HIRU FM
13/06/2026
එදා වගේමයි, ඇගේ සුන්දරත්වයේ කිසිම වෙනසක් නෑ....
පුංචි තිරයේ අහිංසකාවිය නිල්මිණි තෙන්නකෝන්ගේ
අලුත්ම ෆොටෝ ෂූට් එක මෙන්න
පුංචි තිරයෙන් වගේම රිදී තිරය හරහාත් දශක ගණනාවක් තිස්සේ ප්‍රේක්ෂක ඔබව හමුවුණු, ලංකාවේ කාගේත් ආදරය දිනාගත් සොඳුරු රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියලා කියන්නේ. ලාංකීය කලා ක්ෂේත්‍රය ඇයව හැමදාමත් හැඳින්වූයේ "පුංචි තිරයේ අහිංසකාවිය" විදිහටයි.
ඉතින් කාලය කොච්චර ගෙවී ගියත්, නිල්මිණි තාමත් එදා වගේම හරිම ලස්සනයි. එයාගේ ඒ අව්‍යාජ හිනාව තාමත් ඒ විදිහටම හැඩයි. දවසින් දවස තාරුණ්‍යය රැකගනිමින් වඩාත් සුන්දර වන ඇය, පසුගියදා සිය මුහුණුපොතට අපූරු ඡායාරූප එකතුවක් එක් කර තිබුණා.
ඇගේ ලස්සන තවත් ඔප් නැංවෙන විදිහට කරපු මේ අලුත්ම ෆොටෝ ෂූට් එකට රසිකයින්ගෙන් ලැබෙන්නේ පුදුමාකාර ප්‍රතිචාරයක්. "කාලය ඔබට විතරක් නතර වෙලා වගේ" කියලා බොහෝ දෙනෙක් ඇයට කමෙන්ට් කරලා තිබුණා.
ඔයාලත් බලන්නකෝ එදා වගේම අදත් හැඩකාර, අහිංසකාවිය නිල්මිණිගේ මේ අලුත්ම පින්තූර එකතුව කොහොමද කියලා...
13/06/2026
"අම්මා කෙනෙක් නෙමෙයි දිව්‍යාංගනාවක්..."
අසනීප වුණු අම්මාව ඇස් දෙක වගේ බලාගන්න ශිරෝමිකා,
මුහුණු පොතට එකතු කළ ඒ වීඩියෝව
කලා ලෝකයේ කොයි කවුරුත් එක ලෙස ආදරය කරන, දක්ෂ මෙන්ම ගුණගරුක රංගන ශිල්පිනියක් තමයි ශිරෝමිකා ප්‍රනාන්දු කියලා කියන්නේ. අද ඇය ගැන සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහක් ඇතිවෙන්න විශේෂම හේතුවක් තිබෙනවා.
ඒ, ඇය සිය ආදරණීය මෑණියන්ව දෑස මෙන් රැකබලා ගන්නා ආකාරය දැක්වෙන ඉතාමත් සංවේදී වීඩියෝ පටයක් මුහුණුපොතට එකතු කර තිබීමයි.සිය මව වෙනුවෙන් කරන අපරිමිත කැප කිරීම ගැන ඇය ඒ වීඩියෝ පටය සමඟ තබා තිබූ සටහන කාගේත් දෑසට කඳුළු උනන සුලු වුණා.
ඇය තැබූ ආදරණීය සටහන මෙන්න:
"රෝහලේ ඉඳල බට ගලවලා ගෙදර ගෙනාවට පස්සේ දැන් මම මේ අවුරුදු තුනට මේ වගේ විසි පාරකට වැඩිය රෝහල් ගතකරලා අම්මව ජීවත් කරා. අම්මා කෙනෙක් නෙමෙයි දිව්‍යාංගනාවක්..."
ඇය සිය මව අමතන්නේ "සුදු මැණිකේ" කියලා හරිම ආදරෙන්. හරියට චූටි ළමයෙක්ට වගේ සලකමින්, අම්මා ළඟම ඉඳගෙන ඇගේ හිත සනසන්න බණ කතා කියාදෙන, පින් දෙන අයුරු ඒ වීඩියෝවේ දකින්න ලැබෙනවා. එය දකින, අහන ඕනෑම කෙනෙකුගේ හදවත උණු වී යනවා නොඅනුමානයි.
දෙමාපියන් මහලු වූ කල ඔවුන්ව මඟහරින වත්මන් සමාජයේ ජීවත්වන දරුවන්ට ශිරෝමිකා කියන්නේ මිල කළ නොහැකි වටිනා ආදර්ශයක් දෙන ගුණයහපත් දියණියක්. ගුණගරුක, සංවේදී සහ කරුණාවන්ත දියණියක් ඇතිදැඩි කිරීමේ වටිනාකම අද ඒ අම්මා ආදරයෙන් අත්විඳිමින් සිටිනවා.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
35th Floor, East Tower, World Trade Center, Colombo 01
Colombo
00100