Well Organised Home

Well Organised Home

Share

Photos from Well Organised Home's post 01/04/2026

Easter වලට නිවස සරසන්න හෙට වෙනකම් ඉවසිලි නැති අන්තිම පැය කිහිපය මේ.

Photos from Well Organised Home's post 27/02/2026

අද Family themes ගැන ටිකක් පැහැදිලි කරන්න හිතුවා.

අපිට මොකටද අවුරුද්දකට එහෙම theme එකක්?

අපි කවුරුත් ජීවත් වෙනවාද කියා නොදැනෙන තරමට මහන්සි වෙනවා. හැම වයසකදීම විවිද අරමුණු, ඉලක්ක වෙනුවෙන් මේ වෙහෙස අපි දරමින් සිටියදී අපි නොදැනුවත්වම කාලය ඔහේ ගලා යනවා. ඉතින් අපිට ජීවත් වෙනවාද කියා දැනෙන්නේ නැහැ.

ඒ නිසා අපි හැම වසරකටම අපෙන් මග හැරෙමින් තිබෙන, ඒත් ජීවිතය පහසු කරන්න උදව් වෙන, හැම දවසකම සතුටින් සිටීමට උදව් වන, හොඳ පුරුද්දක් ලෙස ඉදිරියට ගෙන යා යුතු දෙයක් ගැන ඉලක්ක කර ගනිමින්, ඊට අදාලව ගැලපෙන නමක් ඒ වසරට යොදා ගන්නවා. ඉන්පසු මුලු අවුරුද්දම හැම දිනයක්ම ඊට අදාලව සැලසුම් කර ගන්නවා.

2020 "Family time" කියන theme එකත් එක්ක අපි ඇති තරම් කාලය එකට ගත කලා. කෝවිඩ් කාලය නිසා ගෙවත්තේ ඇති තරම් picnic සැලසුම් කලා. අහසේ වලාකුළු දිහා බලා ඉන්න වෙනම දවස් වෙන් කලා.

2021 අවුරුද්දම Happiness සදහාම වෙන්වුනා. Happiness journal ලිව්වා. Road trips, movie nights, nature walks ඇති තරම් සැලසුම් කලා.

2022 Celebrate every moment කියන theme එකත් එක්ක හැම සති අන්තයකම පුංචි පුංචි සාද සැලසුම් කලා. Bucket list හැදුවා. To-do list, routines හදමින් විවිද සැමරුම් සදහා කාලය සොයා ගත්තා.

2023 Good choices එක්ක අපි healthy recipes හෙව්වා. හිතකර ආහාර රටාවකට වගේම ව්‍යායාම වලට යොමු වුනා.

2024/2025 Make a magical space එක්ක අපි නිවසේ සෑම තැනකම සුව පහසු පරිසරයක් නිර්මාණය කර ගනිමින් නිදහස් තැනක් බවට පත් කලා.

පුරා වසරක් එකම theme එකකට පුරුදු වූ පසු ඒ පුරුදු ඊලග වසරේ නොදැනුවත්වම ඉදිරියට ගියා. මේ දිහා හොදින් බැලුවොත් එක වසරක theme එකක් අනිත් වසරේ theme එකට සම්බන්ධ බව පෙනේවි.

මේ නිසා අපි හැම දිනයක්ම හැම සති අන්තයක්ම සමරන්න පුරුදු වුනා. අපි හතර දෙනාම මේ පවුලේ ක්‍රියාකාරකම් වලට එකතු වෙන්න හිතාගෙන දිනයට අදාල සියලු කටයුතු ඉක්මනින් අවසන් කරගන්න පුරුදු වුනා. වැඩි වැඩියෙන් එකට කාලය ගත කිරීම නිසා ඒ ඇසුරට අපි නොදැනුවත්වම ඇබ්බැහි වුනා. දරුවන්ට හොඳම යාලුවො දෙන්නෙක් වෙන්න අපි දෙදෙනාට හැකි වුනා.

මේ වසර ගැන ලියන්න කලින් මේ පැහැදිලි කිරීම ඇති නේද?

Photos from Well Organised Home's post 20/02/2026

අපි සෑම වසරකම ඒ වසරට අදාලව කැමති theme එකක් තෝරා ගන්නවා. එය වසර පුරාම අපේ අරමුණු වලට යන්න, අරමුනින් පිට නොයන්න අපිට උදව් වෙනවා.

මේ විදියට,
2020: Family time
2021: Happiness
2022: Celebrate every moment
2023: Good choices
2024: Make a magical space
2025: Make a magical space
ලෙස සෑම වසරකටම family theme එකක් අපි තෝරා ගත්තා.

සෑම වසරකම එකිනෙකාට වෙනමම සැලසුම් තිබුනත් theme එකට අදාලව පවුලක් ලෙස අපිට එකම එක අරමුණක් තිබුනා. ඒ සදහා අපි බොහෝ සෙයින් වෙහෙස වී වැඩ කලා. කාර්‍යබහුල දින, මාස පහු කරමින් ගත වුනු ඒ වසර කිහිපයේම කිසිම දිනයක අපි අපි ගැන අසතුටින් හිද නැහැ.

2026 වසරේ අපි theme එකක් තෝරා ගන්නට කතිකා කරගන්නට කැලෑවක් ඇතුලක ඈත කදුයායක් පේන මානයකට ගියා.

මේ වසරේ ඉදිරියට බොහෝ කාර්‍යබහුල වන බව පලමු මාසයේම තේරුම් ගිය නිසා, theme එක ලෙස Elevate energy කියන theme එක තෝරා ගත්තා.

මෙය ඉතාම ගැබුරට දරුවන් තේරුම් අරගෙන තිබුනා. ඔවුන් ඊට අදාල සියලු දේ ඔවුන්ගේ journal වල සටහන් කර ගත්තා.

Energy කියන දේ ගැන ඔවුන් සමග දවසක් වුනත් කතා කරන්න ඒ ගැන කියා දෙන්න මට ඇති වෙන්න කරුණු තිබුනා. කැලෑව අතරේ ගහ කොල අස්සේ ඒ ගැන කතා කරන්න කදිම වටපිටාවකුත් තිබුනා.

මේ වසරේ අපි Energy ගැන කතා කරමුද? නිවසක, පවුලක ශක්තිය වැඩි කරගන්න, දනාත්මක කරගන්න ගත යුතු පියවර ගැන හිතා බලමුද? ඒ ගැන කියවන්න ඕනෙ පොත්පත් ගැන කතා කරමුද?ඊලගට අපේ ඒ සැලසුම් ගැන ලියන්නම්.

06/02/2026

පසුගිය වසරම අපිට ඉතාමත් කාර්‍යබහුල අවුරුද්දක් වුනා. වසර අවසානයේ නිවසේ යම් යම් තැන් ලස්සන කර පිංතූර එකතු කරන්නට පොරොන්දු වුවත් ලංකාවට බලපෑ හදිසි ව්‍යසනයත් එක්ක මම ඒ කටයුතු පසුවට තිබ්බා. ඒ සියලුම දේ මේ වසරේ ඉක්මනින්ම ගෙන එන්නම්.

වසර අවසානයේ පුතාගේ ගීතයක වැඩ කිහිපයකට ලංකාවට එන්නට සැලසුම් කර තිබූනා. කරදර අතරත් දින වෙනස් නොකර අපි ඒ සදහා ලංකාවට ආවා.

අවසාන සතියේ පුතා අතින් ලියවුණු, එයා අතින්ම සංගීතය නිර්මාණය වුනු ඔහුගේ පලමු ඉංග්‍රීසි ගීතයේ රූප රචනයකට ඔහුගේම රංගනය එකතු කරන්නට අපිට පුලුවන් වුනා.

අවුරුදු දොලහක පුංචි කොලු පැටියෙක් අතින් ලියවුනු මේ ගීතයට මහා ලොකු තේරුමක් තියෙනව. මම එය පහලින් එකතු කරන්නම්. Close caption on කර ගත්තොත් වචන ටික බලන්න පුලුවන්.

ඔහු එක වසරේ සිට පුංචි පුංචි කතන්දර, කවි ලියන්න හුරු වූ අයෙක්. ඒ වයසේ සිටම ලොකු ලොකු කතා පොත් කියවන්නට හුරු වූ අයෙක්.

ඉතින් ආදරයේ සහ විරහවේ එක්තරා පැති කඩක් කාඩ් පැක් එකකට සමාන කර ලියූ මේ ගීතය ගැන මට පුදුමයක් නැහැ. මුල සිටම මම ඔහුගේ මේ හැකියාව දැන සිටියා සහ එය විශ්වාස කලා.

දෙමව්පියන්ගේ සිහින දරුවන් සැබෑ කල යුතුයි කියන තැන මම නැහැ. අකමැත්තෙන් හරි දරුවන්ට දෙමාපියන්ගේ සිහින සැබෑ කරන්නට සිදු වුවහොත් අවසානයේ දෙමව්පියන්ට අවංකවම ඉතුරු කාලයේ සතුටක් තියෙනවද කියන්න මම දන්නෙත් නැහැ.

නමුත් දරුවන්ගේ දක්ෂතා දැක ඒවා වැඩි දියුණු කරන්නට සහය වී ඔවුන්ගේ සිහින තමන්ගේ සිහින කර ගෙන තමන්ට පුලුවන් තරමින් ඒවා සෑබෑ කර ගන්නට දිරිය දෙන දෙමව්පියන් නම් සදහටම ඉන්නේ සතුටින් බව පමනක් මම දන්නවා.

ඉතින් අද සටහන එහෙම මව්පියවරුන්ටයි. දරුවන්ගේ දක්ෂතා විශ්වාස කරන්න. ඒවා හැබෑ කරගන්න හැකි තරම් දිරිය දෙන්න❤️

https://youtu.be/1KGntXXwfBA?si=pERigVCJtlpjoAC8

Want your business to be the top-listed Home Improvement Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


30, Sir Mohamed Macan Markar Mawatha, Colombo 03, Sri Lanka
Colombo
03