Thinking Maths & Science

Thinking Maths & Science

Share

20/07/2024

වෛද්‍ය විද්‍යාලයට දන් දෙන සිරුරක්, අවුරුදු ගානක්ම පොමලින්වල දාලා තියෙනවා.
Anatomy ඉගෙන ගන්නකොට, දහ දෙනෙක් විතර ඉන්න ගෘප් එකකට, එක මළ සිරුරක් ගානේ හම්බෙනවා, අපි මේ ගෘප් එකට කියන්නේ body group කියලා, ඒ ගෘප් එක තමා ඒ සිරුරට අදාල අයිතිකාරයෝ, මුළු අවුරුද්දක් තිස්සේ , ඒ කණ්ඩායම, ඒ එකම මළ සිරුර කපලා ඉගෙන ගන්නවා.

✅ මේ කවිය තියෙන්නේ, කලකට ඉහතදී මිය ගිය , අම්මගෙ මළ සිරුර තමන්ටම ඉගෙන ගන්න හම්බෙච්ච වෛද්‍ය ශිෂ්‍යාවකට දැනෙන හැඟීම.

පුරුදු ලෙස එකිනෙකා වට වී නොදත් පාඩම සොයන්න
මැද මේසේ මත මහලු මවකගේ සිරුර සතපා කපන්න
පළමු පියවර පුරුදු උනේ අපි පින් සිතින් ඈ වඳින්න 🙏❤️
දකුණු අත කපලා පටන් ගමු එකිනෙකින් තතු බලන්න

පොත බලාගෙන මම කියනකොට තව එකෙක් ඈ කපනවා
වට වෙලා සිටි හැම එකාටම වාරයක් මග තියෙනවා
සුදු පාට කෙස් වැටිය පරදන ස්නායු දැක එබෙනවා
එකින් එක කප කපා විමසන ගමන පෙරටම ඇදෙනවා.

හිස් කබල යට මොලය පුදුමය වම දකුණ ගැන හොයනවා
කඳුළු දරමින් ලොවක් පෙන්නු ඇස් උගුල්ලා බලනවා.
මගේ වාරය පිහිය අරගෙන ඇගේ පපුව වෙත එබෙනවා
දකුණු පැත්තේ බෙල්ල පහළින් ලපය මා නෙත් තෙමනවා

✅ කාලයක් ගතවෙලා, එයාගේ වාරය ආවහම , බෙල්ලේ තිබුන ලපය නිසා, මේ තමන්ගේ අම්මා කියලා හඳුනගන්න පුළුවන් වෙනවා. මුලින් ඉගෙන ගන්නේ upper limbs , අත පය ගැන, මාස ගානක් ගියාට පස්සේ තමා, පපුව, බඩ ගැන ඉගෙන්නෙ, මුළු අවුරුද්දක් පුරාවටම ඇඟේ කොටසින් කොටස ඉගෙන ගන්නවා.

දෙඇස් පියවිණි කඳුළු අතරින් පපුව දෙපසට වෙන්කරා
රුහීරු වියලුණු නහරවැල් ටික දුඹුරු පාටට හැරවිලා
දරාගෙන ලෝකයක කෙනෙහිලි ගැහැණු හදවත ගුලි වෙලා.
පොතේ නැති හුඟක් දේවල් පපුව ඇතුලේ ගොළු වෙලා.

දවස් ගානේ සිහින් පහරින් එකිනෙකා අපි කපද්දි
ලියූ මැල්ලුම් අහුරු වාගේ මස් කැබලි ඉකි බිඳිද්දි
පාඩමේ අවසාන අදියර ඇට ගොඩක් වී හිඳිද්දී
පොත වසා ඇස් පියා ගත්තෙමි නොකී රහසක් හඬද්දි

✅ අවුරුද්ද ඉවර උනහම, ඇට විතරයි ඉතුරු වෙන්නේ, ඒ අස්ථිත් සමහර වෙලාවට වේලලා, පොලිෂ් කරලා, අස්ථි ගැන ඉගෙන ගන්න භාවිතා කරනවා, එහෙම නැත්නම් අවුරුද්ද අන්තිමේ, පාංශුකූලය දීලා, පිරිත් කියලා, තමයි ඉවත් කරන්නේ.

කැබලි එක්කල බහා පෙට්ටිය කර තබාගෙන පිටවුණා.
සුදු ඇඳන් පැන් වඩන මොහොතෙදි කාට කාටත් හැඬ වුණා.
කනත්තේ පස් ගොඩ ළඟදි මට නොහඩ ඉන්නට බැරි උනා.
මගේ අම්මා නිවන් දැක්කා කෑගහලා මට කියවුනා.

✅ ඕනම කෙනෙකුට, තමන් මියගියහම, තමන්ගේ දේහ දන් දෙන්න ලියාපදිංචි වෙන්න පුළුවන්, මිය ගිහිල්ලත් අවුරුදු ගානක් පින් කරන්න පුළුවන්. ❤️ Share කරලා දැනුවත් කරන්න අනිත් අයවත්, ඔබේ දරුවන්ට ප්‍රතිකාර කරන්න, දක්ෂ වෛද්‍යවරුන් බිහිකරන්න, උදව්වක් වේවි.

කවිය ලියලා තියෙන්නේ, අතුල බණ්ඩාර (කුරුණෑගල ශික්‍ෂණ රෝහල )

Photos from Thinking Maths & Science's post 18/06/2024

11 වසර විද්‍යා සියලුම කෙටි සටහන් *Mind Maps* ලෙස 🔥 *PDF එක අවශ්‍ය ඕනෑම ගුරුවරුන්ට හා ළමුන්ට නොමිලේ ලබාගත හැක*

Photos from Thinking Maths & Science's post 15/05/2024

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගය 2023(2024)
ගණිතය I,II
General Certificate of Education (Ord. Level) Examination 2023(2024)

Photos from Thinking Maths & Science's post 06/04/2024

අ.පො.ස. සාපෙල විද්‍යාව කෙටි සටහන් සංකල්ප සිතියම් මගින්🔥

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Temple Road Punchi Boralla
Colombo