S L F Health Service Union

S L F Health Service Union

Share

29/05/2026

ඌව පලතේ මොනරාගල දිස්ත්‍රික්කය තුල හා නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පලාත් රෝහල්වල සේවයේ නියුතු කාර්ය මණ්ඩලය සඳහා..
රජයේ නිවාඩු දින සේවය කිරීම වෙනුවෙන් ගෙවනු ලබන දීමනා නොගෙවීම සම්බන්ධයෙන්..
ඇතිවී තිබූ වෘත්තිය ගැටලුව සදහා විසඳුම් ලබා දීමට කටයුතු කල .ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමාටත්..මොණරාගල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුමාටත්..
නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුමියටත්..අම්පාර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමාටත් .. බෙහෙවින් ස්තුතියි ..
ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය.
සමස්ත කාර්ය මණ්ඩලය..

28/05/2026

🌻🌻🌻 රජයේ සේවයෙන් විශ්‍රාම ගත හැකි අවස්ථා

🌸 යම් අයෙකුගේ වයස අවුරුදු 55 ලැබු පසු රජයේ සේවයෙන් විශ්‍රාම යාමට ඉල්ලුම් කල හැක.

🌸 මෙය වෛකල්පිත විශ්‍රාම යාම ලෙස සැලකේ.

🌸 අවුරුදු 55 සිට 60 දක්වා ඕනේම අවස්ථාවක විශ්‍රාම ගත හැක.

🌸 අවුරුදු 60 දී විශ්‍රාම යාම අනිවාර්යය.
( සමහර විශේෂ සේවාවන් උදා විශේෂ වෛද්‍ය , අඩිකරන නඩු කාර වරුන් හට අවු 62 ,65 දක්වා සේවය කල හැක)

🌸 ඒ ඒ සේවාවට අදාල වයස පරිපූර්ණත්වයට පත්වූ විට විශ්‍රාම යාම අනිවාර්ය විශ්‍රාම යාම ලෙස සැලකේ.

🌸 වෛකල්පිත විශ්‍රාම යාම හෝ අනිවාර්ය විශ්‍රාම යම යන අවස්ථා දෙකෙහිදීම විශ්‍රාම ගිය දින සිටම විශ්‍රාම වැටුප් හා විශ්‍රාම පාරිතෝෂිකය ලැබීමට හිමිකම් ලබයි.

🌸 විශ්‍රාම ගැන්වීම් විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2.17 වගන්තිය යටතේ සිදු කෙරේ.

🌻රජයේ සේවකයකුට විශ්‍රාම යා හැකි අවස්ථා

1. වෛද්‍ය හේතුන් මත විශ්‍රාම යාම

🌸 අදාල නිලධාරීයා රජයේ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කරන අතර වෛද්‍ය මණ්ඩලය ඔහුට තවදුරටත් සේවය කල නොහැකි බව නිර්දේශ කරන්නේනම් ඒ අනුව විශ්‍රාම යා හැක.
🌸 මෙම විශ්‍රාම ගැන්වීම අමාත්‍යාංශ ලේකම් වරයා විසින් අනුමත කල යුතුය .
🌸 මාසික විශ්‍රාම වැටුපක් හිමි වීමට නම් අවුරුදු 10 ක සේවා කාලයක් සපුරාලිය යුතුය.

2. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 30/88 යටතේ විශ්‍රාම යාම

යම් රජයේ සේවකයකු අවුරුදු 20 ක සේවා කාලයක් සපුරා තිබේනම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 30/88 යටතේ විශ්‍රාම යාමට ඉල්ලුම් කල හැක.
🌸 විශ්‍රාම ගැන්වීම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් විසින් අනුමත කල යුතුය .
🌸විශ්‍රාම වැටුප සහ විශ්‍රාම පාරිතෝෂිකය ලබා ගැනීමට හිමිකම ලැබෙන්නේ ඔහුගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විටය.

3. අකාර්යක්ෂම තාවය මත විශ්‍රාම ගැන්වීම.

🌸 යම් නිලධාරීයෙකු වෙත පවරා ඇති රාජකාරි නිසිලෙස ඉටු නොකරන තරමට ඔහු ආකාරයක්ෂම යයි ආයතන ප්‍රධානියකු තීරනය කරන විට ඔහු සේවයෙන් පහ කිරීමට විකල්පයක් ලෙස අකාර්යක්ෂම තාව මත විශ්‍රාම ගැන්විය හක.
🌸 ඔහුට විශ්‍රාම වැටුපට හිමිකම ලැබෙනුයේ වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විටය.

4. කාන්තා නිලධාරීනියන් හට විශ්‍රාම යා හැකි විශේෂ අවස්ථා

🌸 හෙද සේවය, ගුරු සේවය, පොලිස් කාන්තාවන් , පවුල් සෞඛ්‍යය, බන්ධනාගාර සේවයේ නියුතු කාන්තා නිලධාරිනියන් හට තම සේවා කාලය අවුරුදු 20 සම්පූර්ණ වන දින හෝ වයස අවුරුදු 50 සම්පූර්ණ වන දින යන දින දෙකෙන් පලමුව එලබෙන දිනයේදී විශ්‍රාම යාමට හිමිකම ඇත.
🌸 විශ්‍රාම යන දිනම විශ්‍රාම පාරිතෝෂිකය සහ එදින සිටම විශ්‍රාම වැටුප ලබා ගැනීමට හිමිකම ඇත.

5. විශ්‍රාම වැටුප් අහුරා තබා විශ්‍රාම යාම

🌸 යම් රජයේ සේවකයකු අවුරුදු 10 ක සේවා කාලයක් සපුරා ඇතිවිට විශ්‍රාම වැටුප අහුරා තබා රජයේ සේවයෙන් විශ්‍රාම ගෙන
රාජ්‍ය සංස්ථාවක, මණ්ඩලයක, අධිකාරියක, විශ්වවිද්‍යාලක වැනි ආයතන සදහා සේවයට යාමට අවස්ථාව ඇත.
🌸 මෙහිදී ඔහු යන සේවාවෙන් නිසි වයස එලබී විශ්‍රාම ගිය පසු රජයේ සේවයේ සිටි අවුරුදු 10 ට අදාල විශ්‍රාම වැටුප සහ පාරිතෝෂිකය ලබා ගැනීමට හිමිකම ඇත.

6. විනයහේතු මත විශ්‍රාම ගැන්වීම

🌸 යම් රජයේ සේවකයකු නිසි වයස සම්පූර්ණ කර විශ්‍රාම යන දිනය වන විට ඔහු යම් විනය පරික්ෂණයකට යටත්ව සිටීනම් එම නිලධාරීයා විශ්‍රාම ගන්වනු ලබයි.
🌸 ඔහුගේ විනය පර්ක්ෂනය අවසානයේ ලබාදෙන විනය නියෝගය අනුව ඔහුගේ විශ්‍රාම වැටුප් හිමිකම තීරණය වේ.

7. තනතුරු අහෝසි කිරීම මත විශ්‍රාම ගැන්වීම .

🌸 දෙපාර්තමේන්තුව වසා දැමීම,තනතුරු යටපත් කිරීම, තනතුරු නැති වීම යන හේතු මත විශ්‍රාම ගැන්විය හැක.

27/05/2026
Want your organization to be the top-listed Non Profit Organization in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00