Protect Sri Lanka
27/03/2026
රටේ වන අලි සම්පතත්, පරිසරයත් විනාස වෙලාම යන දවස අත ළඟයි.. ආනන්ද සාගර හිමිගෙන් අනාවරණයක් | My Vision ලාංකීය දේශපාලනයේ අනාගත දිශානතිය පිළිබඳව අපක්ෂපාතී සබුද්ධික තතු විත්ති විමසුමක රික්තය පුරවාලනු වස් ...එකී අභිලාෂ....
19/03/2026
නිවාස වහල මත සූර්ය බල ව්‍යපෘති කඩාකප්පල් කර හම්බන්තොට අලි නිජබිම් රක්ෂිත අක්කර දහස් ගණනක් වනසා මහා පරිමාණ සමාගම් 30කට සූර්ය බල ව්‍යාපෘති සඳහා රජය අවසර දී තිබේ. මෙය කුමණ අමනෝඥකමක් ද?
අද වන විට සමාගම් කිහිපයක් සීනුක්කුගල, ඔරුකෙන්ගල හා කපාපුවැව ප්‍රදේශවල වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ අලි – ඇතුන් ජීවත් වන වනාන්තර අක්කර 1000 ක් පමණ ඩෝසර් යන්ත්‍ර මගින් එළි කිරීම හා ගිනි තැබීම සිදු කරමින්, එල්ලෙන විදුලි වැටවල් මගින් වනාන්තර ආවරණය කරමින් දැවැන්ත වන විනාශයක් සිදු කර තිබේ. එම හානි කර ක්‍රියා සිදු කිරීම දුදූ ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Dudu International Pvt Ltd), නිධන්යා ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Nidhanya International Pvt Ltd), ටානු ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Tanu International Pvt Ltd), ටනිෂ් ඉන්ටනැෂනල් පුද්ගලික සමාගම (Tannish International Pvt Ltd), ඔරියන් සෝලා පුද්ගලික සමාගම (Orion Solar Pvt Ltd), එවර්නිව් එනර්ජි පුද්ගලික සමාගම (Everrenew Energy Pvt Ltd) හා ඒෂියන් සෝලා පුද්ගලික සමාගම (Asian Solar Pvt Ltd) යන සමාගම් මඟින් සිදු කරයි.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo