Sawasthayur
01/01/2024
"ලබන්නා වූ 2024 නව වසර ලෝ වාසි ලක් වාසී සැමට නීරෝගීමත් සුවදායි සාමය සතුට පිරි නව වසරක් වේවා...!" ස්වථායුර් අපේ පැතුමයි...!
29/08/2023
😳😳 #ආහාර_ආසාද්මිකතාවකට ( Food Allergic එකකට) පුළුවන් ද මනුස්සයෙක් මරන්න.......?😳😳
🔴ඇත්තටම මොකක් ද මේ Allergic එකක් කියන්නෙ...?
ඇලර්ජික් එකක් කියන්නෙ එකිනෙකාට විශේෂයෙන් හදුනාගත් විවිධ දේවල් වලට (උදා: විවිධ ආහාර වර්ග, විවිධ ඖෂධ, කෘමි ප්‍රහාර, හිරු එළිය, අධික සීතල, මල් රේණුවැනි ස්වාභාවික කරුණු) අපේ ප්‍රතිජීවක පද්ධතිය (Immune system ) එක මගින් පමණට වඩා අධික ලෙස සහ අස්වාභාවික ලෙස ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලිය නිසා හටගන්නා අහිතකර තත්වයකි.
🔴අසාද්මිකතාවයක් ක්ෂණික මරුවෙක් දක්වා දිවයන ගමන.........
🟢බොහෝවිට ප්‍රථමයෙන් අසාද්මිකාතාවට හේතු වන කරුණට (Allergen එකට) නිරාවරණය වීමේදි නිරාවණය වූ වහාම මද වෙලාවක් යන තුරු කිසිදු බාහිර රෝග ලක්ෂණයක් නොපෙන්වා සිටී.
🟢නමුත් දිගින් දිගටම ශරීරය තුළ සෛල එම අසාද්මිකාතාවට හේතුවන කරුණට නිරාවරණය වීමේදී හිස්ටැමීන්, ප්‍රොස්ටග්ලැන්ඩීන් ආදී Inflammatory chemicals මුදා හැරීමත් සමග පහත ආකාර වල වෙනස්කම් ශරීරය තුළ සිදුවිය හැක.
1. රුධිරවාහිනී වල පාරගම්‍යතාව වැඩි වී විස්තාරණය වීම ආරම්භ වේ.
2.ශ්ලේෂ්මල ස්‍රාවය වැඩි වේ.
3.සංවේදී ස්නායු අනවශ්‍ය ආකාරයට උත්තේජනය කරයි.
4.සිනිඳු පේෂී වල වෙව්ලීමක් හෝ spasm එකක් ඇති වේ.
🔴ඉහත හේතූන් නිසා සුළු ලක්ෂණ වල සිට ඉතා භායානක ලක්ෂණ සහ මරණය දක්වාම මෙම තත්වය ඇති විය හැක.
🟢සුළු රෝග ලක්ෂණ ලෙස..........
1.ඇස් වලින් කදුළු ගැලීම.
2.හිසරදය.
3.නාසයෙන් සොටු දියර ගැලීම.
4.කිවිසුම් යාම.
5. සමේ කුඩා දද , බිබිළි ඇති වීම.
6.කැසීම
🟢තත්වය බරපතළ වීමේදී ඇති වන රෝග ලක්ෂණ
1.hives (සමෙන් විශාල ලෙස ඉලිප්පි ආ බිබිළි,පලු).
2.ඉදිමුම්.
3.හුස්ම ගැනීමේ අපහසුතාව.
4.ආහාර ජීර්ණය ආශ්‍රිත අපහසුතා.
උදා:- දරුණු ලෙස වමනය යාම, ගැස්ට්‍රයිටිස් තත්වය, අතීසාරය, උදරයේ වේදනාව
5. ක්ලාන්තය
6.රුධිර පීඩනය සීඝ්‍රයෙන් අඩු වීම.
🔴මෙම තත්වයන් මරණය දක්වාම දරුණු විය හැක.
🟢බොහෝ විට විවිධ ආසාද්මිකතා පරම්පරාවෙන් පරම්පරාවට පැමිණිය හැකි අතර ඔබගේ දෙමව්පියන්ට අතුළු පවුලේ අයට අසාද්මිකාතා ඇති කරන හේතු කාරණා ඔබද පරිහරණය කරන විටෙක ඒ පිළිබඳ වඩා සැළකිලිමත් වන්න.
🔴 ශ්‍රී ලංකාවේ බෝහෝ පිරිසකට බහුලව අසාත්මිකතා ඇති කරන බවට සමීක්ෂණ වාර්තා අතර සොයාගෙන ඇති ආහාර කිහිපයක්........
1.එළ කිරි
2.රතු පැහති මස් වර්ග
I.හරක් මස්
II.ඌරු මස්
III.එළු මස්
IV.මුව මස්
3.Food-dependent exercise-induced anaphylaxis (FDEIA) මෙහිදී ආහරයෙන් පසුව වැඩිවශයෙන් ක්‍රියාකාරී වීම නිසා ආසාද්මිකතාවය ඇති වේ. එලෙස කියාකාරී නොවන අවස්ථාවක අසාද්මිකතා ඇති නොවී ද පැවතිය හැක.
උදා:-pea nuts (පී නට්ස්), බිත්තර, කිරි, sea foods, තිරිඟු මිශ්‍ර ආහාර)
4.දැල්ලන්
5.ඉස්සන්
6. තක්කාලි
7. අන්නාසි
8.බල මාලු
9. තිරිඟු පිටි
10. ඇතැම් මධ්‍යසාර
🔴ආහාර අසාද්මිකතාවයක් ඇති වූ වහාම ඔබ කළ යුත්තේ කුමක් ද.........?
🟢ඔබ උපරිමය උත්සහ ගත යුත්තේ ඔබට සුළු රෝග ලක්ෂණ පහල වන විටම වහාම ළගම රෝහල වෙත අදාල රෝගියා රැගෙන යාමයි.
🟢 එම අතරතුර රෝගියාට ඇති විය හැකි අනතුරු දායක තත්ව මග හරවා ගැනීමට:
1. රෝගියාට හොඳ වාතාශ්‍රයක් ලැබිය යුතුය.
2. තද ඇඳුම් පැළදුම් ඉහිල්න්කළ යුතුය.
3. රෝගියාට කෝපි,තේ,උණු වතුර පානයට ලබා නොදිය යුතුය.
4.රොගියා වෙහෙස කරවමින් ඇවිද යාම නොකළ යුතුය.
5. රෝගියාට මධ්‍යසාර ලබා දීම නොකළ යුතුය.
6. අසාද්මිකාතාවට හේතු නොදැන අත් බෙහෙත් ලබා දීම නොකළ යුතුය.
ආසාද්මිකතා ඇති වීමට පෙර තමට අසාද්මිකාතා ඇති කරනු ලබන හේතු වලින් ඈත් වී සිටීම සහ නිරතුරුව ඒ පිළිබඳ සැළකිලිමත්ව සිටීම ඔබේ ජීවිතයට අසාද්මිකාතාවන්ගෙන් කරණු ලබන හානිය අවම කරනු ඇත.
නුදුරේදීම තවත් මෙවැනි හරවත් ලිපියක් සමග නැවත හමුවන තුරු ඔබට සෞඛ්‍යය සම්පන්න දිවියක්..........................!
Article by: Yahathugodaga
Medical student(BAMS)
@ Institution Of Indigenous
Medicine
University Of Colombo
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
මෙවන් වටිනා තොරතුරු අප හා බෙඳා ගන්න... අපගේ face book පිටුවට like කර අප සමඟ එකතුවන්න..යාලුවන්ටත් දැනගන්න share කරන්න.
https:
19/02/2023
🔴🔴 #හාතවාරිය කොළකැඳ🔴🔴
🔴හාතවාරිය කොළකැඳ සතු ඔබ නොදත් විශ්මිත ඖෂධීය ගුණාංග🔴
01. ශරීරයේ බලය, ජවය, ශක්තිමත් බව වර්ධනය කරයි.
02. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරයි.
03. සම පැහැපත් සහ නීරෝගී කරයි.
04. මතකය සහ බුද්ධිය වර්ධනය කරයි.
05. මුත්‍රා පෙරීම ක්‍රමවත්ව සිදු කරමින් ශරීරයයෙන් පරිවෘත්තිය අපද්‍රව්‍ය ක්‍රමවත්ව බැහැර කිරීමට උපකාරී වේ.
06. අහාර ජීරණය ක්‍රමවත් කරයි.
07. මළබද්ධය නැති කරයි.
08. හිසකෙස් වල නීරෝගී බව වැඩි දියුණු කරයි.
09. සමේ ඇති වන නොයෙකුත් රෝග දුරු කරයි.
10. සන්ධිගත වාත වැනි වාත රෝග දුරු කරයි.
11. මවිවරුන්ගේ ක්ෂීරය වර්ධනය කරයි.
12.අක්ෂි රෝග සමනය අර අක්ෂීන්ගේ පෙනීම වැඩි දියුණු කරයි.
14. අපස්මාර රෝගීන්ට ගුණදායක ය.
15. අර්ෂස් රෝගය සමනය කරයි.
16.ශුක්‍රය වර්ධනය කරයි.
17. ශරීරයේ දාහය, උෂ්ණය සමනය කරයි.
18.කුසගින්න නිවැරැදි අකාරයෙන් වර්ධනය කරයි.
19. ශරීරයේ රුධිරය වර්ධනය කරයි.
20.කාන්තාවන්ගේ ඔසප් රෝග මර්දනය කරයි.
Article by: Yahathugodaga
Medical student(BAMS)
@ Institution Of Indigenous
Medicine
University Of Colombo
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
මෙවන් වටිනා තොරතුරු අප හා බෙඳා ගන්න... අපගේ face book පිටුවට like කර අප සමඟ එකතුවන්න..යාලුවන්ටත් දැනගන්න share කරන්න.
https://www.facebook.com/Sawasthayur?mibextid=ZbWKwL
Click here to claim your Sponsored Listing.
Category
Contact the practice
Telephone
Website
Address
438/G/24/J, Janatha Mawatha, Udagewaththa, Meegoda 10504
Colombo
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |