Alone with Dil

Alone with Dil

Share

05/09/2025

සෙල්ලම් ගෙදර අම්මා.....❤️

දිගුකර දෙපා පොඩි
තබා සොලවා
කියා නැළවිලි
කරන බෝනිකි කෙලි

ඇද නෙක ගවුම් පොඩි
ගෙන මළු කරින් බර ඇති
බෝනිකි කරෙන් ගති
ගේ පුරා යයි ගමන් දුර ඇති

සෙල්ලම් ගෙදර අම්මා
පොඩි පොඩි වළං ගෙන්නා
රස මසවුළු උයන්නා
ආදරෙන් බබුටත් කවන්නා

කලිසම් පොඩිත්තක්
ඇද වැවේ නැටුවත්
ගෙන සරුංගලයක්
ඉපනැල්ලෙ දිව්වත්
දග වැඩී කෙල්ලේ
අත්තම්මා කීවත්
සත්තයි තලන්නෑ
මගේ දූ දග කරාපන්

ලබන දා හැබැහින්
දරු නැළවිලි ත් සැප නැත්
පිසින දා වැලිබත්
ලැබූ අබිසෙස් සැබෑ ලොව නැත්

මෙලීට ආදරෙන් ❤️ ලොකුඅම්මාගෙන්❤️

Dili..✒️
5/10/2025

12/10/2024

තරහ අවසර ඇනිවසරි අද ..❤🙏

මුල් මාස දෙක තුනේ දරුවන්ට නම් දාපු
හයමාසයක් යද්දි දෙපාරක් හැරගියපු
පණ යද්දි ළඟ ඉන්න හිස මතම දිව්රාපු
අවුරුද්දකුත් වෙද්දි ආදරේ වලදාමු

12/10/2024
Dilini Adipaththu

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Website

Address


Ambanpola , Kurunagala
Colombo
60650