Suboo

Suboo

Share

11/02/2026

"ලෝකයම එපා වුණු දවසට..." 🫂
​අපි හැමෝටම ඉන්නවා එකම එක යාළුවෙක්...
හැමෝම අපිට වැරදියි කියද්දී, "උඹට මම ඉන්නවා බං" කියලා කරට අතක් දාන.
යාලුකම් කියන්නේ හොඳම යාලුවා එක්ක හැමදාම කතා කරන එකට නෙමෙයි...
ඕනම ප්‍රශ්නෙකදී 'මම ඉන්නවා' කියලා කියන්න කලින් හිතට දැනෙන ඒ විශ්වාසයටයි!" ❤️
​ජීවිතේ සමහර කාලවල් එනවා හැමදේම අතහැරලා දාන්න හිතෙන. අන්න ඒ වගේ වෙලාවට අපිව ආයෙත් ජීවත් කරවන්නේ ඔය කියන "හොඳම යාළුවා".
හොඳම යාලුවා අපේ ප්‍රශ්න විසඳන්නේ නැති වෙන්න පුළුවන්, හැබැයි ප්‍රශ්න අස්සේ අපි තනියම නෙමෙයි ඉන්නේ කියලා දැනෙන්න හරිනවා.
ඉතින් ලේ බැඳීමක් නැති වුනත් අපිට ජීවිතයේ හමු වන ඒ යාලුකම් කවදාවත්ම මඟහැර ගන්න එපා. ඒ වගේ සහෝදරකම් අපේ ජීවිතයට ආශිර්වාදයක්...♥🫂

✍️ Suboo

30/01/2026

Nature 💜️

17/01/2026

⭕දාස් පෙතියා වගාව ගැන ඔබ දන්නවාද ❓

Marigold හෙවත් දහස්පෙතියා ශ්‍රී ලංකාවේ සුලබව දැකිය හැකි මල් විශේෂයකි.දීප්තිමත් කහ පැහැති මල් හට ගනී.දහස් පෙතියා මල් පූජා කිරීම යන සීමාවෙන් ඔබ්බට ගොස් දහස්පෙතියාවලින් ලක්ෂ ගණනින් ආදායම් උපයාගත හැකි බව ඔබ දන්නවාද?

ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් පූජා කිරීමට දහස් පෙතියා මල් භාවිතා කළත් වියට්නාමය වැනි රටවල දහස්පෙතියා මල් පානයක් ලෙසින් භාවිත කරනු ලබයි. එය ඉතාමත් ගුණාත්මකයි හා සෞඛ්‍ය සම්පන්න පානයක් වේ. ඒ වගේම ලෝකයේ ඇතැම් රටවල් බිත්තර කහ මද වර්ණ ගැන්වීමට දහස්පෙතියා මල් භාවිත කරනු ලබයි.දහස්පතියා මල් වගාව සිදුකිරීමට සුදුසුම දේශගුණික තත්ත්වය ලෙසින් වියළි කලාපය හඳුනා ගත හැකිය.දහස්පෙතියා මල්වලට වැඩි වශයෙන් හිරු එළිය අවශ්‍ය වේ.ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක දහස්පෙතියා මල් වගාව සිදුකිරීමට හැකි වුවත් වර්ෂාපතන තත්ත්ව මඟහරවා ගනිමින් වගාව සිදු කළ යුතු වේ.අධික වර්ෂාපතනය අස්වැන්න අඩු කිරීමට බලපායි.

⭕දහස්පෙතියා වගාව ස්වයං රැකියාවක් ලෙසින් ?

දහස්පෙතියා මල් වගාව ස්වයං රැකියාවක් ලෙසින් ආරම්භ කිරීමට හැකි හොඳම ව්‍යාපාරයක් ලෙසින් හඳුනාගත හැකියි.කාන්තා, පුරුෂ භේදයකින් තොරව නිවසේ වගා කිරීමට හැකි මල් වර්ගයකි.කාන්තාවන්ට වැඩි වශයෙන්ම නියැළිය හැකි අතරම අමතර ආදායම් මාර්ගයක් ලෙසින් පවත්වාගෙන යා හැකිය.කෙටි කාලීනව ඵලදාව ලබා දෙන මල් වර්ගයක් වන නිසා ඉක්මනින් ආදායම් ලබා ගැනීමට හැකියාව ලැබේ.

තවමත් ඔබගේ ගෙවත්තේ දහස්පෙතියා මල් වගා කර නැතිනම් ඉතා අඩු ඉඩ ප්‍රමාණයක දහස්පෙතියා මල් වගා කර වගාවේ සුන්දරත්වය විඳින අතරම ආර්ථික වශයෙන් ලාභ අත් කර ගන්න.

✍️ Suboo

16/01/2026

Roses 🤍

Suboo

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo