U-turn

U-turn

Share

Photos from U-turn's post 07/11/2020

අවිස්සාවේල්ලෙ තියන සුන්දරම තැනක්..
සීතාවක උද්භිත උද්‍යානය..
නිවාඩුව ගත කරන්න යන්න කියාපු තැන. කොළඹ ඉදන් බැලුවොත් 49km (1h 25min) යන්නේ. එතනට ගියාම තේරේවි ලංකාවෙ මෙච්චර ලස්සන තැනක් තියෙනවා නේද කියලා. පිටරටකට ගියා වගේ තමයි. Preshoot කරන්න ඉන්නව නම් එතෙන්ට යන්න අමතක කරන්න එපා.. එතන කෑම කන්නත් වෙනම භෝජනාගාරයකුත් තියෙනවා.. කාර්ය බහුල ජීවිතයෙන් පොඩ්ඩක් මිදිලා මේ වගේ සුන්දර තැනකට ඔබගේ පවුලේ අය/ යහළුවන් / ආදරනීයන් සමග නිවාඩුවක් ගත කරන්න. ඒ වගේම ඒ සුන්දරත්වය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කර ගැනීමට අපි සැවොම වග බලා ගමු..

Author and Photo Credits : ED

Photos from U-turn's post 04/09/2020

Photos from U-turn's post 18/01/2020

යාපනේ යන්නේ නැතුව යාපනේ Ice Cream 🍨🍦

හදිසියේම බෙල්ලන් විල Park එක පැත්තෙන් යන ගමන් අලුතෙන් දාපු පොඩි ice cream pot එකක් තියනව දැකල ටග් ගාල නැවතිලා ගිහින් බැලුව. ලොකු වැඩ නැතිව නොර්මල් තැනක්. යනකොටම Price එක්ක ලොකු Banner එකක් බිත්තියේ ගහල තියන නිසා අයෙත් අලුතෙන් menu බලන්න ඕන උනේ නෑ.
මගේ හිතේ තිබ්බේ Fruit Salad (Rs.150) එකක් කන්න නිසා ඉස්සෙල්ල Salad එකක් Order කරලා Jaffna කඩේ නිසා Jaffna Special Ice Cream (Rs.200) එකකුත් Order කරා බලන්න. ඇත්තම කිව්වොත් Salad එකේ නම් Quality එකක් නෑ. Fresh මදි. මුනත් අබුල් කරන් Jaffna Ice Cream එක කන්න ගත්ත. එක නම් හොදටම බඩ පැලෙන්න තිබ්බ. යාපනේ Ice Cream කිව්ව ගමන් මතක් වෙන Mango Ice Cream උඩින්ම දාල තිබ්බා,
Strawberry තව Milk , Jelly වගේ දේවල් දාල අන්තිමේට Fruits ටිකකුත් දාල පිරෙන්න තිබ්බා.
මේක තියෙන්නේ හරියටම දෙහිවල මහරගම පාරේ, බෙල්ලන්විල පාර්ක් එක ඉස්සරහම.
ඔයාලත් මේ Place එකට ගිහින් තිය නම් Comment එකක් දන්න.
මේක මගේ දෙවෙනි Article එක. අඩුපාඩු තිය නම් කියන්න.😇😊😊

Want your business to be the top-listed Travel Agency in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
1525