Dilan Jayasinghe

Dilan Jayasinghe

Share

Dilan Jayasinghe - Mathaka Kandana (මතක කැන්දනා) | Official Music Video 15/08/2025

🔥 New Song Drop! – Mathaka Kandana 🎶
Click & listen 👉 [https://youtu.be/kmx7q-1rG3U?si=fdSXymp7NjuOCW3f]

Dilan Jayasinghe - Mathaka Kandana (මතක කැන්දනා) | Official Music Video Dilan Jayasinghe - Mathaka Kandana (මතක කැන්දනා) | Official Music VideoSong Title : Mathaka KandanaArtist: Dilan Jayasinghe Lyrics, Melody, Music: Dilan Jaya...

Dilan Jayasinghe - Dewiyanda Dunne Oya | Official Music Video 11/01/2025

💚The Wedding Song - දෙවියන්ද දුන්නේ ඔයා❤️

Dilan Jayasinghe - Dewiyanda Dunne Oya | Official Music Video Dilan Jayasinghe - Dewiyanda Dunne Oya | Official Music VideoStream / Download https://bonfirelk.vyd.co/DewiyandaDunneOya.......................................

20/07/2024

❤️❤️ හඬ මත පැටළුණු අකුරු ❤️❤

✳️ 125 වන දිගහැරුම

🧡 තාත්තේ

🎤 ගායනය : ඩිලාන් ජයසිංහ Dilan Jayasinghe
📄 පද : ඩිලාන් ජයසිංහ
🎶 සංගීතය: ඩිලාන් ජයසිංහ

✅ සටහන : අමාලි නිසන්සලා, ශාස්ත්‍ර පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

☑️ Proof checked by : Tushini Wasana
🖥️ Designed by : Lahiru Dinushan
------------------------------------

තාත්තේ නුඹයි මගෙ දෙවිඳා
රැකුවේ මා නොනිදා
හදේ ගින්නේ...
මාගේ පණයි ඔබ ගැහෙනා
මාව හැදු රජිඳා
ඔබයි රත්නේ.

නොසිතා නුඹ ගැන පැතුවේ අපේ සැප,
තාත්තේ නුඹ තමයි ප්‍රේමය..
හනික ඇවිදින් තුරුලු වෙන්නකෝ තාත්තේ මගේ...

අම්මා නුඹෙ පණ අපිත් ලෝකෙම,
වෙලා සිදුරක් හිස්තැනක් අද..
ඉන්න තැනකට අපිත් එන්නම් තාත්තේ මගේ...

"තාත්තේ නුඹයි මගෙ දෙවිඳා
රැකුවේ මා නොනිදා
හදේ ගින්නේ...
මාගේ පණයි ඔබ ගැහෙනා
මාව හැදු රජිඳා
ඔබයි රත්නේ."

පීතෘත්වය, පිය සෙනෙහස ලොව ඇති අමා සැපත් අතරින් ඒකාංගයක් පමණක් නොවේ. පීතෘ - දූදරු සබඳතාව සියළුම සබඳතා අතරෙහි ඉදිරියෙන් සිට ගෙන සිටිනුයේ ධෛර්‍යයමත්, ශක්තිමත්, උත්සාහවන්ත ප්‍රතිමූර්තියක් සේ ය. ස්ත්‍රී - පුරුෂ සබඳතාවයේ, ආදරයේ, සෙනෙහසේ ප්‍රතිරූපයක් සේ මෙලොව එළිය දකිනා කුඩා බිළිදා උපන්දා සිට ඇසට හුරු කරගන්නා ඒ සුවිසල් පෞරුෂයේ සැබෑ හිමිකරු පියා ය. දස මසක් කුස දරා නොසිටිය නමුදු සිය ශරීරයේ රුහිරු ක්ෂීර නොකෙරුවද, පියෙකුගේ ආදරය ඒ මත සිටිමින් සීමා කළ නොහැකිය. සිංහල සාහිත්‍යයේ මව් ගුණ ගීතවලට සාපේක්ෂව පිය ගුණ ගීත සංරචනයේ හිඩැසක් පැවතියද ඒ හිඩැස පුරවමින් සංරචිත "තාත්තේ" යන ළගන්නා අමන්ත්‍රණය ගැබ් වු "තාත්තේ" ගීතය සහෘද සිත හැඟීම්වලින් මූර්තිමත් කළ ගීතයකි.

මෙම ගීතය පිළිබඳ විමසා බැලූ කල අහිමිව ගිය පිය සෙනෙහසේ ස්වභාවය කාරුණික ස්වරයෙන් පවසන ගීතයකි. සිතුවිලි, හැඟීම්, සුදක්ෂ ලෙස පවසන රචකයා වරෙකදී පියා දෙවියන්ට සම කරයි. දෙවියන් අපට පිහිටවනුයේ අධ්‍යාත්මික ලෝකය සුවපත් කිරිම උදෙසා ය. නමුදු තාත්තාගේ චරිතය අපට පියවි ලෝකයේදී පිහිට වන උත්තුංග දේවත්වය යැයි පැවසීම නිවැරදි යැයි මෙම ගීතය ශ්‍රවණය කිරීම ඔස්සේ අනාවරණය විය. ගීතයේ එක් අවස්ථාවකදී තාත්තා සිටින තැනකට එන්නෙමි යන අරැත ගැබ් වී ඇත. ඉන් සහෘද හද මොහොතකට නිසල කරයි. පිය සෙනෙහස උරුම වුවද කාලයක් ඇවෑමෙන් පිය සෙනෙහස නික්ම ගොසින් ඇත. නමුදු රචකයාට අනුව පීතෘත්වය තවමත් සක්‍රීය ය. ඔහු සිය ආදරයේ නිවහන දෙස දැස් දල්වා බලා සිටී. ඒ දේව ආත්මයක් ලෙසිනි. ආගමික චරිත නිමේශයකට මානව සමාජය අධ්‍යාත්මික, මානසික ස්වරූපයන් සවිමත් කරයි. එම මනෝ විද්‍යාත්මක ධර්මතාව රචකයා ගීතයට මුසු කොට ගෙන ඇත.

ගීත රචකයා සදාරණීය පීතෘ ස්නේහය ඉස්මතු කරනුයේ ස්භාවෝක්ති අලංකාරය මත රැදෙමිනි.

"නොසිතා නුඹ ගැන පැතුවේ අපේ සැප,
තාත්තේ නුඹ තමයි ප්‍රේමය..
හනික ඇවිදින් තුරුලු වෙන්නකෝ තාත්තේ මගේ..."

වනාන්තරේ නිතර දෙවෙලේ සතුන් සමඟ තරඟ වදිනා ඒ දඩයක්කරුවා ද පියෙකි. එලෙස ම ගුරු භූමිකාව ඔස්සේ සිප්නැණ ලබාදෙන ගුරුවරයා ද පියෙකි. මේ සියළුම පීතෘත්වයන් තමා පිළිබඳ සැළකිලිමත් වීමට වඩා තමාට උපන් දරුවන් උදෙසා තම සසර වුවද පුද කිරිමට දෙවරක් නොසිතයි. ඒ අභීත යුග පුරුෂයා මගේ පියාය යන්න වැටහෙන විටදී රචකයාට සේ ම සහෘද සිත ද පීතෘ ස්නේහයෙන් සවිමත් වේ. "හනික ඇවිදින් තුරුළු වෙන්නකෝ තාත්තේ මගේ" යන යෙදුම ඒ සුවදායී ආත්මය තමා හැර ගිය බව සිතීමට තරම් පුතු සවිමත් නොවන බව ව්‍යාංගාර්ථවත් කරයි. මෙය සත්‍යයකි. තමා මව්කුසට ආ දවසේ පටන් තමා වෙනුවෙන් පිළිවෙත් පිරූ ඒ අසහාය පීතෘත්වය තමා අසලින් බැහැර වී ඇති බව සිතීමෙන් වුව ද කම්පිත වන මානව සමාජයක් තුළ මෙවැනි සදාකලික වෙන්වීමක් සිතට ඇති කරනුයේ සදාකලික වේදනාවකි.

ගීතයේ අවසානයට ළගාවත් ම සිය පියාගේ වියෝව නිසා සසල වූ පුතෙකුගේ හැඟීම් සංයමයෙන් රචකයා පවසයි.
"ඉන්න තැනකට අපිත් එන්නම් තාත්තේ මගේ"
නිර්ව්‍යාජ හැඟීම් සරල භාෂා වහරකින් නිර්මාණය කිරීමට තරම් දක්ෂතාවක් රචකයා සතුය. ගීත රචකයකු, කවියකු, නිර්මාණකරුවකු බිහිවනුයේ සංවේදී පුද්ගල හැඟීම් ඔස්සේය. එම සංවේදී පුද්ගලයින්ට ජීවිතයේ දී මුහුණ දීමට සිදු වූ ස්වයං අත්දැකීම් සහෘද මනස සංස්පර්ශණීය කිරිමට වුවද සමත් බව මෙම ගීතය සමස්ත මානව සමාජයට අනාවරණය කරන තවත් කරැණකි.

සමස්තයක් ලෙස ගෙන බැලූ කල සාදූජන සිත්සතන් පිය සෙනෙහසින් මුක්ත කරන ගීතයක් ලෙස තාත්තේ ගීතය නිර්වචනය කළ හැකිය. සුගායනීය ගායනය, මියුරු සංගීත මියැසිය, කාරුණික ස්වර දැහැන, පද පෙළෙහි අරුතට ගැළපෙන අයුරින්, සංයමයෙන් මනසේ සසර කළ පිය සෙනෙහස හඳුනන සමාජයක් බිහි කිරීමේ අභිමතය මත සිට නිමකළ භාවික ගුණයෙන් සුලක්ෂිත ගීතයක් ලෙස හඳුනාගත හැකි ය.

#විභව

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo