Ceylon Journal
10/05/2026
ඔහූගේ ආදර ෆර්මිනා වෙත,
මාරම හොද චරිතයක්ලු
ඒත් ආදරේට අවන්ක නැල්ලු
කොහොමද එහෙම වුනේ…..
උතුම් ගතිගුණ තියෙන මනුස්සයෙක්ගේ
කොහොමද ආදරේ විතරක් අවන්ක නොවුනේ…
වැරැද්ද කොතනද…?
මමත් ගියා ඒ වැරැද්දේ පැටලුන මුල හොයාගෙන
වැරැද්ද ඔයාගේ ෆර්මිනා…
ලස්සන හදවතක් තියෙන මනුස්සයෙක්ට නොතියෙන්න විදිහක් නැහැ අවංක හිතක්.
ඒ හිත හොද චරිතය ලග,
තිබුණු ආදර හිත
ඔයා සම්පූර්ණයෙන්ම විනාශ කරලා ෆර්මිනා…
ආදරය කියන උත්තරීතර හැගීම ඒ ජීවිතේ ඇතුලේ විහිලුවක් වෙන තරමට,
තවත් ගැහැණියකගේ පිවිතුරු ආදරය නොපෙනෙන තරමට,
ආදරය වෙනුවෙන් වැටෙන කදුලක උණුහුම නොදැනෙන තරමට,
ඒ හිත කුරිරු විදිහට මරලා දාලා.
හරිම අපරාදයක් ෆර්මිනා….
ගැහැණියකගේ හිත පිරෙන්න ආදරය කරන,
ආදරය,ආරක්ශාව,සතුට ගෙනත් දීලා මුලු ගෙදරක්ම සතුටින් පුරවන,
අන්තිම හුස්ම වෙනකන් ආදරයෙන් ලග රැදෙන,
හරිම කලාතුරකින් හමුවෙන,
හරි ලස්සන පිරිමි හිත
නිස්කාරනේ විනාස කරලා ෆර්මිනා….
ඔයා දන්නවද ඔයා කරපු වරදේ තරම,
ගැහැනු හිත් කීයක් විදවනවද දන්නවද ඔයා?
ඒ පිරිමි හිත ඔයා වෙනුවෙන් බලන් ඉන්න තරම දන්නවද?
ආදරේ ඇතුලේ දඩුවම් නෑ…
ඒත් ලබන ආත්මෙකදි ඒ ලස්සන හිත මුනගැහුනොත්,
නොදැක්ක වගේ යන්න ෆර්මිනා.
මට පුලුවන් ඒ හිත ආදරෙන් පුරෝලා අත් නොහැර සංසාරේ පුරාවටම ලගින් තියාගන්න…
✨🤍🍃
Navidi Muthunima✍️
08/05/2026
"ජීවිතේ හම්බවෙන මිනිස්සු එක්ක ගනුදෙනු කරද්දි,
ඒ අය කියන වචන වලින්, හැසිරෙන විදියෙන්,
ඔවුන් අපි එක්ක තියෙන මනුශ්‍ය සම්බන්ධතාවයේ,
ගැඹුර පිලිබදව ඉගියක් ඔවුන් ලබා දෙනවා.."
"gn කියන එකට වඩා,
Good night ! 🌙✨ කියන එකේ වෙනසක් තියෙනවා.."
"bye කියන එකට වඩා,
Byeeeeeeeeeeeee කියන එකේ වෙනසක් තියෙනවා.."
"sry කියන එකට වඩා,
Sorryyyyyyyyyy 😞 කියන එකේ වෙනසක් තියෙනවා."
"thanks කියන එකට වඩා,
Thank youuuuuu 😍 කියනt එකේ වෙනසක් තියෙනවා.."
"ඔව් පොඩි පොඩි දේවල් වගේ පෙනුනට,
මට හිතෙනවා මේ වගේ දේවල් වලින්,
මනුස්සයෙක් තවත් මනුස්සයෙක් වෙනුවෙන් ලබාදීලා,
තියෙන වටිනාකම, මනින්න පුලුවං කියලා.."
"ඒ විතරක් නෙවෙයි..
Msg එකට Reply එක එවන වෙලාවෙන්,
කතා කරන වචන වලට තමංගේ responsibility එකෙන්,
විශ්වාසයන් හා පොරොන්දු රකින එකෙන්,
මිනිස්සු අතර තියෙන ඕනෙම සම්බන්ධතාවයකට,
ඒ මිනිස්සු කොච්චර වටිනාකමක් දීල තියෙනවද,
කියලා ඉගියක් දෙනවා.."
"මේ වගේ දේවල් ජීවිතේදි ඕන තරම් වෙලා ඇති,
මිනිස්සුන්ට පුලුවං තවත් මනුස්සයෙක්,
තමංට දීල තියෙන වටිනාකම predict කරන්න.."
"පරිණත මිනිස්සු කවදාවත්,
තමංගේ Prediction එක ගැන,
අනිත් අයගෙන් ප්‍රශ්න කරන්නේ නෑ..
ගැටෙන්න යන්නේ නෑ..
සරලවම පනිවිඩය තේරුම් අරං,
ඒක Accept කරලා,
ඒ ගලායාමට සහයෝගය දීලා,
නිදහස් වෙනවා.."
🤍🍃✨
✍️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo