Sanchaarakaya

Sanchaarakaya

Share

13/09/2025

එදා පා ගමනේ දෙවෙනි දා. මඩමේතොටින් ලිං තුන බලා පිටත් වෙන්නයි තිබුණේ. ආරවල් එමට මුණගැහෙන දවසක්. කොහොමින් කොහොම හරි ළිං තුනට යන්න එගොඩ වෙන්න ‌ඕන විසාල ආරක්. මතක විදියට අතුරු මිතුරු ආර. අඩි පහක් විතර සමහරක් තැන්වල පොව්වනවා. දනක් එරෙන මඩ. ගමන් මල්ල මම වගේ අඩක් විතර බරයි. ඒකත් කර පින්නාන ආරෙන් ගියොත් මල්ල වතුරේ. ඒක ස්ථීරයි.

වෙලාව පහ හමාරත පහු වෙලා. කීයටවත් ආර වටෙන් යන්න දැන් බෑ. ඒ වෙද්දිද් කුළු හරක් ඇවිත්. අන්තිමේ අපි තීරණය කලා දෙපාරකට අපේ බඩු ගෙනියන්න. බාගයක් අරං ගිහිං තියලා ආයේ ඇවිත් ඉතිරිය ගෙනියන්න. එහෙම හිතාන දැං බඩු ලැහැස්ති කරනවා. අපි දැං ඉන්නෙත් වැවි පිටියක. අලි සළකුණු ඕනෑතරම්.

පසුවට ගෙනියන මල්ල පඳුරක තියලා අනික ඔළුවේ තියාගන්න හදද්දිම වතුර ට්‍රැක්ටරයක සද්දේ ඇහුනා. මල්ල බිමින් තියලා බැලුවා කොහෙන්ද එන්නේ කියලා. ළිං තුන දිහාවට යන ඒකක්. දෙවියෝ එව්වා වගේ දර ගෙනියන එකක්. පාරට පැනලා කොහොම හරි නවත්ත ගත්තා.

එතුමට කතා කරලා අපේ ගමන් මලු ට්‍රැක්ටරයට පටවලා අපි ආපිට හැරුනා අතුරු මිතුරු ආරට එගොඩ වෙන්න. කඩවුලේ.... වයසක තාත්තා කෙනෙක් ආරෙ වැටිලා මදිවට මඩේත් එරිලා. කවුරු දැක්කත් හිතන්නේ ඒ තාත්තා නිනවා කියලා. හිතින් මවා ගන්න හිටිය විදිය.

මම දුවලා ගියා, එක අඩියයි අතුරු මිතුරු ආරට තිබ්බේ බණ්ඩක්කා හොඳයි. මාත් බිම. ආයෙම නැගිටලා සීරුවට ගියා සීයා ගාවට. ළගට ගිහින් බලද්දි ඒ තාත්තගේ බෑග් දෙකේම වතුර. කොහොම හරි තාත්තව නැගිට්ටවලා බෑග් දෙකෙ වතුර අයින් කරලා වැව් පිටිය දිහාවට ගෙනාවා. සීයා වෙව්ලනවා. ආරේ මඩත් එක්ක ඔට්ටු වෙන්න තියා හිතන්නවත් බෑ. එතරං වයසයි. ඇවිත් තියෙන්නේ තනියම. ඒ මිනිස්සු මාරම හයියයි. වතරෙ ඉඳලා ගොඩට එන ටිකට මට හිතුනේ එහෙම.

සීයගේ වෙලාවට තවත් වතුර ට්‍රැක්ටරයක් ආවා. දැන් වෙලාව හයයි. සීයාව ට්‍රැක්ටරයට ගොඩ කරලා මමයි දුලානුයි ආපිට ආරට බැස්සා. පහල රූපරාමුවේ කුඩාවට ඉන්නේ ඒ තාත්තා. දවල් වෙලාවේ ඉඳලා අපි අතරේ පැද්දි පැද්දි ඇවිත්. රූප රචනාව පෙළ ගස්සද්දී දැක්කේ. මේ සිදුවීමට ආසා නිසාම තමයි මේ පාර රූපරචනාවේ පිටකවරයටත් දැන්මේ.

මම සංචාරකයා...

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo