SANASA Federation Ltd
08/01/2026
2026.01.08 සාමාන්‍යධිකාරී රැස්වීමක් නාරාහේන්පිට - සණස මහා සංගම් කාර්යාලදී පැවැත්විණි.
සණස සමිති පද්ධතියේ අනාගත පැවැත්ම ශක්තිමත් කිරීම සහ වත්මන් අභියෝග හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග හඳුනාගැනීමේ අරමුණින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක් සාර්ථක ලෙස පැවැත්විය.
මෙහිදී රංජිත් හෙට්ටි ආරච්චි මහතා, ආසියානු ණය දෙන සමිති සම්මේලනයේ තාක්ෂණික උපදේශකවරයා ලෙස සහභාගී වෙමින්,
“සණස සමිති වල අනාගත පැවැත්ම සඳහා ගත යුතු ප්‍රධාන ක්‍රියාමාර්ග” යන මාතෘකාව යටතේ විශේෂ දේශනයක් පවත්වන ලදී.
තාක්ෂණය, නව කළමනාකරණ ක්‍රම, ඩිජිටල් සේවා සහ සාමාජික හිතකාමී නවීන ව්‍යාපෘති පිළිබඳ ඔහු විසින් වටිනා අදහස් ඉදිරිපත් කරන ලදී.
ඊට අමතරව, සණස සංගම් වල නියෝජිතයින්ගෙන් යෝජනා හා අදහස් ලබා ගැනීම සඳහා විවෘත සාකච්ඡා අවස්ථාවක් ද සකස් කර තිබුණි.
මෙම සාකච්ඡාව තුළ සණස සමිති මුහුණ දෙන ප්‍රායෝගික ගැටළු, අවශ්‍යතා සහ සංවර්ධන යෝජනා විස්තරාත්මකව ඉදිරිපත් විය.
මෙම වැඩසටහනේදී,
ආචාර්ය එල්. බී. දසනායක මහතා, සණස මහා සංගමයේ ගරු සභාපතිතුමා විසින්ප වතින තත්ත්වය සමාලෝචනය කරමින් ඉදිරි ගමන් මාර්ගය පැහැදිලි කිරීමේ දේශනයක් පවත්වන ලදී.
සණස ව්‍යාපාර ආකෘතිය, ආර්ථික හා සමාජික වටිනාකම, සහ දිගුකාලීන ස්ථාවරත්වය සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මගපෙන්වීම් මෙහිදී අවධාරණය කරන ලදී.
සණස මහා සංගමය විසින් ක්‍රියාත්මක කරමින් පවතින වැඩසටහන් පිළිබඳ හැඳින්වීමක් ද මෙම අවස්ථාවේදී සිදු කරන ලදී.
විශේෂයෙන්ම, තොරතුරු තාක්ෂණ වැඩසටහන පිළිබඳව
ඉදුනිල් චතුරංග මහතා, නි. සාමාන්‍යාධිකාරි (පාලන) විසින් පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරන ලදී.
ඩිජිටල් දත්ත පද්ධති, ඔන්ලයින් සේවා සහ තාක්ෂණික නවීකරණය හරහා සණස සමිති කාර්ය සාධනය වැඩි දියුණු කිරීමේ සැලසුම් මෙහිදී සාකච්ඡා විය.
මෙම වැඩසටහනේ තවත් වැදගත් අංගයක් වූයේ,
සණස පුවත්පතේ නව ආකෘතිය ඉදිරිපත් කිරීම ය.
නව පුවත්පත් ආකෘතිය තුළ අන්තර්ගත ගුණාත්මකභාවය, සාමාජික සහභාගීත්වය සහ නව මාධ්‍ය ප්‍රවේශයන් පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇත.
අවසානයේ,
සණස සාමාජිකයන් සඳහා ලබා දෙන ණය, ඉතිරිකිරීම්, මුල්‍ය උපදේශන සහ නව මුල්‍ය නිෂ්පාදන පිළිබඳව මෙහිදී විස්තරාත්මකව පැහැදිලි කරන ලදී.
වැඩසටහන සඳහා 15 ට ආසන්න පිරිසක් සණස සමිති සංගම් නියෝජනය කරමින් සහභාගිව විය.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
45/90, Nawala Road, Narahenpita
Colombo
10100
Opening Hours
| Monday | 08:30 - 16:30 |
| Tuesday | 08:30 - 16:30 |
| Wednesday | 08:30 - 16:30 |
| Thursday | 08:30 - 16:30 |
| Friday | 08:30 - 16:30 |