SHEY

SHEY

Share

23/06/2026

ඇමරිකාව සහ ඉරානය ලෙබනනයේ සටන් අවසන් කිරීමේ උත්සාහයක කොටසක් ලෙස “ගැටුම්-අවම කිරීමේ සම්බන්ධීකරණ ඒකකයක් පිහිටුවීමට එකඟ වී ඇත.

මෙහි අරමුණ වන්නේ සටන් විරාමය නිරීක්ෂණය කිරීම, වැරදි අවබෝධතා හේතුවෙන් ඇතිවිය හැකි ගැටුම් වළක්වා ගැනීම සහ ලෙබනනයේ පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධීකරණය කිරීමයි.

මෙම එකඟතාවය ස්විට්සර්ලන්තයේ පැවති ඇමරිකා–ඉරාන සාකච්ඡාවල ප්‍රධාන ප්‍රතිඵලවලින් එකක් ලෙස සැලකේ.

කෙසේ වෙතත්, ප්‍රධාන අභියෝගයක් වන්නේ ඊශ්‍රායල අගමැකි බෙන්ජමින් නෙතන්යාහුගේ රජය සහ ලෙබනනයේ ක්‍රියාත්මක වන හිස්බුල්ලා මෙම සාකච්ඡාවල සෘජු පාර්ශ්වකරුවන් නොවීමයි.

එබැවින් මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න තවමත් පැහැදිලි නෑ.

දැනට ලෙබනනයේ සටන් විරාමය බොහෝ දුරට පවතින නමුත්, කුඩා උල්ලංඝන කිරීම් සහ ආතතිය තවමත් වාර්තා වෙමින් පවතී.

ඉරාන ඇමරිකානු සාම සාකච්ඡාවල අනාගතය රැදි ඇත්තේ ඊශ්‍රායලය අතය.

-

2026-06-22
Shehan Lakmal

23/06/2026

ප්‍රවේසම් වෙන්න ! ඩෙංගු මරාන්තිකයි !

ඊයේ (21) දිනයේදී ඩෙංගු රෝගීන් 1,069 ක් වාර්තා විය. මේ වසරේ එක් දිනක් තුළ රෝගීන් 1,000 කට වඩා වාර්තා වූ පළමු අවස්ථාව මෙය බන ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ පවසයි.

එබැවින් ඩෙංගු මර්දන වැඩසටහනේ නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි ජුනි මස 24, 25 සහ 26 යන දිනයන්හිදී ඩෙංගු මර්දන වැඩසටහනක් දියත් කිරීමට නියමිතය.

23/06/2026

ජපානයේ ජයිකා ආයතනයෙන් ලංකාවට සැහැල්ලු දුම්රිය වියාපෘතිය ප්‍රධානය කලාම, බඩු අරගන යන්න බෑ කියලා පිස්සෙක් කිව්ව කතාවක් අහලා ගෝථාභය රාජපක්ෂ එක අවලංගු කලා.

එතකොට මේ මෙ⁣ට්‍රෝ බස්වල වැරදි කිය කිය එක කඩාකප්පල් කරන්න හදලා ලොරි චැසි තියෙන කසි කබල් තහඩු ලෙලන්ඩ් බස් ටික පාරට දාගන්න හදන එකෙක්.

මුගේ ළමයි රට ගිහින් ඉගෙනගන මට්‍රෝ බස්වල , බුලට් ට්‍රෙන් වල එහේ මෙහෙ යද්දි හොදයි, එත් එ පහසුකම් ලංකාවට ගෙනත් මේ රටේ ළමයි එ බස්වල යද්දි අමාරුයි, ඉන්ඩ බෑ මුට.

මිනිහට තමන්ගේ නායක පට්ටමටත් ගැලවිලා වෘත්තීය සමිතියට කෙල වෙලා බස් ටික දුවාගන්න බැරුව බංකලොත් වෙයි කියලා බයයි,

අපි ලොරි චැසි උඩ යන ලදරම් ලෙලන්ඩ් , ටටා බස්වලද හැමදාම යන්න ඕනේ?

අපිට මෙට්‍රෝ බස් අකැපයිද ගැමුණු? අපි යන්න එපාද එවල? අපි තෙරපි තෙරපි යන්න ඕනේ ඔයාගේ ලොරි චැසි බස්වලද?

රටේ දියුණුවකට වලකපන මේ වගේ උන් ඉන්න නිසා තමයි අපි තාමත් දුප්පත්...

-

ෂෙහාන් ලක්මාල්
2026-06-23

23/06/2026

මතකද කොපිකඩේ...?

ඩිංගී...රත්නෙ...ගජං..

23/06/2026
21/06/2026

🔴මහරගම අපේක්ෂා රෝහලෙන් පරිත්‍යාගශීලීන්ට විශේෂ නිවේදනයක්: මහා පරිමාණ තැඹිලි දාන ජූනි 1 සිට තහනම්!

ජාතික පිළිකායතනයේ (අපේක්ෂා රෝහල) නේවාසික රෝගීන් වෙනුවෙන් දිනපතා පැවැත්වුණු මහා පරිමාණ තැඹිලි දාන වැඩසටහන 2026 ජූනි 1 වැනිදා සිට සම්පූර්ණයෙන්ම නවතා දැමීමට රෝහල් පාලනාධිකාරිය තීරණය කර තිබේ. දිනකට තැඹිලි ගෙඩි 1,000ත් 1,500ත් අතර ප්‍රමාණයක් රැගෙන ආ මෙම වැඩසටහන හේතුවෙන් ප්‍රතිශක්තිකරණය දුර්වල අසාධ්‍ය රෝගීන්ට සෞඛ්‍යාරක්ෂිත නොවන ලෙස තැඹිලි වතුර ලැබීම, බාහිර පුද්ගලයන් අවසරයකින් තොරව වාට්ටුවලට ඇතුළු වීම සහ රෝගීන්ගේ පෞද්ගලිකත්වයට හානි වන පරිදි ඡායාරූප/වීඩියෝ සමාජ මාධ්‍යවල පළ කිරීම වැනි බරපතළ ගැටලු රැසක් මතු වී ඇත. එමෙන්ම මෙම ක්‍රියාවලිය 1980 අංක 26 දරණ ආහාර පනතට පටහැනි වීම සහ රෝහල් පරිශ්‍රයේ අනාරක්ෂිත තත්ත්වයන් ඇති වීම ද මෙම තීරණයට හේතු වී තිබේ.

කෙසේ වෙතත්, රෝහලේ රෝගීන් සඳහා දෛනිකව සැබවින්ම අවශ්‍ය වන්නේ තැඹිලි ගෙඩි 100ත් 200ත් අතර ප්‍රමාණයක් බැවින්, එම අවශ්‍යතාව සපුරාලීමට පරිත්‍යාගශීලීන්ට තවදුරටත් අවස්ථාව පවතී. ඒ අනුව, රෝහල් ආහාර ඇණවුම් නිලධාරියා (Food Ordering Officer) මාර්ගයෙන් ප්‍රධාන මුළුතැන්ගෙට පමණක් තැඹිලි භාරදීමට පරිත්‍යාගශීලීන්ට අවසර ලබා දී ඇති බව රෝහල් පාලනාධිකාරිය වැඩිදුරටත් දැනුම් දෙයි.

-
උපුටා ගැනිමකි

21/06/2026

මතකද 🥹
"අපටත් දවසක ඉරපයාදෝ"

21/06/2026

ඉරාන ඇමරිකා සාම කතා

මුළු ලොවක් බලා සිටි ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඉහළ මට්ටමේ සාම සාකච්ඡා ස්විට්සර්ලන්තයේ බර්ගෙන්ස්ටොක් ප්‍රදේශයේ ආරම්භ වී තිබේ.

එම සාකච්ඡා සඳහා කටාර් සහ පාකිස්තානය මැදිහත්කරුවන් ලෙස සහභාගී වී සිටී. විශේෂිත තාක්ෂණික කණ්ඩායම් සහ ක්‍රියාත්මක කිරීමේ කමිටු ද පිහිටුවා ඇති බව රොයිටර් පුවත් වාර්තා කර තිබේ.

මෙම සාකච්ඡාවල ප්‍රධානම අරමුණු අතර,

📌️ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ එකඟතාවකට පැමිණීම,
📌️හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසදිම.
📌️ආර්ථික සම්බාධක සහ වත්කම් සම්බන්ධ ගැටලු විසඳීම,
📌️ලෙබනනයේ සටන් විරාමය ශක්තිමත් කිරීම,
📌️ඇමරිකා-ඉරාන සබඳතා සාමාන්‍යකරණය කිරීම,
📌️කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම යන කරුණු ඇතුළත් වි තිබේ.

මෙය මෑත මාසවල පැවති ආතතිකාරී යුධමය තත්ත්වයෙන් පසු දෙපාර්ශ්වය අතර සිදුවන වැදගත්ම රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා වටයකි.

බර්ගෙන්ස්ටොක් හි පැවැත්වෙන මෙම සාකච්ඡාවලට ප්‍රධාන නියෝජිතයන් ලෙස ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් උප ජනාධිපති වන ජේ.ඩී. වැන්ස් , විශේෂ නියෝජිතයන් ලෙස ස්ටිව් විට්කොෆ් සහා ජෙරාඩ් කුශ්නර් යන අයයි.

ඉරානය වෙනුවෙන් විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි සහා ඉරාන විදේශ අමාත්‍යාංශයේ සහ න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටින බව වාර්තා වේ.

මැදිහත්කරුවන් ලෙස පකිස්තානයේ අග්‍රාමාත්‍ය ෂෙබාස් ශෙරිෆ් සහා හමුදාපති ෆිල්ඩ් මාශල් අසීම් මුනිර් සහභාගී වි සිටියි.

ඊට අමතරව, කටාර් රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් සහ සාකච්ඡා කණ්ඩායමද එ අතර වෙයි.

මෙම සාකච්ඡා සාර්ථක වෙයිද? ඊශ්‍රායලය නිසා සාකච්ඡා අසාර්ථක වෙයිද?

ඇමරිකානු බුද්ධි අංශ වාර්තා කර ඇත්තේ ඊශ්‍රායල නිසා ඉරාන ඇමරිකා ගිවිසුම කඩාකප්පල් වනු ඇති බවයි.

ඊශ්‍රායලය විසින් ලෙබනනය වෙත එල්ල කරන ප්‍රහාර නිසා ඉරානය ඊයේ හෝමුස් සමුද්‍ර සන්ධිය නැවතත් වසා දැමුවෙය.

කෙසේ නමුත් ඇමරිකාව ඕනැම දෙයක් වෙනුවෙන් සුදානමින් සිටියි.

-
ෂෙහාන් ලක්මාල්
2026-06-21

21/06/2026

ඊශ්‍රායල අවනත වෙයිද?

අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් අල්ලාගෙන සිටින ප්‍රදේශවලින් ඉවත් නොවී,දකුණු ලෙබනනයේ වෙඩි තැබීම නතර කරන ලෙස ඊශ්‍රායල් හමුදාවට නියෝග කර ඇති බව ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම සමුද්‍රීය ගමනාගමනය සඳහා වසා දමන බව ඉරානයේ මධ්‍යම හමුදා අණදෙන නිලධාරියා නිවේදනය කර ඇති අතර, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ටෙහෙරාන් සහ වොෂින්ටනය අතර අවබෝධතා ගිවිසුමක් උල්ලංඝනය කර ඇති බව උපුටා දක්වා තිබේ.

ඉරානය පවසන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත වසා දමා ඇති බවත්, එය නැවත විවෘත කරන්නේ ලෙබනනයේ සටන් විරාමය ස්ථාවර වීම සහ ඉරාන තෙල් අලෙවියට ඇති සීමාවන් ලිහිල් කිරීම වැනි කොන්දේසි මත බවත්ය.

-
ෂෙහාන් ලක්මාල්
2026-06-21

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo