Vehicle Lovers

Vehicle Lovers

Share

23/01/2026

දන්නවද ආදරේ නීතිය...? දැනුන තරමට රිදෙනවා 😇❤️ #ආදරේ

23/12/2025
15/09/2025

ඔයා දැන් මට නිකන්ම නිකන් මනුස්සයෙක් විතරයි!

මම දැන් ඔයාව අහම්බෙන් වත් දකින්න කැමති කෙනෙක් නෙමෙයි.. කාලෙකට කලින් ඔයාගෙ මූණ නොබලා ඉන්න බැරිවුණු මට දැන් ඔයා නිකන්ම නිකන් මනුස්සයෙක් විතරයි.. මම ප්‍රාර්ථනා කරනවා අහම්බෙන් වත් මට ඔයාව ආය දකින්න ලැබෙන්න එපා කියලා ... ඔයාව දකිනකොට හයියෙන් ගැහුන මගේ පපුවෙ දැන් හීනි දුකක්වත් නෑ .

මට හිතෙන්නේ ඔයා මාව රිද්දපු ප්‍රමාණය හොදටම වැඩී.. 💔🙏

13/08/2025
24/07/2025

කාගෙ හරි
මිනිහෙක්ට
ආදරෙයි කියන එක
හෙන ලොකු කමක් නෙමෙයි බන්...

ගෙදර ගෑ/ණිට හොරා
වෙන ගෑණු එක්ක
හුරතල් වෙන එකත්
පිරිම් කම නෙමෙයි බන්...

ඉන්න බැරිනම්
නම්බුකාරව වෙන් වෙයන්
ඒක වටිනවා බන්...

ගොඩක් ගෑ/ණු
ගෙවල් ඇතුලෙ
උන්ට විසාදය බන්...

දරුවෙක්ට
බාරේ බැහැලා යන්න බෑ
උ/ඹේ අම්මා මෙහෙමයි
තාත්තා මෙහෙමයි
උන් එතකොට අසරණයි බන්...

අනුන්ගෙ
දරුවන්ට
අනුකම්පා කරන්න කලින්
තමන්ගෙ දරුවට
වෙයන් හොඳ අම්මෙක් අප්පක්....

දැනුන තැන කිය කිය
කාගෙ හරි
මිනිහෙක්ට,ගෑ/ණියෙක්ට
ලංවෙලා පවුලක් ම විනාශ කරන එක බන්..

හෙ/න ගහන
අපරාද
ගහන්නෙ වැහි නැතුව බන්....

අඩුපාඩු
නැති එකෙක් නෑ
ගෙදර එකාගෙ,එකීගෙ
අඩුපාඩු හදාගෙන
ඉවසීමෙන් මේ ගමන පලයන්...

බැරිම නම්
දික්කසාද කරපන්
එකෙක් ගේ ඇතුලෙ තියන්
තව උන් හුරතල් නොකර රහසින් ....

හෑලි නම් ඇති
ලිය ලිය
අනුන්ගෙ
මිනිහෙක් ගෑ/ණියෙක් අල්ලන්...

උන් බන් අර
පොඩ් එකා විසික්කරපු
අම්මට,අප්පට
වඩා හපන්...

01/07/2025

ඒ/කිව ඩිවොස් කරන්න
මගෙ පෙම්වතිය
කිව්වම
මට ඒක අහන්න සිද්දවුනා...

ලෝයර්
කෙනෙක් ගාවට ගිහින්
අවශ්‍ය කටයුතු
සූදානම් කරා....

මට ඩිවොස් එක ඕන
මං ගෙදර ඇවිත්
ටිකක් සද්දෙන් කිව්වා...

ඔලුව වැනුවා විතරයි
ඒකත් මට
සතුටට හේතුවක් වුනා...

තාත්තෙ කන්න
බත් පංගුව ගෙනත්
පොඩි පුතා මට දුන්නා...

ඔයා කෑවද
කවදාවත් නැතුව
මට ඒක අහන්න හිතුනා...

නෑ
ඔච්චරයි ලු හාල් තිබුනෙ
අම්මා කිව්වා තාත්තා ට දෙන්න කියලා
කොල්ලා කියද්දි මං ඇස් ඉස්සුවා...

දවල්ට කෑවෙ මොනවද
හිතේ දහසක්
පැන ගැට ගැහෙද්දි ආය ඇහුවා...

එහා ගෙදරින්
ඉල්ලලා මටයි අයියාටයි
අම්මා බත් දුන්නා
මගේ බඩ පපුව පත්තු උනා...

අම්මා කෑවේ නැද්ද
කොල්ලා නෑ කියන්න
ඔලුව දෙපැත්තට වැනුවා...

කුස්සියට ගිහින්
නිකම්ම ට වගේ
ඔලුව දාලා බැලුවා...

ළුණු ගෙඩියක්
මිරිස් කරලක් තියා
පහේ බෝතලුත් හිස් වෙලා තිබුනා...

මාස කීයක්
මං ඇයට සල්ලි නොදී හිටියද
තියන විදිහකට කාපන්
කී සැරයක් මගෙ කටින් කිව්වද...

අලුතින් හම්බවන කෙනාට
දහස් ගාණක් වියදම් කරද්දි
මගේ ගෙදර අය බඩ ගින්නෙ ඉදලා...

මං එබුනෙ අපෙ කාමරේට
ඒකත් හරියටම
මාස හයකට පස්සෙ...

ඇය බෑග් එකකට
රෙදි අහුරනවා
ඒ අතර වැටෙන කදුළු පිහදානවා....

අම්මා මොකක්ද කරන්නෙ
මං ඇහුවෙ
ලොකු පුතාගෙන්...

අපි ගෙදරින් යනවලු
රෙදි ලෑස්ති කරනවා
එතකොට මට මතක් උනේ
ඩිවොස් එක ඕනි කිව්ව බව....

කොහෙද යන්නෙ
ආත්තමලාගේ දිහාද
මං ඇහුවෙ කුතුහලයෙන් ...

නෑ ආත්තම්මා
අපි එක්ක එනවට කැමති නෑ
අම්මට විතරක් එන්න කිව්වලු
මහ පාරට හරි යමු කිව්වා...

ලොකු පුතා කිව්වම
මගේ හිත
මටම දොස් පවරන්න උනා...

ඇය කෙල්ලෙක් විදිහට
මං ලඟට ආවේ
ඇයව අම්මා කෙනෙක් කරේ මං ...

දරුවන්ගෙ වගකීම්
ගේ දොර වැඩ
සියල්ල ඇය කරේ තනියෙන්..

ඇයට ආදරය
දෙනවා වෙනුවට
මං ආදරයක් හොයාගෙන
මං දහ අතේ උදේ වෙනකම් කල්පනා කරා ....

මධූ අපි මේක
නවත්තලා දාමු
අවසානෙ මං තීරණය කට ආවා...

පිස්සුද
ඔය ටිකට ඕකි ඉනාවක් දුන්නද
අර හිඟන පැටවු ගැන
අනුකම්පා හිතුනද...

ඇය කේන්තිට කියවන් යද්දී
ඇයටත් නොදැනී යට සැඟවුන
චරිතය උඩට ආවා...

මේ මොහොත වෙනකම්
පැටියෝ සුදූ කිව්ව
හුරතල් වචන සිහිවුනා ....

තවත් මුකුත්
කියන්නට පෙර
මං පෝන් එක කට් කරලා
ඔෆ් කරලා දැම්මා..

යමු ටවුන් එකට
මං ගොඩක් කාලෙකට පස්සෙ
ඇයට කතා කරා...

ඇය ඇඳන් ආපු
ඇඳුම දැක්කම
මට මං ගැනම ලැජ්ජා හිතුනා...

වෙන එකක් නැද්ද
ඉරුණු තැන්
තුන හතරක්ම
ඇය අණ්ඩ දාලා තිබුනා...

ඇය හිනා උනා
ඒ හිනාවේ
බොහෝ දේවල් පැවසුවා..

අපිත් එන්නද
ලොකු පුතා අහද්දි
මට මගේ දරුවො පවු කියලා හිතුනා...

යමු
ඔක්කොම එක්ක ගිහින්
ගෙදරට ඕන හැමදේම ගත්තා...

මාව ඩිවොස් කරන්නෑද
ඇය ඇහුවම
මං ඒ නළල ආදරෙන් සිප ගත්තා....

ඇයටත්
ඇඳුම් දෙක තුනක් අරන්
අපි ආපහු ගෙදර ආවා...

කෝ එහාට වෙන්න
දරුවො එක්ක
පොර අල්ල අල්ල
හිනාවෙවී ඇය උයන දිහා මං බලන් හිටියා..

මගෙ අතින්
කොයිතරම් ලොකු
අපරාධයක් ද වෙන්න ගියේ
මං පසු තැවෙන හිතින් හිතුවා...

බැන වැදිලත්
රංඩු කරලත්
ඩිවොස් වෙනවා කියලත්
පොඩ්ඩක් ආදරෙන් කතා කරාම
ඇගේ නැති උන හිනාව ආය ආවා...

මට සමාවෙන්න
මං මගේ දරුවන්ගෙ අම්මාගෙන්
හදවතින්ම සමාව ඉල්ලුවා......

...Copied✍️

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo