YumiYa
08/10/2024
හොද මූණ පෙන්නාන
හිනා වී ආවාට
හඳේ වත් නැතුව ඇති
ඒතරම් ආවාට
විහගුනේ ආදරය ගැන
උඹලා කවි කීවාට
හඳ උනත් නැතුව ඇති
ආදරේ හාවාට
අතට ගෙන මෙන් හදවතම
ආදරේ පෑවාට
ඈ ගිහින් හුගක් කල්
නොපෙනෙනා මානේට
Nethum kavishka
24/10/08
21/08/2024
හිමි නැතත් ඇතිතරම් සෙනෙහස
තියෙනවා මෙහි තාම
මට නුහුරු පෙම නුඹට උරුමයි
පරවුනේ මල් එහෙම
එහෙව් තැනකට නුඹට යන්නට
කියන්නේ මම කොහොම
මූණ දැක්කත් ඒත් මට ඇති
ඉන්න තැනකින් ඔහොම
අයිතියක් නොලැබෙනා හින්දයි
අපෙ කතාවත් රහම
දුරින් ඉද්දී හරි අඩුයි රිදුමන්
නුඹ ඉගැන්නුවෙ එහෙම
Nethumkavishka
24/08/21
20/08/2024
අත්හැරුනු හැම වැරදි අපෙ
අතීතේ පවට පවරලා
බැරිද ආයෙත් ඉන්න දෙන්නට
වෙනදාවාගෙම ලංවෙලා
තවත් මොනාට රන්ඩුවෙනවද
මමද නුඹමද වැරදි කියලා
මේ තරම් දින තිබිලා නැතුවැති
අපිට අපි නැති දුරින් ඉදලා
රිදුම් දෙන ලොකු හිස් බවක්
ආත්මෙම මගෙ සිදුරු කරලා
කියලාදෙනවද හිනා වෙන හැටි
රිදුනු තැන් පැත්තකින් හලලා
බැරිමනම් අපි දෙපැත්තට යමු
ආදරේ අපෙ මැද්දකින් තියලා
කාලෙකින් නෑ තාම දවසක්
ඇත්තටම ආදරේ දැනිලා
එදායින් පසු නෑ
තාම දවසක්
රත්තරනේ මම
මාව විඳලා........!
Nethumkavishka
24/08/20
17/08/2024
ඟං දියේ රැලි අතරෙ
අනන්තෙක ඇදුනාවේ
ඔරුකඳත් රුවල්රෙදි ලණුත්
ඟං පතුලෙ ගිලුනාවේ
හබලකින් වෙස් අරන් ප්‍රෙමය
මාත් ගෙන ගං දියට වැටුනාවේ
උරුම විදියට මේ වතාවෙත්
ගඟ මැද්දෙ මැරුනාවේ
මේ භවේ මගෙ නොවෙන සුදුනෙළුමේ...
ඔයා එනවද යන්න මතු භවෙක
ප්‍රේමයේ කරුණාවේ..!
Nethumkavishka
24/8/17
16/08/2024
තනි තනිව අපි දෙතැන
හුරතල් කතා මැව්වා
ඇත්තමයි ඒ හිටියේ උඹමද
කියලා මම හෙව්වා
මල් පිපුන ඉසව්වක
නුඹෙ සුවද හෙව්වා
අහම්බෙන් හමාවිත් නුඹ
මගෙ මුවින් හාදුවක් තිව්වා
මතකයිද කාලයක් මං
ආදරේ නුඹෙන් හෙව්වා
ආදරෙද නැද්ද අහද්දී
ඔයා හොදටම රැව්වා
නුඹෙ මතක හදවතේ
පතුලෙන්ම තිව්වා
බොදවෙද්දි ඒ මතක
අම්බානකට මං බිව්වා
කාලෙකට පස්සේ දවසක
පනිවිඩයක් එයා එව්වා
නාස්තිවෙන්නෙ ඇයි ඔහොම
කියලා මතකයි ෆෝන් එක තිව්වා
Nethum kavishka
24/8/16
01/08/2024
ජීවිතේ ලොකු හීන
තියෙද්දිත් ඇති තරම්
අපිට අපි හමුවෙද්දි
නුඹ හිටියෙ ගිනි අරන්
අන්තිමට උඹේ ගිනි
එකින් එක මගෙ කරන්
පැත්තකට විසි වුනා
මුලු හිතම අළු කරන්
දන්නවද..
උඹේ ගිනි නිවන්නට
මාත් දරදිය ඇද්දා
ටිකෙන් ටික මාව ඇවිලෙද්දි
උඹත් හොදටෝම දරදාලා තිබ්බා
Nethum kavishka
2024/8/1
30/07/2024
හිත හරිම කලබලයි
නුඹ කොහෙද හොයනවා
නොපෙනෙනා ඈතකට
නුඹ හෙමින් ඇදෙනවා
වසන්තය එක්කලම
ගසුත් මල් ඵල දරනවා
පහව ගිය පසු වසත් කල
මලුත් හෙමිහිට හැලෙනවා
ආදරේත් කාලෙකදි
මල් වගේ පිපෙනවා
කාලයක් තියෙනවා
කල් ඉකුත් වෙද්දී
දැනි දැනිම පෙනි පෙනිම
ආදරේත් මැරෙනවා
යලිත් මල් පූදින්න
කලින් ඒ ගස් මැරෙනවා....
Nethumkavishka
2024/7/30
29/07/2024
18+
හිතුනා දවසක් යාලුවෙක් කීවා මට
එක කතාවක්
ඇත්තමයි අහපංකො දන්නවද මේක
මහ වල් කතාවක්
ඒකි සෙට්වුනෙ බස් එහෙකදී ඒක
හෙන දිග කතාවක්
බැල්මටයි පෙනුමටයි ඒකි හෙන සෙක්සී
එක පාර මං බලද්දී ඒකි බලනවා දෙපාරක් ගැස්සී
දුරට වැඩියෙන් පෙනුනේ කෙල්ලගේ ලැමයි ඉස්සී
මායම් ටික නම් සුපිරිමයි අනේ ඉතින් මගේ පිස්සී
දතකාලා මචං මම නම්බරේ දීගත්තා
පිස්සුවක් බං දැක්කාම මුලුහිතම ගිනිගත්තා
නම්බරේ අරං ඒකිත් කොළඹින් බැහැගත්තා
දන්නවද පහුවදා මට කෝ්ල් එක අරගත්තා.
හෙල්ලෝව්..
ඔයා නම් මහා පිස්සු කොල්ලෙක්
මහ සෙනඟ ගොඩක් මැද ඔහොම
නම්බරේ ගයිද කෙල්ලෙක්
ඔව්,ඉතින් ඔයා ගත්තේ.?
ඒ ඔයා ලඟට ඇවිත් දුන්න හින්දනේ.
එහෙම දෙන ඔක්කොම ගන්නවද.?
එහෙම ඉතින් ඔයා වගේ දෙන්නෑනෙ ඔක්කොම
බස්වලදි චැට්වලදි වරු ගනන් ගතවෙලා
පාර්ටිවල පාර්ක්වල ඉඳන් එන්නේ මහරෑ වෙලා
සමහරක් දාට රෑ රූම්වල හෙම නැවතිලා
ගෙදර එනකොට බං හොදටෝම හෙම්බත්වෙලා
"ඔයානම් මහ දඟයෙක්
දඟ වැඩයි බෝම
ඉතින් මම විතරක්ද
ඔයානේ මටත් වැඩියෙන් නාක
පාන්දරටත් කූද්දං මාව....
ආතල්ම විතරමයි ඒකිටත් ඕන
එහෙව් ගෑණුත් එක්ක ජීවත් වෙන්නේ බං කෝම
තියාගන්නත් අතහරින්නත් බැරිව සමහර දාක
අඩිය ගහලා වැටිලා ඉන්නයි බං මං හරිම ආස
"හැබැයි එහෙම තැන්වල පැටලෙන්න එපා...
අවුරුද්දකුත් මස ගනනක් මාත් එක්කම ඉඳලා
තව කොහෙද එකෙක් බං දැන් ඒකි කරගහලා
ඌත් හොදහැටි තියන් ඒකිගේ දිග පළල බලලා
හොදම ටික තමයි ඒකිට ඒකවත් බං මදි වෙලා
අඩෝ සිරාවටම, පව් නේද බං ඒකී
ඇයි ඒම අපරාදෙ ජීවිත ඉතින් කියා ඉහීල්ලුවත්
සමහරක් ජීවිත තෝරගත්තෙම වැරදි මවාත්
ජිවිතේ විදිනවා උන් ඒක අමුතුම කලාවක්
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ ඒක හරි කතාවක්
කන්න හිතුනම කබරගොයත්
තලගොයා වෙනවලු
කදුරු මල් වාරෙට මී පැණිත්
තිත්තලු
මිදි කන්න බැරි වුන නරියා කීවෙත්
ඕකලු
කොයි කතාවෙත් ඇත්ත පැත්ත
ඒකලු.....
Nethumkavishka
2024/7/29
28/07/2024
අපිට අපි හුරු බවක් ගැන තකාවක්
ඔයා දවසක් කිව්වා
ගමනෙ අවසන් මොහොතෙ එකටම
ඉමු කියාගෙන
අතින් අත තිව්වා......
එහෙව් කාලෙක දිගින් දිගටම
වලාකුළු හඳ වැහුවා
වලා අතරින් නුඹ හොයාගෙන
කළුවරේදිම දිව්වා
කළුවරෙත් නුඹ දිගින් දිගටම
මගෙම කළු තැන් හෙව්වා
මල් හැලුනු මල් ගහක කොලවල
මලේ සුවඳම හෙව්වා
පස්සෙ කාලෙක උයන්පල්ලෙක්
පස්සේ නුඹ දුර දිව්වා
ඌ මලක්මයි කිව්වා
මං දන්නෙ නෑ ඔව්වා.....
ආයෙ හමුනොවන හිත් එක්ක,
තරහක් හිතේ කොනක්වත්' නොතියාම සමුගන්න.
Nethum kavishka
24/7/28
07/07/2024
කලේකට කලින්
මහා මූසල දවසක
පැටියා හම්බෙලා සතියයි
අපි ගියා මෝදර
කෙල්ල මගෙ තුරුලෙමයි
එදා එලියෙ හරි කලබල
නොසිතුව ලෙස අවිලුනු ගින්නක
අහුවුනා අපි දෙන්නම
වාසනාව ද කරුමෙද
පොඩීඑකී මායී ඇරුනම
හැමදේම අලුගොඩක් වී
පෙනෙන්නට තිබුණා
ඇස් පනා පිට
තැන තැන වැටී තිබුණත්
පිච්චිච්ච මල කඳන්
තිබුනෙ නෑ අහලක
මගේ මැණිකගේ රූපේවත්
අම්මෙකුත් නැතිව
කිරිසප්පයෙක් එක්ක
තනි වුනා පුතේ මාව
එදා මට නැති වුනේ
ඇය නෙමෙයි මාව
පොඩි එකී රෑ තිස්සේ
කිරි හොයන් අඬද්දී
අම්මෙක්ගෙ උණුහුමක්වත්
ගේ හරියේ නැති වෙද්දී
පිච්චෙනවා මගෙ පුපුව
පොඩි එකී සිහිවෙද්දී
පිච්ච මල් වට්ටිය
අතින් අතට ගියා
පොඩ් එකිත් ඒමමයි
හැමෝගෙම අතේ
පිච්ච මල් වට්ටියක්
වගේ හරි පිං පාට
මතක් වෙන්නෙම ඈව
දැන් කෙල්ල දැක්කාම
දරුවෝ..... ම.ල්.මී.....
පොඩ්ඩක් මෙහෙ එන්න
Nethum kavishka
2024/07/07
06/07/2024
අතින් අත් හැරුණත්
හිතින් අත් හැරෙන්න
කාලයට පුළුවන්ද
අපෙ මතක මරන්න
වසන්තෙට හුරු වෙලා
ඉඩෝරෙක තනි වෙන්න
ඒ බවක් නොතිබුනත්
කල්තියා දැනගන්න
පෙමවතුන් හුරුවුනෙම
කදුලු හංගන් හිනහෙන්න"
❤️🩹😌
Nethum kavishka
03/07/2024
"හිතද්දිම ඇතකට පිස්සුවෙන් වගේ ඇදෙන
දකිද්දිම කොහේදෝ දුරක අතරමන් කරන
හඬ ඇහෙද්දිම ඇවිලෙනා මුලු හිතම නිවෙන
තව රුවක් කොහෙද නුඹ තරම් දැනුන"
අතරමැද දාක යලිත් හමු නොවන....❤️🩹
YumiYa
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Website
Address
Colombo