Find Yourself
සාර්ථක වීම සදහා ඔබ සතු විය යුතු දේ
1. පැහැදිලි ඉලක්ක සහ අරමුණු
ඔබට සාර්ථක කර ගැනීමට අවශ්‍ය කුමක්ද යන්න සහ ඒවා ලගාකරගන්නේ කෙසේද යන්න පිළිබද නිසි ඉලක්ක හා අරමුණු පැවතිය යුතු වේ.
2. ධනාත්මක ඇස
ඍනාත්මක සිතිවිලි, අදහස්, වචන වලින් බැහැර ව ධනාත්මකව සිතීමට පුරුදු වන්න.තවද සෑම විටම ඍනාත්මක දේ කතා කරන මිනිසුන් සමග කතා කිරීමට නොයන්න.
3. අවදානම් භාරගැනීම
ඔබට යම් ලාභයක් ඉපැයීමට අවශ්‍ය නම් ඔබ
අවදානමක් ගත යුතුම වේ. එම නිසා ආවදානම් ගැනීමට බිය නොවන්න.
4. උද්‍යෝගීමත් බව
ඔබ කරන කාර්‍ය් කුමක් වූවද එය කැමැත්තෙන්, ආසාවෙන් කරන්න. ඔබ එසේ කරන තරමට ඔබගේ දක්ෂතා තව තවත් දියුණු වේ.
5.පරාජය වීමට බිය නොවන්න.
පරාජය වීම ඔබේ හොදම පෙළඹීම විය හැකිය. එකවර ලබන ජයග්‍රහනය ට වඩා පරාජයෙන් පසු ලබන ජයග්‍රහනය වටිනාකමින් වැඩිය.
6. පැවැත්ම
ඔබ කුමන මට්ටමක, අදියරක සිටියද ඔබගේ ක්ෂේත්‍රයේ අඛණ්ඩව රැදී සිටින්න. එය සාර්ථකත්වය කෙරෙහි බලපාන ප්‍රධාන අංගයකි.
7. අඛණ්ඩ ඉගෙනුම් ක්‍රියාවලිය
ඔබේ විෂය ක්ෂෙත්‍රයට අදාළ අධ්‍යාපනික, වෘත්තිය දැනුම ලබාගැනීම හා එදිනෙදා එය යාවත්කාලීන කර ගැනීමට උනන්දු වන්න.
8.කෘතඥතාව
ඔබ මේ මොහොත වන විට සිටින ඔබ සහ ඔබට ලැබී ඇති දේ කෙරෙහි ස්තූතිවන්ත විය යුතුය.එනම් විශ්වයට ස්තූතිවන්ත වීමට පුහුණු වන්න.
Sachini Chandrasiri.
Dip in Counselling Psychology
BSc. Management (USJP)
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo