Wealth Doctor

Wealth Doctor

Share

16/08/2022

වැඩමුළුව ට සහභාගි වීමට අදහස් කරන අය පහත Group යට ඇතුලත් වන්න.
https://chat.whatsapp.com/DuSavzHaCOmC7v61N16Brp
🔴 මේ වසර මුල සිට අඛණ්ඩව කොළඹ කොටස් වෙළෙදපොල මිල ගනන් පහළ අගයන් වෙත ක්‍රමයෙන් ළඟා විය.නමුත් යම් ස්ථාවරත්වයක් රට තුල ‌ගොඩනැගීමේ පෙරසළකුණු සමග ‌පසු ගිය මාසසේ මුල සිට කොටස් වෙලෙදපොල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරයි.
🔴 ඉතින් යම් අයෙකු කොටස් වෙළෙදපොල ට පිවිසීමට අදහස් කරගෙන සිටී නම් මේ අවස්ථාව සුදුසුම අවස්ථාව වනු ඇත.මන්ද යත් මේ වන විට වටිනා මිල ගනන් වලට කොටස් මිලට ගත හැකි වීමත් රටේ අනාගත ස්ථාවරබාවය තහවුරු වන විට එම කොටස් වල මිල ගනන් ඉහළ යන බැවිනි.
ඔබ කොටස් වෙලෙදපොල ට පිවිසෙන්නේ නම් ඒ පිලිබඳව විධිමත් දැනුමක් සහිතව පිවිසිය යුතුය.
🔴 අප මෙම වැඩමුළුව තුලින් ඔබට අවශ්‍ය එම විධිමත් දැනුම හා මඟ පෙන්වීම ලබා දෙනු ලබන අතර ඉන් පසුව ඔබට ප්‍රායෝගිකව තනිව කොටස් වෙලෙදපොල ගනුදෙනු කරගෙන යාමේ හැකියාව ලැබෙනු ඇත.
🚫 මූලික දැනුමක් අවශ්‍ය නැත.
🚫 සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු 2500/= කි.
#කොටස්වෙළෙඳපොල #ආයෝජනය

24/04/2022

වැඩමුළුව⁣ට සහභාගි වීමට අදහස් කරන්නේ නම් පහත Group යට ඇතුලත් වන්න.

https://chat.whatsapp.com/JRYheTAtAIECGc6eHOlDOt

ස්ථාවර තැන්පතු පොළී අනුපාත තිබුනාට වඩා දෙගුණ වී ඇත.බැංකු, ෆිනෑන්ස් කම්පැනි ද තමන් ඉහළ පොළී අනුපාත දෙන බව පවසමින් තරඟයට මාර්කටින් කැම්පේන් සිදු කරයි.
පවතින ආර්ථික තත්ත්වය තුල ආයෝජනයට අදහස් කරන ඔබටද නිවැරැදි තීරණයක් ගැනිමට නොහැකිව ඇත.

The Finance,ETI වැනි ආයතන වල මුදල් යොදවා ලද අමිහිරි අත්දැකීම් ජනතාවට අමතක කරද නැත.නමුත් ඉහල පොළී අනුපාත දුටු විට සමහරුන්ට සියල්ල අමතක වෙන බවද දකින්නට ඇත.

ඉහළ පොළී අනුපාත වලින් පමණක් ආයතනයක් තෝරා ගැනීමෙන් ඔබ අනිවාර්යයෙන් අවදිනමට ලක් වනු ඇත.ස්ථාවර තැන්පතුවක් කිරීමට පෙර ඔබ සලකා බැලිය යුතු කරුණු කාරණා රාශියක් පවතී.එම දැනුවත්බාවය ලබා ඔබ ආයෝජනයට යොමු වන්නේ නම් අවදානම අවම කර ගත හැකිය.
ඔබ මෙම වැඩමුළුව ට සහභාගි විය යුත්තේ එම නිසාය.අප ඔබට අවශ්‍ය පරිපූර්ණ දැනුවත්භාවයක් ලබා දෙන්නෙමු.ඊට අමතරව තවදුරටත් ඔබට අවශ්‍ය නම් පුද්ගලික මඟ පෙන්වීමද කරනු ඇත.

#ස්ථාවරතැන්පතුපොළී #ආයෝජනය

23/04/2022

⛔ මොකක්ද මේ උද්ධමනය කියන්නේ (Inflation)

අපි පාවිච්චි කරන භාණ්ඩ හා සේවා වල මිල ගනන් අඛණ්ඩව ඉහළ යාම තමයි උද්ධමනය කියන්නේ.උදාහරණයක් විදිහට ගිය අවුරුද්දේ අපි රුපියල් 100 ට මිලට ගත් හාල් කිලෝව දැන් මිලට ගන්නේ රු 200 කට.හාල් වල මිල දෙගුණ වෙලා.උද්ධමනය 100% ක්.

මේ විදිහට අපි පාවිච්චි කරන සියළුම භාණ්ඩ හා සේවා වල මිල පහුගිය කාලයේ ඉහළ ගිහින් තියෙනවා.

⛔ උද්ධමනය නිසා අපට,රටට මොකක්ද වෙන්නේ?

මේ විදිහට මිල ගනන් ඉහල යන එකෙන් සිද්ධ වෙන ප්‍රධානම අවාසිය තමයි අපේ අතේ තියෙන සල්ලි වලින් ගන්න පුළුවන් බඩු ප්‍රමාණය අඩු වෙලා යන එක.මොකද බඩු වල මිල වැඩි වෙන නිසා අද අපි රුපියල් 100 කින් කරන දේවල් ලබන අවුරුද්දේ රු 100 කින් කරන්න බැරි වෙනවා.ඒ කියන්නේ සල්ලි වල වටිනාකම දිනෙන් දින අඩු වෙලා යනවා කියන එක.

සාමාන්‍යයෙන් වෙන්නේ රටේ පවතින උද්ධමන අනුපාතිකයට අනුව අතේ තියෙන සල්ලි වල වටිනාකමත් අඩු වෙන එක.ඒ කියන්නේ රටේ උද්ධමන අනුපාතිකය 20% නම් අද රු 100 කින් කරන දේවල් ලබන අවුරුද්දේ කරන්න රු120 ක් යනවා කියන එක.මේ විදිහට සල්ලි වල වටිනාකම අඩු වෙන එක වැඩියෙන්ම බලපාන්නේ ස්ථාවර වැටුප් ලබන්නන්ට වගේම ඉතිරි කරන්නන්ට.ඒ වගේම සල්ලි ණයට දෙන අයටත් මේ උද්ධමනය නරක විදිහට බලපානවා.තව මිනිස්සුන්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙන්න අඩු වෙන්න ජීවන තත්ත්වයත් පහල වැටෙනවා.

⛔ උද්ධමනයක් ඇති වෙන්නේ කොහොමද?

උද්ධමනයක් ඇති වෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා.

✅ ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය (Demand-push inflation)

මෙතනදි වෙන්නේ ජනතාව අතර ගැවසෙන සල්ලි වැඩි ප්‍රමාණය වැඩි වෙලා වෙළෙද පොලේ භාණ්ඩ හා සේවා වලට අධික ඉල්ලුමක් ඇති වෙලා ඒකෙන් මිල ගනන් ඉහළ යන එක.ජනතාව අතර ගැවසෙන මුදල් ප්‍රමාණය ඉහළ යන්නේ රටේ තියෙන සමස්ත භාණ්ඩ හා සේවා වටිනාකමට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ආර්ථිකයට මුදා හැරීම තුලින්.ඒ කියන්නේ විශාල ප්‍රමාණයෙන් සල්ලි අච්චු ගහලා එළියට දාලා කියන එක.
අපිත් දැන් මේ ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනයකට මුහුණ දිලා ඉන්නවා.ඒ්ක පාලනය කරන්න තමයි මහ බැංකුව පහු ගිය දවසක තැන්පතු හා ණය පොළි අනුපාත ඉහළ දැම්මේ .ඒ්කෙන් ආර්ථිකයේ තියෙන සල්ලි ටික බැංකු පද්ධතියට ඇදිලා එනවා වගේම මිනිස්සු ණය ගන්න පෙළඹෙන එකත් අඩු වෙනවා.එතකොට ආර්ථිකයේ සංසරණය වෙන මුදල් ටික ටික අඩු වෙනවා.

✅ පිරිවැයෙන් තල්ලු වුන උද්ධමනය (Cost-push inflation)

මෙතනදි වෙන්නේ තෙල් මිල ඉහළ යාම,වැටුප් ඉහළ යාම,නිෂ්පාදන වියදම් ඉහළ යාම නිසා භාණ්ඩ හා සේවා වල මිල ගනන් ඉහළ යන එක.අවාසනාවකට අපි මේ වෙනකොට පිරිවැයෙන් තල්ලු වුන උද්ධමනයටත් මුහුණ දීලා ඉන්නවා.මේ උද්ධමනය පාලනය කර ගන්න රජය නිෂ්පාදකයන්ගේ වියදම් අවම කර ගන්න උදව් කරන්න වෙනවා.නමුත් අපේ රටේ එහෙම දෙයක් වෙන බවක් නම් පේන්න නෑ.

⛔ උද්ධමනය මනින්නේ කොහොමද?

උද්ධමනය මනින්නේ මිල දර්ශක වලින්.එතනදි බලන්නේ තෝරා ගත්ත බඩු ලැයිස්තුවක මිල ගනන් කාලෙන් කාලෙට සාපේක්ෂව වැඩි වීම.ලංකාවෙත් උද්ධමනය මනින්න මිල දර්ශක දෙකක් පාවිච්චි කරනවා ඒ කොළඹ පාරිභෝක මිල දර්ශකය හා ජාතික පාරිභෝගික මිල දර්ශකය.මේ දෙකෙන් සාමාන්‍යයෙන් භාවිතයට ගන්නේ ජාතික පාරිභෝගික මිල දර්ශකය.මහ බැංකුව කියන විදිහට මේ මිල දර්ශකය අනුව අපේ රටේ උද්ධමනය 22.5%ක්.ප්‍රායෝගිකව අප අත්විදින තත්ත්වයන් එක්ක මේ අගය පිළි ගන්න පුළුවන්ද කියන එක වෙනම හිතලා බලන්න වෙනවා.කොහොම උනත් ජෝන්ස් හොප්කින්ග්ස් විශ්ව විද්‍යාලයේ මහචාර්ය Steve Hanke කියන විදිහට ලංකාවේ උද්ධමනය 75% ක්.

⛔ උද්ධමනයක් රටක ආර්ථිකයකට නරකද?

සාමාන්‍යයෙන් රටක ආර්ථිකයක සාමාන්‍යයෙන් 2% ක පමණ උද්ධමනයක් පැවතීම ගැටළුවක් නොමැති බවයි පිළිගැනීම.එහෙත් ඉහළ උද්ධමනයක් පැවතීම රටකට අන්තිම නරකයි.ඒ් වගේම උද්ධමනයේ පවතින අදියරයන් අනුව රටක උද්ධමනය හදුනාගන්න පුළුවන්.

⛔ උද්ධමනයේ විවිධ අදියරයන් හතරක් හදුනා ගන්න පුළුවන්

🐍 බඩගාන උද්ධමනය (Creeping Inflation)
2% ක් 3% ව‌ගේ පවතින උද්ධමනය තමයි මෙහෙම හදුනා ගන්නේ

🚹 ඇවිදින උද්ධමනය (Walking Inflation)
3% ත් 10% ත් අතර වගේ තියෙන උද්ධමනය තමයි මෙහෙම හදුනා ගන්නේ.මේ ගානට එන කොට ඒ්ක පාලනය කරන්න මැදිහත් වෙන්න උවමනායි.

🐎 දුවන උද්ධමනය (Galloping Inflation)
10% පැන්නට පස්සේ උද්ධමනය හදුන්වන්නේ මේ විදිහට.මෙතන දුවනවා කියනටවත් වඩා සුදුසුම වචනේ පනිනවා කියන එක.මොකද මේ වගේ උද්ධමනයක් අශ්වයෙක් දුවනවා වගේ වේගයෙන් යනවා කියලයි කියන්නේ.මේ වගේ උද්ධමනයක් ආවට පස්සේ රටකට වෙන්න පුළුවන් නරකම දේවල් වලින් 50% කට වඩා වෙලා ඉවරයි.

📈 අධි උද්ධමනය (Hyperinflation)
උද්ධමනය 20% පැනපු ගමන් හදුන්වන්නේ මෙහෙම.උද්ධමනයේ නරකම තැන තමයි මෙතන.මොකද මේ වගේ උද්ධමනයක් ඇති උනාම මිල ගනන් රොකට් වේගයෙන් ඉහළ යනව කියලයි කියන්නේ.නවතින තැන හිතා ගන්න බැරිව.සාමාන්‍යයෙන් මාසයකට 50% කින් විතර උද්ධමනය ඉහල යෑමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ලෝකයේ අතීතයේ මේ අමිහිරි අත්දැකීම් විදපු රටවල් තමයි 1920දී ජර්මනිය,2000 දී සිම්බාවේ,2010 දී වෙනිසියුලාව.
මේ වෙනකොට ඉරානය,ලෙබනනය,සූඩානය,යේමනය වගේ රටවල් මේ අමිහිරි අත්දැකීම විදිනවා.දැන් අපේ රටත් මේ ලැයිස්තුවට එක්වෙලා තියෙනවා.

ඒ් කියන්නේ අපි 🇱🇰 දැන් ඉන්නේ අධි උද්ධමන කාරි තත්ත්වයක.අපිට වෙන්න පුළුවන් නරකම දේ වෙලා ඉවරයි.ඉදිරි මාස කිහිපයේදි අපේ රටේ උද්ධමනය ඉතා ඉහළ අගයකට යන එක නවත්වන්න පහසුවෙන එකක් නෑ.🚫🚫🚫

©️ AMITH SRI PATHUM DESHAPRIYA

Want your business to be the top-listed Finance Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00