A Believer In Positivism
🎓🎓
Present continuous tense
ප්‍රසන්ට් කන්ටිනිවස් ටෙන්ස්
Structure 😊😊
Subject + am,is,are + Verb(ing) + Object/Rest
Subject=කතෘ
I මම= am
He,She,It ඇතුළු ඒක වචන කතෘන් සමග =is
They,We,You ඇතුළු බහු වචන කතෘන් සමග = are
am/is/are =Auxiliary Verbs (බී වර්බ්ස්)
Verb with ing= ක්‍රියාපදය ing සමග
Object/Rest=වාක්‍යයේ කරමය හෝ ඉතිරිය.
01)I am teaching.
මම උගන්වමින් සිටිනවා.
02)He is teaching .
ඔහු උගන්වමින් සිටිනවා.
03)They are teaching.
ඔවුන් උගන්වමින් සිටිනවා.
මේ වක්‍යය කිහිපයට අනුව වරතමානයේ මේ දැන් සිදු ව්ව්මින් පවතින දේවල්,සිදුකරමින් සිටින ක්‍රියා පිළිබදව කතා කරන්න තමයි මේ වාක්‍ය රටාව භාවිතා කරන්නේ..
ඊට අමතරව අපි සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ දේවල් කතා කරනවා...👇
"අර බලන්න ,දෙනුවන් ජූස් එකක් බොනවා."
"එයා තාම නිදි"
"එයා මේ මොහොතේ වැඩ"
"මම පොතක් කියවන ගමන්"
"මම දැන් ටීවී බලනවා"
"දැන් වහිනවා"
මේ කියන්නෙත් present continuous tense ගැන තමයි.
අර බලන්න ,දෙනුවන් ජූස් එකක් බොනවා.
Look,Denuwan is drinking a juice.
"එයා තාම නිදි"
He/She is still sleeping.
"එයා මේ මොහොතේ වැඩ"
He/She is working at the moment.
"මම පොතක් කියවන ගමන්"
I am reading a book
"මම දැන් ටීවී බලනවා"
I am watching T.V now.
"දැන් වහිනවා"
It is raining now.
හමුවෙමු තවත් දවසකින්.
Have a nice day.
𝑳𝒆𝒕'𝒔 𝒍𝒆𝒂𝒓𝒏 #𝐕𝐨𝐜𝐚𝐛𝐮𝐥𝐚𝐫𝐢𝐞𝐬 #
𝟎𝟏) 𝐏𝐡𝐨𝐭𝐨𝐬𝐲𝐧𝐭𝐡𝐞𝐬𝐢𝐬/ˌ𝐟əʊ𝐭əʊˈ𝐬ɪ𝐧θə𝐬ɪ𝐬/ෆොටෝසින්තෙසිස්=ප්‍රභාසංස්ලේෂණය
𝟎𝟐) 𝐞𝐯𝐚𝐩𝐨𝐫𝐚𝐭𝐢𝐨𝐧/ɪˌ𝐯æ𝐩əˈ𝐫𝐞ɪʃ𝐧/ඉවපරේෂන්= වාෂ්පවීම.
𝟎𝟑)𝐀𝐛𝐬𝐨𝐫𝐛/ə𝐛ˈ𝐳ɔː𝐛/ඇබ්සෝබ්=උරාගන්නවා
𝟎𝟒)𝐌𝐞𝐥𝐭𝐢𝐧𝐠 𝐩𝐨𝐢𝐧𝐭 𝐧𝐨𝐮𝐧/ˈ𝐦𝐞𝐥𝐭ɪŋ 𝐩ɔɪ𝐧𝐭/මෙල්ටිං පොයින්ට්=ද්‍රවාංකය
𝟎𝟓)𝐁𝐨𝐢𝐥𝐢𝐧𝐠 𝐩𝐨𝐢𝐧𝐭 𝐧𝐨𝐮𝐧 /ˈ𝐛ɔɪ𝐥ɪŋ 𝐩ɔɪ𝐧𝐭/බොයිලිං පොයින්ට් =තාපංකය
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Website
Address
Colombo