BA Social Sciences-OUSL

BA Social Sciences-OUSL

Share

09/01/2024

මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පලමු වසර සහෝදරත්වය විසින් සිදුකරනු ලබන😍
THE ART GALLERY COMPETITION🔥🗼📸📑

මේ සඳහා ඔබගේ,
📍නිර්මාණාත්මක ඡායාරූප
📍චිත්‍ර (මෝස්තර,ප්‍රකාශන,pencil drowing)
📍නිසඳැස් (සිංහල මාධ්‍ය / ඉංග්‍රීසි මාධ්‍ය / දමිළ මාධ්‍ය)
📍කාව්‍ය නිර්මාණ (සිංහල / ඉංග්‍රීසි මාධ්‍ය/ දමිළ මාධ්‍ය)
📍අත්කම් නිර්මාණ
📍කාටූන් නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

🔴 මේ සඳහා විවෘත විශ්වවිද්‍යාලයේ ඕනෑම මධ්‍යස්ථානයක ඕනෑම පීඨයක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

🔴නිර්මාණ ඉදිරිපත් කිරීමේදී අයදුම්පත නිසි පරිදි පුරවා නිර්මාණය සමඟ ලබා දිය යුතු අතර අයදුම්පත පීඨ ශිෂ්‍ය සංගමය/මහා ශිෂ්‍ය සංගමය/සම්බන්ධීකාරක (Course Codinator) විසින් සහතික කර තිබිය යුතුය.

🔴ඉදිරිපත් කරන නිර්මාණය තමන්ගේම එකක් විය යුතු අතර මීට පෙර එය කිසිදු තරඟයකට ඉදිරිපත් කළ එකක් නොවිය යුතුය.

🔴නිසඳැස්,කාව්‍ය හා කාටුන් නිර්මාණ ඉදිරිපත් කිරීමේදී ඒවා (A4) ප්‍රමාණයේ කඩදාසි වල නිර්මාණය කල යුතුය.

🔴චිත්‍ර (මෝස්තර නිර්මාණ ප්‍රකාශන චිත්‍ර ,Pencil Drawing) නිර්මාණ ඉදිරිපත් කිරීමේදී එම නිර්මාණ සඳහා (A3) ප්‍රමාණයේ කඩදාසි භාවිතා කල යුතුය.

🔴අත්කම් නිර්මාණ ඉදිරිපත් කිරීමේදී එම නිර්මාණයේ ගුණාත්මකභාවයට හානියක් නොවන පරිදි එවිය යුතුය.

🔴 ඡායාරූප අංශයෙන් තරඟයට සහභාගී වන්නන් ඒවාගේ වර්ණ පිටපතක් (Colour print)
අයදුම්පත සමඟ යොමු කළ යුතු අතර මුල් පිටපතට හානි නොවන පරිදි ඡායාරූපය හා තරඟකරුවකුගේ විස්තර (නම,ලියාපදිංචි අංකය,ලියාපදිංචි මධ්‍යස්ථානය) පහත
ඊ මේල් ලිපිනයටද යොමු කළ යුතුය.
[email protected]

🔴තරඟකරුවන් ඔවුන්ගේ සියලුම නිර්මාණ 2024.01.21 දිනට පෙර ලබා දිය යුතුය.

🔴තරග නීති රීති හා නිර්මාණ යොමු කිරීමේ අයදුම්පත පහතින් බාගත කර ගත හැක.
https://drive.google.com/drive/folders/1Ka7HysvWYfkiyRy7LsU0Vw1zYVpiJ-C1

🔴මහනුවර මධ්‍යස්ථානයේ ලියාපදිංචි සිසුන් හැර අනෙක් මධ්‍යස්ථාන වල සිසුන්ගේ නිර්මාණ තැපැල් මාර්ගයෙන් යොමු කළ යුතුය.

Department of Social Studies,
The Open university of Sri lanka,
Kandy Regional Centre.

🔴මෙහිදී සියලුම තරඟ අංශ වල ජයග්‍රහාකයන්ට වටිනා සහතික පත්‍රයක් ලබා දෙන අතර ජයග්‍රාහකයන් සඳහා එය පසුව දැනුම් දෙනු ලැබේ.

23' කණ්ඩායම - සමාජ අධ්‍යන අංශය - මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය - විවෘත විශ්වවිද්‍යාලය

01/11/2023

"හිත් එක්ක එකමුතුව
සරසවිය මානයේ
කරට කර හැප්පෙමු ද
හරිත කුසලානයේ"

හරිත කුසලානය 2023
නොවැම්බර් 04
ඩොටේට එන්න....

BA 23 සහොදරත්වය - සමාජ විද්‍යා අංශය - මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පිඨ ශිෂ්‍ය සංගමය.

Want your university to be the top-listed University in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Nawala
Colombo