BOOM.lk
26/01/2020
මාර්ටිනාත් මමත් මහමග අපේ ජීවිතය කරගගෙන, කිලෝමීටර් ලක්ෂ ගණනක් සංචාරය කර ඇත. ඒ අතර කාන්තාර, මිනිස් පුළුටක් නැති තැනිතලා, කැළෑ වැනි දුෂ්කර පරිසරයන් හරහා සංචාරය කොට ඇත්තෙමු. මේ අප යන ගමන අප කැන්දාගෙන යන්නේ, අයාලේ යාමට ඇති කැමැත්ත නොව, අපගේ ලස්සන ලෝකය තව තවත් හොඳින් හඳුනා ගැනීමේ ආසාවයි.
අප අපේ විශ්මය ජනක ලෝකයේ අපූරු අත්දැකීම් නොසෑහෙන්න විඳ ඇත්තෙමු. අපි ඒ අත්දැකීම් ඉදිරියේ සතුටට ඉකි ගසා අඬා ඇති වාරද, මොර දිදී සිනාසුන වාර අනන්තය. විටෙක අප දැඩි රස්නයෙනුත් ඒවාගේම දැඩි සීතලෙනුත් පීඩා විඳින්නෙමු. නූලෙන් ජීවිතය බේරාගෙන ඇත්තෙමු. මහමග, වෙනෙකෙක් මගේ දෑත් උඩ අවසන් සුසුම් හෙලනවිට, වේදනාවෙන් මිරිකුණු අවස්ථාද තිබුණි.
වරෙක අපි විශ්මය මැවූ දෙවියන් සමගත්, ඇහැට පෙනෙන ගතට දැනෙන ස්වභාව ධර්මයා සමගත් තර්ක කරමු. ජීවිතය යනු කුමක්දැයි විග්‍රහ කිරීමට වෙර දරමු.
නමුත් සඳ නැති රැයක, මිනිසුන් ජීවත් නොවන ඈත පෙදෙසක හුදකලා වී, අහසේ බැඳී ආලෝකය විහිදෙන වියනක් සේ දිස්වෙන තරු දැක, මුසපත් වන අපට, පරම සත්‍යය යනු උභතෝකෝටික ප්‍රශ්නයක්වෙන්නේ, විද්‍යාව විහිළුවක්සේ පෙනේනේ, විශ්වය සමග සසඳනවිට අපි, තල්මසෙකුට වැලිකැටයක් සේ, කාන්තාරයකට වැටෙන එකම එක ජල බිඳක්සේ පෙනෙන නිසාය.
ඔබ කවුද? මම කවුද? යන්නේ අද්‍යාත්මික අර්ථකථනය තව ගැඹුරට විග්‍රහ කිරීම පසෙක තබන අප, ඊට වඩා ප්‍රායෝගික දෙයක් ගැන විමර්ශනය කරමු. ඒ, විශ්වයේ වැදගත්ම දේ කුමක්ද යන්නයි. එයට ලැබුණු උත්තරය ගැන ඔබද මා සමග එකඟ වනු ඇතැයි සිතමි. විශ්වයේ වැදගත්ම දෙය නම්, ජීවිතයයි. ජීවිතය සන්තර්පණය කල හැකි වැදගත්ම දේ කුමක්ද? එයනම්, සුර්යාලෝකයවත්, ජලයවත් නොවෙයි. එයනම් ආදරයයි!
පින්තුරය කසාක්ස්ථානයේදී ගත එකකි.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo