Tap.lk

Tap.lk

Share

18/11/2024

නයිකා ගුහාව,

මෙක්සිකෝවේ චිහුවාහුවා හි පිහිටා ඇති නයිකා ගුහාව, සෙලිනයිට් ස්ඵටික ලෙස හඳුන්වන ඛනිජ ස්ඵටික සහිත ලෝකයේ විශාලතම ස්වභාවික ස්ඵටික කිහිපයක නිවහන වේ. 2000 දී සොයා ගන්නා ලද මෙම ගුහාව පොළවෙන් මීටර් 300ක් පහළින් පිහිටා ඇති අතර එහි දිග මීටර් 12 ක් දක්වා වූ යෝධ විනිවිද පෙනෙන ස්ඵටික වලින් පිරී ඇති අතර එහි බර ටොන් 55 ක් පමණ වේ. මෙම ස්ඵටික අතිශය නිශ්චිත තත්වයන් යටතේ වසර සිය දහස් ගණනක් වර්ධනය වී ඇත.

යෝධ ස්ඵටික සෑදීමට හේතු වූයේ ගුහාවේ ඉහළ උෂ්ණත්වයන් 45 සහ 50 ° C අතර පවත්වා ගැනීම සහ ඛනිජ වලින් පොහොසත් භූගත ජලයයි. මෙම උණුසුම් පරිසරය ජලයේ දියවී ඇති ඛනිජ බදාම සෙමෙන් ස්ඵටිකීකරණය වීමට ඉඩ සලසන අතර පසුව ආකර්ෂණීය සෙලනයිට් ස්ඵටික සාදයි. ගවේෂණ සඳහා ගුහාව විවෘත කළ විට, සීතල වාතය මෙම ස්ඵටික වර්ධනයට බාධා කර ඇත.

ඉහළ උෂ්ණත්වයන් සහ ආර්ද්‍රතාවය නිසා විශේෂ උපකරණ නොමැතිව මිනිසුන්ට එම ස්ථානය අනතුරුදායක වන බැවින් නයිකා ගුහාව නැරඹීම අතිශයින් සීමා කර ඇත. එසේ වුවද, Naica ස්ඵටික පෘථිවි පෘෂ්ඨයට යටින් සැඟවී ඇති ස්වභාව ධර්මයේ බලය සහ ක්රියාවලීන් පිළිබඳ දුර්ලභ දර්ශනයක් ලබා දෙමින් වඩාත් අසාමාන්ය භූ විද්යාත්මක සොයාගැනීම් වලින් එකක් නියෝජනය කරයි.

05/06/2024

ලෝක පරිසර දිනය අද

ලෝක පරිසර දිනය අදට (05දාට) යෙදී තිබේ. ‘Land Restoration, desertification and drought resilience’ යන්න මෙවර පරිසර දින තේමාවයි. එය ‘ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායී දෙරණක්’ ලෙස පරිසර අමාත්‍යාංශය මගින් සිංහලට නගා ඇත. මතු පරපුර වෙනුවෙන් පරිසරය සංරක්ෂණය කිරීම පිළිබඳව ලෝක වාසී ජනතාව දැනුවත් කිරීමට සහ දිනෙන් දින පැනනගින ගෝලීය පාරිසරික ගැටලු පිළිබඳව ලෝක නායකයින්ගේ හා ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානය යොමුකරවීම ලෝක පරිසර දින සැමරුමේ අරමුණයි.
1972 ජුනි මස 5 වැනිදා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී ආරම්භ වූ මානව පරිසරය සුරකීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ සමාරම්භක සමුළුවේදී ගත් තීන්දුවට අනුව වාර්ෂිකව පැවැත්වෙන ලෝක පරිසර දින සමුළුවට අදට වසර 52 ක් සපිරේ. මේ නිමිත්තෙන් වන ජාතික සැමරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පරිසර අමාත්‍යාංශයේ සහභාගිත්වයෙන් අද (05) පෙරවරු 11 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.

28/05/2024

ශාරුක්ගෙන් ගාම්බීර්ට හිස් චෙක් එකක්!

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනූ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කළ ගෞතම් ගාම්බීර්ට අවශ්‍ය තරම් මුදලක් ලියා ගන්නා ලෙස දක්වමින් එම කණ්ඩායමේ හිමිකරු සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් විසින් හිස් චෙක් පතක් ලබාදී ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.
කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට තෙවැනි වරටත් අයි.පී.එල්. ශූරතාවය හිමි කර ගැනීමට ගාම්බීර් විසින් කරන ලද කැප කිරීම අගය කරමින් ශාරුක් ඛාන් එසේ ක්‍රියා කර ඇති බව වාර්තා වේ.
නයිට්රයිඩර්ස් කණ්ඩායම හමුවේ අවසන් මහා තරගයේ දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයට පත් වූ අතර ජයග්‍රාහී නයිට්රයිඩර්ස් කණ්ඩායමට ශූරතා කුසලානය සමග ඉන්දීය රුපියල් කෝටි 20 ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 72 ක් පමණ) හිමි විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද ජයග්‍රාහී කොල්කටා කණ්ඩායමේ සාමාජිකයෙක් වේ.
තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 12.5 ක මූල්‍ය ත්‍යාගයක් හිමි වුණි. තරගාවලියේ වීරයා ලෙස සුනිල් නරේන් සම්මාන ලැබීය.
අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර පන්දු වාර 18 පන්දු 3ක් තුළ සියලු දෙනා දැවී ඔවුන් ලබා ගත් ලකුණු 113 පන්දුවාර 10යි පන්දු 3ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ඉක්මවා යෑමට කල්කටා ක්‍රීඩකයෝ සමත් වූහ.
කොල්කටා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මිචල් ස්ටාර්ක් ලකුණු 14 කට කඩුලු 2ක් ලබාගැනීමට සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය ද ඔහුට හිමි විය.
මේ අනුව කොල්කටා කණ්ඩායම අවස්ථා 4කදී අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්ව ඇති අතර ඉන් අවස්ථා තුනකදී (2012, 2014 සහ 2024) ශූරතාව හිමිකර ගැනීමට සමත්ව ඇත.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


PO BOX 06 EKALA
Colombo
11350