිරසාර නගර ජාලය මඟින් මෙම පොදු රාජ්‍ය මණ්ලයේ ව්‍යුහය තුළින් පළාත් පාලන ආයතන වල නියෝජිතයින් හා නගරාධිපති සම්බන්ධතාවය ඇති කරයි.
නාගරීකරණයට හා සංවර්ධනයට මෙමඟින් රුකුළක් වේ. පහත දැක්වෙන ක්ෂේත්‍රවලට එය මැදිහත් වේ.
1. යහපාලනය හා බලය විමධ්‍යගත කිරීම
2. නගර ආයෝජනය හා නාගරික වෙළඳාම
3. සුහුරු නගර ඇති කිරීම
4. නගරයේ සංහිඳියාව හා පැවැත්ම ඇති කිරීම
පොදු රාජ්‍ය මණ්ඩලයේ ශක්තිය වන්නේ එහි ඇති ප්‍රසිද්ධ සාමාජිකත්වයි.
පළාත් පාලන ආයතන සංසදයේ ව්‍යුහය වන්නේ මධ්‍යම පළාත් පාලන ආයතන වලින් පත්වූ 21 දෙනෙකි. ඔවුන් නියෝජනය කරන්නේ ආසියාව, අප්‍රිකාව, ලතින් ඇමරිකාව සහ යුරෝපා රටවල්ය. පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල ප්‍රධානීන්ගේ රැස්වීමෙන් පසුව පැවැත්වෙන ප්‍රධානම උත්සව අවස්ථාවයි. මෙහිදී දෙවසරකට වරක් පොදු රාජ්‍ය මණ්ඩලයේ පළාත් පාලන ආයතන සංසදයේ තේමාව යටතේ රාජ්‍ය ප්‍රධානීන්, ඇමතිවරුන්, නගරාධිපතිවරුන් සහ ඡන්දයෙන් පත්වූ පළාත් පාලන ආයතන නියෝජිතයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා අනෙකුත් වෘත්තිකයින් එයට රැස් කෙරේ. 2017 වසරේදී මෝල්ටා රාජ්‍යයේ වැලේටා නගරයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලයේ පළාත් පාලන ආයතන සංසදයේ තේමාව අනාගතයට උචිත වන සේ සාධනීය පළාත් පාලන ආයතනයක් බිහි කිරීම සඳහා සම්පත් හා ධාරීතාව යන්නයි.
2019 පොදු රාජ්‍ය මණ්ඩලයේ පළාත් පාලන ආයතන සංසදය කොළඹදී පැවැත්වීමට නියමිත බව පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශය සාඩම්බරයෙන් ප්‍රකාශ කර සිටී. මේ අවස්ථාව හිමි කර ගන්නේ අයර්ලන්තයේ බෙල්ෆර්ස්, රුගන්ඩාවේ කිගාලි මෙය පැවැත්වීමට ඉල්ලීම් කර තිබියදීය.
මෙම සංසදය පවත්වනු ලබන්නේ 2019 ජුනි මස 11 සිට 14 වන දින දක්වාය. එහි තේමාව වන්නේ පුරවැසියා කේන්ද්‍ර කර ගත් පළාත් රාජ්‍යයක්: මෙමඟින් සාමාජීය හා ආර්ථික වෙනස්කම් ඇති කිරීම.
මෙම සංසදයේ මහා සභා රැස්වීම හා ජාත්‍යන්තර සම්මේලනය සාමාජිකයින් 600 දෙනෙකුට වඩා සහභාගී වීමට නියමිතය. මෙම අවස්ථාව බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Union Place
Colombo
00200