INDRA

INDRA

Share

08/03/2024

දිනට මොහොතක විඳින හැඟුමක්
දකින මොහොතෙම නැවතෙනම හිතක්
මටත් තියෙනවා දැනෙන මොහොතක්
නුඹ ලඟම හද තියන වරුවක්

නොකීවාට මා වචන දහසක්
සඟව ගත්තද හැඟුම් පොදියක්
හඳක් අහසට ඕන තරමට
මටත් නිතරම දැනෙයි නුඹවත්

නිතර නොදකින දෑස දැනටත්
දැනුත් හිත අග තියෙයි මගෙනම්
නොලැබුනොත් හද බිඳෙයි නුඹනම්
නොහිත ඉන්නට හිතෙයි මටනම්

දැනෙන දේ නොකියමී අද මං
හැඟෙන දේ සඟවමී දැනටත්
නොලැබෙනා බව දනිමි නුඹවත්
හිඳින විදියට සිටිමි මමනම්

ඉන්ද්‍ර..... 💖

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo