Home Nursing Service

Home Nursing Service

Share

22/08/2021

ඔබව වටින අපෙන් ඔබට වටින උපදෙසක්,

කෝවිඩ් වසංගතය ආරම්භයේ සිටම වසංගත තත්ත්වයේ පැතිරීම මෙන්ම නවතම විද්‍යාත්මක සාක්ෂි මත ආරක්ෂක උපක්‍රම යාවත්කාලීන කිරීම ඉතාමත් වැදගත් කටයුත්තක් වනවා.

පවතින වසංගත තත්ත්වය යටතේ මෙන්ම නවතම විද්‍යාත්මක සාක්ෂි වලට අනුකූලව අප පැළඳිය යුත්තේ mask එකක්ද, එකකට වඩා පැළඳීමෙන් වාසියක් තිබේ ද යන්න බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්.

සෞඛ්‍ය සේවකයින් ඇතුළු කෝවිඩ් රෝගීන් සමග කටයුතු කරන පුද්ගලයින් පළදින N95 වර්ගයේ මුව ආවරණ නිවැරදිව මුහුණට සියලු දාර ස්පර්ශ වී ඇති ආකාරයට පළඳින විට එය මතින් අමතර මුව ආවරණයක් පැළඳීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ.

Surgical mask භාවිතයේ දී වෙන්න පුළුවන් ගැටලුවක් තමයි පිටත දාරය දිගේ ඇතැම් තැන්වල මුහුණත්, මුව ආවරණයත් අතර හිඩසක් තිබීම. Surgical mask එකක් භාවිතා කිරීමේදී, එයට පිටතින්, අමතර රෙදි මුව ආවරණයක් පැළඳීමෙන්, මේ විදිහට ඇතිවන හිඩැස් අවම කරගන්න පුළුවන් නිසා ඇතැම් අය එසේ කරනවා. මේ ක්‍රමය වසංගත තත්ත්ව පාලනයට කෙතරම් දුරකට උපකාරී වේද යන්න පිළිබඳ නිශ්චිත විද්‍යාත්මක සාක්ෂි තරමක් දුරට මුල් අවස්ථාවේ පවතිනවා. ලෝකයේ ඇතැම් මහජන සෞඛ්‍ය ආයතන මගින් මෙම උපක්‍රමය පහුගිය කාලවල දී නිර්දේශ කරනු දක්නට ලැබුණි.

රෙදි මුව ආවරණයක් පැළඳීම, කිසිදු මුව ආවරණයක් නොපළඳිනවා ට වඩා ඉතා ආරක්ෂාකාරී ක්‍රමයක්. රෙදි මුව ආවරණයකින් ලැබෙන ආරක්ෂාව එහි ඇති ස්තර ගණන මෙන්ම එය සාදා ඇති අමුද්‍රව්‍ය මතත් තීරණය වෙනවා. ඉතා වැඩි අවදානමක් ඇති අවස්ථාවක, වැඩිපුර ආරක්ෂාවක් අවශ්‍ය විටෙක ඉහත සඳහන් කළ ආකාරයට surgical mask එකක් පැළද ඊට පිටතින් රෙදි මුව ආවරණයක් පැළඳිය හැක.

දිනෙන් දින වඩ වඩාත් පරිණතවන විද්‍යාත්මක සාක්ෂි පදනමක් මත ඔබ වෙත ගෙන එන මෙම නිර්දේශ යාවත්කාලීන කිරීමට අපි බැඳී සිටිනවා.

මෙවන් අවස්තාවකට මුහුන දෙන කාලපරිච්ඡේදයක ඔබගේ ආදර්නීයන් ආරක්ශා කරගැනීම ඔබගේ වගකීමයි,

18/08/2021

COVID රෝගියෙක් නිවසේදි රුකබලාගන්නේ කෙසේද.

ලංකාවේ මේ වනවිට කොවිඩ් සඳහා වෙන්කෙරුනු රෝහල්වල / විශේෂ කොවිඩ් මධ්‍යස්ථාන වල මෙන්ම ශික්ෂණ රෝහල් වල කොවිඩ් වාට්ටු වලත් ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොමැති වීම නිසා රෝගීන්ට රෝහලක් ලැබෙන තෙක් හෝ
ඇතැම් විට සම්පූර්ණ දින 14 ක කාලයම නිවසේම රැඳී සිටින්නට සිදුවෙනවා.

මෙවැනි අවස්ථාවක කෝවිඩ් රෝගියෙකු රැකබලා ගැනීම පිළිබඳව බොහෝ ගැටලු සමාජය තුළ මතු වී තිබෙනවා.
අවාසනාවකට මේ සමග බොහෝ මිත්‍යා මතත් පැතිරීගෙන යනවා .

1) #වාර්තාව

PCR පොසිටිව් වීමට පසු නොව, PCR පරීක්ෂණය සිදු කිරීමට මත්තෙන්ම බහුතරයක් කලබල වෙනවා. මූලිකව ඔබ අවබෝධ කරගත යුත්තේ, හොඳ සිහියෙන්, සියල්ලට මුහුණ දෙනව මිසක් ,කලබල වීමෙන් සිදුවන්නේ ඔබ අවට ඔබේ නිවැසියන් සහ ඇතැම් විට ඔබේ කුඩා දරුවන් ඒ ඔස්සේ කරදරයට පත් වීමයි. මේ කලහකාරී හැසිරීම් නිසා ඇතැම් කුඩා දරුවන් සුලු වශයෙන් විශාදය වැනි තත්ත්වයන්ට පවා ලක් වී තිබෙනවා.

2) #රෝගලක්ෂණ

බහුතරයක් රෝග ලක්ෂණ රහිත වන අතර රෝග ලක්ෂණ ඇති අය අතරින් බහුතරය, දිනකීපයකදී සාමාන්‍ය තත්ත්වයට පත්වන අතර සතියකින් සම්පූර්ණ සුවය ලබන බවත් වාර්තා වනවා.

3) #වෙන්වෙන්න

🔴 PCR/ RAT වාර්තාවක් ලබා ගන්නට උපදෙස් දෙන්නේ හෝ ඔබ විසින්ම ඒ සඳහා යොමු වන්නේ යම් සැකයක් ඇතිව බැවින් ඊට පෙර සිටම හැකි නම් වෙන් වෙන්න.
🔴 මෙය නිවැරැදිව කල යුත්තේ වෙනම කාමරයක් සහ වෙනම වැසිකිලියක් සංකල්පය තුල වුවත්, නිවසේ ඔබට ඇති පහසුකම් අනුව වෙනස් කරගන්න පුළුවන් .

උදාහරණයක් විදිහට,

🔴 නිවසේ හොඳින් වාතාශ්‍රය ලැබෙන එක් කොටසක් ඉටිකොල වලින් තාවකාලිකව වෙන් කර, සෙසු ප්‍රදේශ සමඟ අවම වශයෙන් අඩි හයක දුරක් සහිතව, රෝගියාට පහසුවෙන් සිටින්නට හැකි ලෙස නිදන ඇඳ සහ පුටුවක් ලබා දෙන්න. 🛏️
🔴 ජනේලයක් අසල ඇඳ සකස් කර තබා, ඇඳ ඉදිරිපිට ජනේලයට මුහුණ ලා ඉඩකඩක ෆෑන් එකක් තබනවා නම් වාතාශ්‍රයේ ඇති කෙල බිඳිති නිවාස පරිශ්‍රයේ එක්කාසු වීම අවම කරගන්නට පුළුවන් . 🛌
🔴 රෝගියා නිවසේ අන් ස්ථාන වල ගැවසීම ඉදිරි දින 14 දක්වාම නවත්වන්න.
🔴 හොඳින් වැසිය හැකි කුණු දමන භාජනයක් හෝ පියනක් සහිත බාල්දියක් රෝගියා ආසන්නව තබන්න.
🔴 සෙම් ,සොටු පිසදමන ටිශූ , ආහාර වලින් ඉවතදමන දෑ ,වමනය ඇතුලු සියල්ල ආරක්ශාකාරීව එම බාල්දියට පමණක් දැමිමට රෝගියා යොමුකරවන්න.
🔴 නිවසේ බල්ලන් පූසන් වැනි සුරතල් සතුන් සිටිනවා නම් ඔවුන් රෝගියාගේ පරිශ්‍රයට යාම වළක්වන්න . 🐶🐱
🔴 නිවැසියන් සියල්ල එකම වැසිකිලියක් භාවිතා කරනවා නම් රෝගියා භාවිතා කිරීමෙන් පසු විශබීජ නාශකයක් මගින් එය ඉතා හොඳින් පිරිසිදු කල යුතුයි. 🚽
🔴 හොඳ වාතාශ්‍රයක් ලැබෙන ලෙස වැසිකිලියේ සහ නාන කාමරයේ සියළු ජනෙල් විවෘතව තබන්න. 🛁

4) #රෝගියා රැකබලා ගැනීම

🔴 රෝගියාගේ ඇඳුම් පැලදුම්, වතුර බෝතල්, කෝප්ප වෙන් කර රෝගී පරිශ්‍රයේ පමණක් තබන්න.
🔴 කිළිටි රෙදි පවා රෝගියා විසින්ම සෝදා ගැනීම වඩාත් උචිත වුවත් එසේ කිරිම අපහසු වටපිටාවක නම් නිවසේ තෝරා ගත් එක් නිරෝගී පුද්ගලයෙක් පමණක්
ආහාර / තේ / බෙහෙත් ලබා දීම, රෙදි සේදීම සහ රෝගියා පිරිසිදු කිරිම මෙන්ම වැසිකිලිය සහ නාන කාමරය පිරිසිදු කිරීම සඳහා යොදවන්න.
🔴 රෝගියා බලා ගන්නා පුද්ගලයා, නිවැරැදි ලෙස මාස්ක් භාවිතා කරන්න.( හැකිනම් මුව ආවරණ දෙකක් භාවිතා කරන්න )
🔴 ග්ලවුස් භාවිතා කිරීම සහ රෝගියා මෙන්ම ඔහුගේ බඩුබාහිරාදිය ඇල්ලීමෙන් පසු හොඳින් පිරිසිදු වි නිවැසියන් අතරට යෑම ඉතාම වැදගත්.
🔴 නිවසේ pulse oxymeter එකක් ඇත්නම් එය රෝගියාගේ මහපට ඇඟිල්ලට සම්බන්ධ කර බලන්න. අවම වශයෙන් Spo2 95 - 96 % ප්‍රමාණයක්වත් ඇත්දැයි කල්පනාවෙන් බලා ඉන්න.
🔴 උණ සහ අනිකුත් දත්ත අගයන් දිනපතා පොතක සටහන් කරන්න.
🔴අනතුරුදායක අවස්ථා ගැන කල්පනාකාරී වන්න.

5) #අනතුරුදායක අවස්ථා ⚠️️⚠️️⚠️️
( Dr. Sanjeevani Pathirane )

⚠️️ (1) හුස්ම ගැනීමේ අපහසුතා.
(ඔබට pulse oxymeter එකක් තියනවා නම් එහි අගය 95% ට අඩු වනවා නම් එය අනතුරුදායක වෙන්න පුළුවන් )
⚠️️ (2) දිගටම පවතින පපුවේ වේදනාව හෝ බර ගතිය.
⚠️️ (3) අධික නිදිමත ගතිය හො අවදිවිමේ අපහසුතා.
⚠️️ (4) සිහිකල්පනාව අවම වීම.
⚠️️ (5) සමේ හෝ නියපොතු වල පැහැය වෙනස් වීම.
⚠️️ 6) අධික උණ, පාචනය, වමනය හෝ ආහාර ප්‍රතික්ශේප කිරීම.

6) #මාස්ක්/මුව ආවරණ

⚠️️තමාටම වෙන්වූ කාමරයක වෙනම සිටිනවා නම් රෝගියා තනිව සිටින අවස්තා වලදී, මුව ආවරණ පැළඳ සිටීම අනිවාර්ය නැහැ.හැබැයි එකම නිවසේ වෙන් කරගත් කොටසක නම් කල්පනාවෙන් !

⚠️️රෝගියා රැකබලාගන්නා සමඟ මුහු වන සෑම අවස්ථාවකම දෙදෙනාම, එනම් රෝගියා සහ රැකබලා ගන්නා යන දෙදෙනාම මුව ආවරණය හොඳින් පැළඳ සිටිය යුතුය.
රැක බලාගන්නා ග්ලවුස් පැළඳීම වඩා සුදුසුයි.

7) #රෝගී කාමරයෙන් පිට වන ආකාරය

✅ වැඩකටයුතු නිම වීමෙන් පසු ග්ලවුස් ගලවා කුණු භාජනයට දමන්න.
✅ ඉන්පසුව, අත් සැනිටයිසර් එකෙන් පිසදා මුව ආවරණය කන දෙපස නූල් ඉරීම මගින් ඉවත් කර, කුණු භාජනයකට දමන්න.
✅ කිසිවිටෙක මුව ආවරණය මැදින් අල්ලා ඉවත් නොකරන්න.
✅ ඔබේ දෑත් සබන් ගා ගලායන වතුරෙන් තත්පර විස්සක්වත් සෝදන්න.
✅ රෝගියාගේ මළමුත්‍රා, කෙළ, සෙම සහ රෝගියා විසින් පරිහරණයට ගෙන ඉවත දමන සියල්ලේ වෛරස් කොටස් රැඳි තිබිය හැකි නිසා මේ සියළු අපද්‍රව්‍ය කුණුවලකට දමා එවෙලේම ගිණි තියන්න.
✅ නා පිරිසිදු වී නිවස තුලට යන්න.

😎 #කුඩාදරුවන්

🧒 එකම නිවසේ රැඳී සිටින විට කුඩා දරුවන් වෙන්ව තැබීම ඉතා අපහසුයි .
🧒 යමක් අවබෝධ කරගත හැකි මට්ටමේ නොවන දරුවන් හැමවිටම ඔබේ ඇස්මානයේම තියාගන්න.
🧒 ලොකු දරුවෙක් නම් රෝගී තත්ත්වය තේරුම් කරදෙන්න ඔබට පුළුවන්.
🧒 නහය හිරවීමක් වැනි තත්ත්වකදී වෛද්‍යවරයකු නිර්දේශ නොකලේ නම්, දුම් ඇල්ලීම් හෝ විටමින් වර්ග පෙවීම අවශ්‍ය නැහැ .
⚠️️⚠️️⚠️️ දුම් ඇල්ලීම එහෙමත් නැත්නම් steam කිරීමට යාම මගින් දරුණු පිළිස්සීම් වලට ලක්වූ බොහෝ කුඩා දරුවන් පහුගිය දිනවල අපට රෝහල්වලදී හමු වුන බව මතක තියාගන්න.
⚠️️⚠️️⚠️️ ප්‍රතිශක්තිකරණය යනු අවුරුදු ගණනාවක් තිස්සේ එක්කාසු කරගන්නා අභ්‍යන්තර ජීව විද්‍යාත්මක සංසිද්ධියක් මිසක් එකවර දින කිහිපයක් හෝ සති කිහිපයක් හරහා වර්ධනය කර ගත දෙයක් නොවන බවත් මතක තියාගන්න.

9) #බෙහෙත්

🔴 උණ හෝ ඇඟපත වේදනා සඳහා (පැරසිටමෝල් ඇලජි නොවන රෝගියෙක්ට) පැරසිටමෝල් පැය හයෙන් හයට ලබා දෙන්න පුළුවන්.
🔴 දිගුකාලීනව සායන හරහා බෙහෙත් ලබාගන්නා රෝගියෙක් නම් ඒ බව ඔබේ පවුලේ වෛද්‍යවරයා හෝ 1990 දුරකථන හා සම්බන්ධ වන වෛද්‍යවරයකු සමග සාකච්ඡා කර එම බෙහෙත් දිගටම ලබාදෙන්න.
⚠️️ බෙහෙත් වල යම් වෙනස් කිරීමක් කළේ නම් ඒ බව සායන පොතේ පැහැදිලිව ලියා තබන්න .
🔴 වෛරස් රෝගයකට නිශ්චිත බෙහෙත් වට්ටෝරුවක් නොමැති වුවත්, වෛරසයක් හරහා දුර්වල වන ශරීරයට ඇතුල් වන බැක්ටීරියා මගින් ඇතිවන ද්වීතීක රෝග වලට යම් ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය වන බැවින් උණ සමග වෙනත් රෝග ලක්ෂණ මතු වනවා නම්, වෛද්‍යවරයකු අමතන්න .

10) #ආහාර

🍎 පෝෂ්‍යදායි ආහාර ලබා දෙන්න
🍎 උණ හෝ පාචනය ඇත්නම් ජීවනි සහ දියර වර්ග වැඩිපුර දෙන්න.
🍎 නිවැසියන්ද නිරෝදායනය වන්නන් බැවින් ආහාර ගැනීමේදි ඔබගේ අන්‍යොන්‍ය දුරස්ථ භාවය රැක ගන්න.

11) #හංගන්න එපා ඒවගේම හැංගෙන්නත් එපා

❌ නිවසේ කොරෝනා ආසාදිත රෝගියෙක් සිටින බව PHI ට වගේම අසල්වාසීන්ට දැනුම් දෙන්න.
හිතවත්කමට රඹුටන් මල්ලක් ගෙන එන ඔබේ හිතවතුන්ට කොරෝනා වෛරසය බෙදන්න එපා‼️
❌ වාහනයේ නැගී ඔබ නොදන්නා කඩවල් වලට ගොස් රිසි සේ සාප්පු සවාරියේ යෙදී වගකීම් විරහිත ලෙස හැසිරෙන්න එපා‼️
රැකියා ස්ථාන වලට දැනුම් දී නිවාඩු අනුමත කරගන්න.
❌ නිරෝධායන නීති හරියට පිළිපදින්න.

12) #දින 14 න් පසු

PHI හමු වී ඔබට අදාල කාඩ්පත් ලබා ගන්න. ෆැම්ලි ඩොක්ටර් හමුවී ඔබේ යම් ගැටලු හෝ ශාරීරික අපහසුතා ඇත්නම් ඒ ගැන සාකච්ඡා කරන්න, උපදෙස් ගන්න.

එළඹී ඇත්තේ ලංකාවේ ඉතා තීරණාත්මක කාල සීමාවක්.
එනිසා වගකීමක් සහිත පුරවැසියන් විදියට එක්වන්ව, එක්සිත්ව අනාගතයට මුහුණ දිම ඔබේත්, මගේත් වගකීමයි !
නිසි තීරණය, නිසි මොහොතේ ගන්න...
අපි කොරෝනාවෙන් මිදෙමු !!!
Dr. Sanjeevani Pathirane
Samadhi

08/08/2021

හිරිවැටීම ගැන ඔබ දැනගත යුතු හැමදේම..
දුරකථනය අල්ලාගෙන ඉන්න බැහැ අත හිරිවැවෙනවා, ඇවිදින්න බැහැ යටි පතුල් දෙකම හිරිවැටිලා, යටිපතුල් හරියට පුළුන් වගේ දැනෙන්නේ නැහැ, ඇඟේ කූඹි දුවනවා වගේ, ඉඳිකටු ඇනෙනවා වගේ, පිච්චෙනවා වගේ යනුවෙන් බොහෝ රෝගීන් පවසන්නේ අත් හා පාද වල හිරිවැටීමයි.

අත්පාද හිරිය නිසා වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක්‌ පීඩා විඳිමින් සිටිනවා.මෙය ශරීරය තුළ සැඟවී ඇති රෝග රැසක සංඥාවක්‌ වියහැකියි. හිරිවැටීම පිළිබඳව ඔබ සැලකිලිමත් නොවුනහොත් ඔබ අසරණ වන්න පුළුවන්.

හිරිය රෝග ලක්‌ෂණයක්‌ ලෙස දැනුනත් මෙය සමේ දැනීම පිළිබඳව වෙනස්‌වීමක්‌ හෝ දැනීම වැඩිවීමක්‌ ලෙස අපට හඳුන්වන්න පුළුවන්. ශරීරයේ කුමන හෝ ස්‌ථානයක මෙය ඇතිවෙන්න පුළුවන්. ඇඟිලිවල හෝ අතක හිරිවැටීමකට ප්‍රධාන ලෙස බලපාන්නේ අපේ කශේරුකාවේ ඉහළ කොටසේ අස්‌ථි 7කින් යුක්‌ත වූ ගෙල ප්‍රදේශයයි. ඒ වගේම අතේ ඇඟිලිවලට ඉහළින් පිහිටි මැණික්‌ කටු සන්ධියයි.

පාදවල හිරියට ප්‍රධාන ලෙස බලපාන්නේ අපේ කශේරුකාවේ පහළ කොටසේ කශේරුකා 5 හා ඊට පහළ කොටසයි. පිට ප්‍රදේශයේ කශේරුකාවේ වෙනස්‌වීමක්‌ වුවද හිරිය සඳහා බලපාන අවස්‌ථාවන් නැතිවාම නොවේ.

✅හිරිවැටීම ඇතිවිය හැකි හේතු කිහිපයක්

🔹අප නොසිතු මොහොතක සිදුවන අනතුරක්‌ , කැපීමක්‌ , තැලීමක්‌ , ගැස්‌සීමක්‌ නිසාත්

🔹අප නිරතවන වෘත්තිය අනුව මාංශ පේශි වල ප්‍රේරක ලක්ෂ නිර්මාණය වීම

🔹වයසට යාමත් සමඟම ඇතිවන කොදු ඇටපෙලහි කශේරුකා හා අස්ථි වල සිදුවන වෙනස්‌කම් නිසාත් හිරිවැටීම ඇතිවිය හැකිය.

🔹ආතරයිටිස්‌ වලදී අත්පාද ඇදවීම නිසාත්, කශේරුකාවේ කශේරුකා අතර පිහිටි අන්තර්කශේරුකා මඩල හෙවත් කාටිලේජ ගෙවීයාමක්‌ , පැතලි වීමක්‌ , තෙරපීමක්‌, කශේරුකා එකිනෙකට ලිස්‌සා යාමක්‌ අධිවර්ධනයක්‌ , කාටිලේජ ඉදිරියට නෙරා ඒමත්, යන හේතු කාරණා නිසා බොහෝවිට හිරිය ඇතිවීමට පුළුවන්.

මේ සෑම දෙයක්‌ම සුළුවෙන් පටන් අරන් වර්ධනය වීමේදී ඒ හරහා යන ස්‌නායුවලට බලපෑමක්‌ ඇතිවීම මගින් රෝග ලක්‌ෂණයක්‌ ලෙස හිරිය පටන් ගන්නවා. රෝගය වර්ධනය වූ විට හිරිවැටීමත් සමඟම දරාගත නොහැකි වේදනාවත් නිසා බොහෝ ලෙස පීඩා විඳීමට සිදුවෙනවා.

✅අත් වල හිරිවැටීම

බෙල්ලේ කශේරුකා අතර වෙනස්‌වීමක්‌ දැනෙන හිරිය (C5)-බෙල්ලේ සිට මැණික්‌ කටු සන්ධිය දක්‌වාත් ( C6)- බෙල්ලේ සිට මාපට ඇඟිල්ල දක්‌වාත් (C7) - බෙල්ලේ සිට දබර ඇඟිල්ල , මැදඇඟිල්ල දක්‌වාත් හරිය සමඟ වේදනාව ඇතිවිය හැක.මැණික්‌කටු සන්ධිය තෙරපීමකදී ඇතිවන වෙනස්‌වීම සමඟ හිරිය මාපට ඇඟිල්ල , දබර ඇඟිල්ල ,මැදඟිල්ල සමඟ 4වන ඇඟිල්ල දක්‌වා ඇතිවිය හැක.

✅පාද වල හිරිවැටීම

කොන්ද ආශ්‍රිත කශේරුකා වෙනස්‌විමකදී විශේෂයෙන්ම (L2)- කොන්ද මැද සිට කලවා උඩුකොටස ,(L3- කලවා හා දණහිස දක්‌වාද , (L4- කොන්දේ සිට මහපට ඇගිල්ල දක්‌වාද , (L5- කොන්දේ සිට පාදයේ සුලඟිල්ල හැර ඉතිරි ඇඟිලි හා විලුඹ කොටස , ( S1) - කොන්දේ සිට සුලඟිල්ල දක්‌වා යන ස්‌ථානවල වෙනස්‌වීමකදී හිරිවැටීම ඇතිවිය හැකියි.

✅හිසෙහි හිරිය ඇතිවීමට ගෙල ප්‍රදේශයේ ඇතිවන වෙනස්‌ වීම් , රුධිරය සැපයීමේ දුර්වලතා මෙන්ම මොළයේ හා ඒ අවට ලේ කැටි නිර්මාණය වීගෙන යාම හේතුවිය හැකියි.

ඉහත දැක්‌වූ කරුණුවලට අමතරව හිරිය සඳහා බොහෝ සාධක පවතිනවා.

🔹විටමින් ඌණතාවය (විටමින් B 1-6)

(සත්ව ආහාර නොගන්නා අයට විටමින් B 12 ඌනතාවය නිසා හිරිය ඇතිවිය හැකියි.)

🔹දියවැඩියාව

මෙවැනි තත්ත්වයන්ට හේතුවන්නේ ස්නායුව පටන් ගන්නා කොන්ද ප්‍රදේශයෙන් පහළට යන ස්නායුවල ඇතිවන දුර්වලතායි. විශේෂයෙන් දියවැඩියා රෝගියෙකු නම්, වැඩි සීනි සහිත රුධිරයෙන් පාදවල ඇති ස්නායු පෙඟී පෙඟී තිබෙන විට එම ස්නායුවල අගිස්ස පහසුවෙන් දුර්වල වෙනවා. මේ නිසා පළමුව රෝගීවන්නේ පාදයේ පහළම කොටසයි. කකුල් දෙකේ සමමිතිකව මේ තත්ත්වය දක්නට ලැබෙනවා.

මේ හිරිවැටීම අත්වලත් ඒ ආකාරයටම ඊට සමාන්තරව ඇතිවෙනවා. මෙයට හේතුව දියවැඩියාව පාලනය නොකිරීමයි. මේ හිරිවැටීම වළක්වා ගන්න නම් දියවැඩියාව පාලනය කළ යුතුයි. නමුත් මේ හේතුව නිසා ස්නායු දැඩිව හානියට පත්ව ඇත්නම් එය සම්පුර්ණ සුවයකට බාධා ගෙන දෙනවා.

🔹මත්පැන් පානය

🔹නහර ගැටගැසීම

🔹තයිරොක්‌සින් හොර්මොනයේ අසමතුලිතතාවය

🔹සමහර ගන්නා වූ ඖෂධ වල අතුරු ආබාධ නිසාත් හිරිවැටීම ඇතිවිය හැකියි.

ඇඟේ කූඹි දුවනවා වගේ, ඉඳිකටු ඇනෙනවා වගේ, පිච්චෙනවා වගේ යනුවෙන් බොහෝ රෝගීන් පවසන්නේ මේ හිරිවැටීමයි.මේ පිළිබඳව අපි සැලකිලිමත් නොවුනහොත් සිදුවන්නේ අධික වේදනාකාරී තත්වයක්‌ ඇතිවීමයි. නිසි ප්‍රතිකාරයක්‌ නොලැබුණහොත් ශල්‍යකර්මවලට පවා මුහුණදීමට සිදුවනු ඇත.

ඉහත සඳහන් කළ පරිදි හිරිය / හිරිවැටීම රෝග ලක්‌ෂණයක්‌ වන අතර එය රෝගයක අනතුරු සංඥාව හැඳින්විය හැකියි. එබැවින් එවැනි ලක්ෂණ දීර්ග කාලයක් තිස්සේ ඔබ අත්විදින්නේ නම් වෛද්‍යවරයකු හමුවීම ඉතා යෝග්‍යවේ.

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kirimandala Mawatha
Colombo
10250

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 12:00
Sunday 08:00 - 12:00