Mindy

Mindy

Share

26/04/2025

පුද්ගලයකු ලෙස අපේ ජීවිතයේ හැම වෙලාවෙම සතුටු හිතෙන දේවල් වෙනවනම් ඒක කොයි තරම් හොඳයිද? නමුත් අපිට සතුටට වඩා සමහර අවස්ථාවල දුක වගේම කලකිරීමක් ඇතිවෙන්න පුළුවන් අවස්ථා බොහෝමයක් පවතිනවා....ඒ ඔයාගේ ජීවිතේ මේ සියලු ඇති නැති දේවල් එක්ක අද වෙනකම් තනියම මේ ගමන ඔයා සතුටු වෙන්න..... මොකද මේ ජීවිතයේ සමහර වෙලාවල් වලදී ඔයාගේ තීරණ වලදි හිටියේ ඔයා විතරක් වෙන්න පුළුවන් පුළුවන්. ඒ වගේම ජීවිතයේ ආපු ප්‍රශ්න ප්‍රශ්නවලදී ඔයාට සාර්ථක ලෙස ඒවට මුහුණ දීලා ජීවිතයට අත්දැකීම් එකතු කරගෙන දැන් ඔයාටම වටිනාකම් එකතු කරගෙන ඉස්සරහටත් මේ විදිහටම තමන් ගැන සතුටු වෙන්න...

05/04/2025

සිතට එන සිතුවිලි මට කරදරයක්

29/03/2025

නිතර සෘණාත්මක සිතුවිලි හිතෙන අයෙක්ද?

අපිට දවස පුරාම ධනාත්මක සිතුවිලි වලින් ඉන්න කියලා කියනවා නම් ඒක ඇත්තටම අමාරු දෙයක්. මොකද සමහර වෙලාවල් වලට සෘණාත්මක සිතිවිලි අපට ඇතිවෙන්න පුළුවන්. මම මේ කියන්නේ නිතරම ඍණාත්මක සිතිවිලි ඔයාට දැනෙනවනම් ඒ වගේම සිතට නිතරම ඒ වගේම සෘණාත්ම සිතුවිලි එනවනම්
ඒ හින්දා ඔයාගේ මානසික සතුට, සෞඛ්‍යට වගේම අධ්‍යාපනයට, රැකියාවට බාධා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ සෘණාත්මක සිතිවිලි වලින් මිදෙන්න නම් ඔයාට කරන්න පුළුවන් මොනවද?

👍 මුලින්ම ඔයා කරන්න ඕන ඔයාට එන සෘණාත්මක සිතුවිල්ල අවධානයෙන් බලන්න ඕනේ. සෘණාත්මක සිතුවිලි එන වේලාව හා එය තේරුම් ගැනීම.

👍 අපිට සෘණාත්මක සිතුවිලි ලියන්න පුළුවන් එතකොට මනසට සහනයක් දැනෙනවා.

👍 සෘණාත්මක සිතිවිලි එන වෙලාවට අපිට පුළුවන් වෙනත් වැඩක නිරත වෙන්න. ඒ කියන්නේ අපි කැමති විනෝදාංශයක් වගේම අපට සතුටක් ඇති කරන දේවල් කරන්න පුළුවන්.

👍 Self talk ඔයා සමගම කතා කරන්න.
මොකද අපිට ප්‍රශ්නයක් ආවාම ගොඩක් වෙලාවට කරන්නේ වෙනත් සමීපතම යෙකුට ඒ දේවල් කියන එකනේ ඉතින් ඒක නරකයි කියනවා නෙමෙයි. ඒත් අපි ගැන දන්නේ හොඳටම අපිනේ ඒක නිසා අපි අපිට වටිනාකමක් දෙන්න නම් අපි ගැන හොඳින්ම දන්න අපි එක්ක කතා කරන්න ඕනේ.

👍 සෘණාත්මක සිතිවිලි දිගින් දිගට එනකොට ඔබට ලැබෙන දේවල් හිතන්න ඒ කියන්නේ ඒ සිතුවිලි වල නිතරම අපි එල්බගෙන හිටියොත් අපිට මොන වගේ දේවල් ඒකෙන් ලැබෙනවද එයින් ප්‍රයෝජනයක් තියෙනවද?

👍ජීවිතය ඉලක්කයක් තියාගන්න ඒ වෙනුවෙන් කැපවෙලා වැඩ කරන්න.

👍 භාවනා කරන්න

27/03/2025

ඔබට අවශ්‍ය වන්නේ සැලැස්ම, මාර්ග සිතියම සහ ඔබේ ගමනාන්තයට යාමට ධෛර්යය පමණි." - අර්ල් නයිටිංගේල්

16/03/2025

සෑමවිටම ශුභවාදීවන්න, එය ඔබට සැනසීම ගෙනදේ." - දලයි ලාමා

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Maharagama
Colombo
10280