CMB Culture

CMB Culture

Share

06/09/2023

❤️ කොළඹ ❤️
උපන්ගම කොළඹ නොවුනට....
ජීවිතය ඉගැන්නුවේ කොළඹ....
ප්‍රේමයට වඩා, "ජීවිතය" බරයි කියලා ඉගැන්නුවේ කොළඹ....❤️
ඕපාදූප හොයනවට වඩා මිනිස්සුන්ට වැඩ තියෙනවා කියලා ඉගැන්නුවේ කොළඹ....
මිනිස්සුන්ගේ අතීතය හාරාවුස්සන්න වෙලාවක් නෑ කියලා ඉගැන්නුවේ කොළඹ....
බඩගින්නේ හරි අරමුණු වලට යන්න හයිය දුන්නේ කොළඹ....❤️

ලස්සනම සරසවියක හිතවත්කම් මුණගැස්සුවේ කොළඹ....❤️
පාරක් ගානෙම අව්ව වැස්ස එක්ක ජීවිතේ ඔට්ටු වෙන්න කියලා දුන්නේ කොළඹ❤️
හීන,හීනයක් නොවෙන්න පාර හැදුවෙ කොළඹ❤️
තටු හයිය කරගෙන ජීවිතය විඳින්න නිදහසක් හදලා දුන්නේ කොළඹ....❤️
නිවාඩුවකටවත් ගමට නොඑන්න තරම් නිදහසක් (නො)දුන්නෙත් කොළඹ....
කොන්ක්‍රීට් වනාන්තරයක් මැද වුණත්.....
ජීවිතය ලස්සනයි කියලා කියලා දුන්නේ කොළඹ...❤️

සල්ලිත් තියෙනවා නම්....
සැනසීමෙන් ජීවත්වෙන්න පුළුවන් කියලා කියලා දුන්නේ කොලඹ......❤️

ඇඳන් යන්නේ මොකක්ද....
ගමන් යන්නේ කාත් එක්කද......
අලුත් වාහනය කීයක් වුණාද.....
දරුවෝ ඉන්නවද....
කසාද බැඳලද....
එහෙම අහන්න කිසිම කෙනෙක්ට අවශ්‍යත් නෑ..අහන්නෙත් නෑ....වෙලාවකුත් නෑ කියලා උගැන්නුවෙ කොළඹ❤️

ඉතින් මං අසීමිතව ආදරෙයි කොළඹට.......❤️
කාත් කවුරුත් නැති උනත්,සුපුරුදුම තැනට❤️

Copied

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
Colombo