Thej Vi
15/05/2026
ඔයා දුවගෙන යනවා කියද්දි මට මතක් වුනේ...
ඔයාට මතකද ඉස්සර අපි ලීනාගේ ගෙදර ගියාම බීච් එක පුරාම දුවපු හැටි...?
එහෙ ගියාම තමයි සමහර වෙලාවට මුළු සතියෙම තිබ්බ ස්ට්‍රෙස් එක release කරගත්තේ...
අද වෙනකොට ඒ දේවල් අතීතයක් වෙලා කොච්චර කල් ගිහින්ද මිරානා...
ලීනා බෝඩිමෙන් අයින් වෙලා දැන් අවුරුදු දෙකකටත් වැඩියි...
ඔයා බෝඩිමෙන් අයින් වෙලාත් දැන් අවුරුද්දක්...
කොටින්ම කියනවා නම්, අපි campus out වෙලා අවුරුදු හතරක් වෙන්නත් එනවා කියලා ඔයාට විශ්වාස කරන්න පුළුවන්ද...?
ඒ කොහොමවුනත්, කොච්චර පරණ වුණත්, හිත ඇතුළේ අලුත් වෙවී තියෙන මතක ටිකක් හරි අපිට ඉතිරි වෙලා තියෙනවනේ...
ඒතරම් ලස්සන කාලයක් අපිට ආයෙත් කවදාහරි එයිද...?
අපි පස්දෙනා එකට ඉන්න එකම එක දවසක්...
ඉවරයක් නැතුව කියවන්න පුළුවන් එකම එක හවස් වරුවක්...?
ඔයාට ඔහොම හිතෙන එක පිස්සුවක් නෙවෙයි මිරානා...හැම ගෑණු ළමයෙක්ම හිත ඇතුළෙන් එහෙම හිතනවා ඇති...
මොකද රොබෝ ටික්කෙක් වගේ ඉන්න වුනාට, මමත් ආසයි ඒ වගේ සැනසීමකට...
හරියට සුරංගනා කතාවල වගේ...
ඒත් ඇත්තම කතාව, අපි ඉපදිලා ඉන්නේ සුරංගනා ලෝකෙක නෙවෙයිනේ...
ඒ නිසා අන්තිමට හැමෝටම වෙන්නේ strong independent ගෑණු ළමයි වෙන්න තමයි 🤍
ඒත්, ඔයා ඉන්න දිහාවකින් හරි මල් පිරුණු මිටියාවතක් හම්බුනොත්...
මාත් එන්නම් නිවාඩුවක...
අපි දුවමු 🤭
(ඔයා දන්නවාද...? සමහර ගෑණු ළමයින්ට පුළුවන්ලු, මේ ලෝකෙත් සුරංගනා ලෝකයක් කරන්න)
- තේජ්වී ✍️
Click here to claim your Sponsored Listing.
Website
Address
Nugegoda
Colombo
900000