WeCamp

WeCamp

Share

14/04/2018

ලැබුවා වූ නව වසර සියලු දෙනා හට සතුට සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා...!!!❤️
Wishing you a Prosperous & Joyful Sinhala & Tamil new year !!!
- Team Wecamp -

රන්ගිරි දඹුලු ලෙන් විහාරය 13/04/2018

දඹුල්ල ලෙන් විහාරය එහෙමත් නැත්තං දඹුලු ගල. මෙහෙම තමයි ගොඩක් අය කිව්වහම දන්නෙ.
කොළඹ ඉඳන් යනවා නං පැය 4 ක විතර ගමනක්. කිලෝමීටර් 150ක විතර ගමනක්. නුවර පාරෙ ඇවිල්ලා වරකාපොළින් කුරුණෑගල පාරට දාලා එතනින් පොල්ගහවෙල කුරුණෑගල ඉබ්බාගමුව හරහා දඹුල්ලට යාගන්න පුළුවන් පහසුවෙම්ම.
මේක ගැන කියනවා නං මේක ආගමික සමාජීය පාරිසරික වශයෙන් ගොඩක් වැදගත් ස්ථානයක් ගන්න තැනක්.
මහා මාර්ගයට මුහුණලා වැඩ සිටින රන්වන් පැහැති බුදු පිළිම වහන්සේගෙන් දඹුලු ලෙන් විහාරෙ අපිට ලේසියෙංම අඳුනගන්න පුලුවං.
මේ ලෙන් විහාරෙ හැදුවයි කියලා කියන්නෙ වළගම්භා රජ්ජුරුවෝ. මේකෙ ලෙන් ගුහා පහක් තියෙනවා. මහරජ විහාරෙ අලුත් විහාරෙ පශ්චිම විහාරෙ දෙවන අලුත් විහාරෙ යානාදි වසයෙං.
මේ අතරිනුත් ලොකුම එක කියන්නෙ මහරජ විහාරෙ. මේ මහරජ විහාරෙ ඇතුලෙ තමයි ගොඩක් දෙවල් බලන්න තියෙන්නෙ. ගල පාමුල ඉඳං මේ ලෙන් පිහිටලා තියෙන පර්වත මුදුනටම යන්න විනාඩි විස්සක් විතර නගින්න ඕන. එහෙම නැග්ගයින් පස්සෙ ඔයාට බලාගන්න පුළුවන් දේවල් ගොඩක්.
මේ මහරජ විහාරෙ ඇතුලේ තියෙනවා ඔක්කොම පිලිම 62ක්. ඒ අතරිං 39 හිදි පිළිම 16 ක් හිටි පිළිම විදියටයි සැළකෙන්නෙ.
තව මයිත්‍රී නාථ ප්‍රතිමා දෙකක්, වළගම්භා නිශ්ශංකමල්ල ප්‍රතිමා, විශ්ණු සමන් ප්‍රතිමා, තව දැවැන්ත සැතපෙන ප්‍රතිමාවක් එහෙමත් දැක බලාගන්න පුලුවන්.
තව මේ ලෙනේ වියනේ සහ බිත්ති වලත් ජාතික ආගමික සමාජීය වශයෙන් වැදගත් චිත්‍ර රැසක් ඇඳලා තියෙනවා.
මේ දඹුලු ගල වැඳ පුදාගන්න එන බැතිමත්තු සංචාරකයෝ පුදුමකරවනම දේ තමයි " නොසිඳෙන දිය බිඳුව".
මේකේ තියෙන ඉස්පෙශල්ම කේස් එක තමයි මේකේ ගල අස්සෙන් බේරෙන වතුර බිංදු අවුරුද්දෙ කිසිම දවසක නවතින්නෙ නැහැල්ලු. තවත් සමහරෙක් කියනවා මේ වතුර බිංදුව බිංදුව වැටිලා පිරෙන ඒ පිං තාලිය කවදාවත් පිරිලා ඉතිරිලා යන්නැහැල්ලු.
තවත් විශේෂයක් විදියට සංචාරකයෝ දකින දෙයක් තමයි මේකෙ වැටෙන වතුර බිංදු වැටෙන්නෙ වියනේ පහළ ප්‍රදේසෙ ඉඳං ඉහලට ගිහිල්ලාලු. ඉහළ ඉඳං පහලට නෙමෙයිලු.

ඔයවගේ වැදගත් ලස්සන දේවල් ගොඩක් දැකබලාගන්න පුළුවන් මෙතනට ගියොත්. මේ එන වෙසක් එකට පොසොන් එකට යනවා නං වැඳගන්නයි බලන්නයි දෙකටමත් එක්ක කියාපු තැන.
හැබැයි මෙතෙන්ට යන ගෑණු දැරිවියෝ ඇඟපත වැහෙන්න සංවර ඇඳුමෙං යන්නත් පොඩ්ඩක් මතක තියාගන්න. මොකද නැත්තං ඇතුලට යන්න කලින් එතනින් අඳනයක් දෙනවා වහගෙන යන්න 🙈
පල්ලෙහයිං මං ෆොටෝස් ටිහිකුත් දාලා ඇති බල්න්න.

මේ වගේ අලුත් සංචාරක දැණුම බෙදාගන්න අපේ පිටුවත් එක්ක එකතුවෙන්නත් අමතක කරන්න් එපා. 😍
පිවිසෙන්න : WeCamp

Want your hotel to be the top-listed Hotel in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kottawa
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00