Rashmeen

Rashmeen

Share

05/05/2026

“RASHMEEN Fitness Centre,Colombo 03 –0774691333

Transform Your Body, Calm Your Mind 🧘‍♂️🔥 | Now Open in Colombo 03”
“Lose Fat. Build Strength. Find Balance. Welcome to RASHMEEN 💪✨”

04/05/2026

නැවත ඇරබෙන RASHMEEN

28/10/2025

🧘 Kundalini Awakening and Meditation Methods: A Clarification
This article addresses the growing trend of seeking rapid, shortcut methods for Kundalini Awakening and provides a crucial distinction within Yogic philosophy.

📜 Two Paths in Yogic Philosophy
Yogic tradition is broadly divided into two paths:
* The Path for the General Public: Focuses on achieving a good mental state, an active and healthy body, and gradual spiritual progression. The practice here centers on Chakra Stimulation to gently experience the energy's positive effects.
* The Path for Committed Yogis (The Full Yogic Path): This is a more challenging path that includes direct Kundalini Meditation methods. For these prepared practitioners, the goal is direct Kundalini Awakening, not just stimulation.

⚡ The Power of Kundalini
Kundalini Awakening involves the release of an extremely potent energy.
* Committed Yogis are trained through prolonged asanas and meditation to handle this immense power safely.
* The General Public is better suited for Chakra Meditation to enjoy mild benefits, as they lack the foundational preparation to safely manage a full, sudden awakening.

⚠️ The Risk of Modern Misconceptions
There is a contemporary blurring of the lines between Chakra Stimulation and true Kundalini Awakening.
* Many popular practices focus on visualizing light, movement, or spinning in the Chakras. While these can offer benefits like improved physical energy (Muladhara) and digestive health (Manipura), mistaking these sensations for a full Kundalini Awakening is a common misconception.

* This has led to unscrupulous teachers promoting rapid 'awakening' methods using visualizations (like moving light or power) and promising quick Siddhis (spiritual powers). This is a widespread, false practice, not just in Sri Lanka but globally.
Slow, Safe Progress is Key
Yogic philosophy does not state that lay practitioners (householders) cannot achieve Kundalini Awakening. However, it emphasizes that this must be a systematic, gradual process over several years.
Crucially, rapid, forced methods pose significant risks:
* They are detrimental not only to the practitioner but also to their family and relationships.
* We have observed cases of practitioners experiencing rapid anger, frustration, and intense emotional sensitivity, leading to broken relationships and states resembling mental instability.

The most important message is that true Kundalini Awakening is a slow, methodical journey that requires deep preparation to safely manage the powerful transformation.
Would you like me to find information on local certified yoga schools or resources in Colombo that teach these practices following the safe, gradual path?

Druvi Nuleshya
2025.10,28.

28/10/2025

එකොළොස් වැනි සියවසේ බෙන්ගාලයේදී මෙලොව එළිය දුටු තිලෝ පාද නමැති බ්‍රාහ්මණ හින්දු දරුවා සිය බ්‍රාහ්මණ වෛදික දැනුම් පද්ධතිය අධ්‍යාපන කළ දක්ෂ ශිෂ්‍යයෙක් විය.

කෙසේ වෙතත් තරුණ කාලයේ දී ජීවිතයේ මීට වඩා ගැඹුරු දෙයක් ඇති බවට සෙවීමට උත්සුක වී ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශවලට සංචාරය පටන් ගත් හෙතෙම ඉක්මනින් බෞද්ධ දැනුම් පද්ධතිය ගැන අධ්‍යයනයට බැසි නමුත් සාම්ප්‍රදායික භික්ෂු ජීවිතයට එහා තාන්ත්‍රික දැනුම් පද්ධතිය ගැන අධ්‍යයනයට යොමු වී පරිබ්‍රාජක ඒ නම් භික්ෂුවකුත් ගිහියකුත් නොවන තාන්ත්‍රික ගණයට වැටී ජීවත්වීමට පටන් ගත්තේය.

වෘත්තියක් ලෙස තල ඇට මිරිකා තල තෙල් හිඳින වෘත්තිකයෙක් ලෙස තල ඇට මිරිකා තෙල් ගැනීම ක්‍රියාකාරී භාවනාවක් ලෙස ගනිමින් ජීවිතය සාරය උකහා ගැනීම අධ්‍යයනයට බැසීම අපගේ වීරයාගේ කතාවේ ආරම්භයයි.

තාත්වික භාවනාවන්හී මහා මුද්‍රා භාවනාව ප්‍රගුණ කරන්න එතුමාගේ හිස් වූ මනසට ඩාකිනීවරියන් හතර දෙනෙක් පැමිණ ධර්ම දැනුම ලබාදුන් බව සඳහන් වෙයි.

එහිදී රත් ගිනි ඩාකිණිය TUMMO නොහොත් අග්නිශක්තිය සහ ඇතුළත ගින්න පාලනය ඉගැන්විය.

ධවල ආකාශ ඩාකිණිය ආකාශමය වායු ස්වරූපය සහ සිහින මනසේ ස්වරූපය ඉගැන්වීය.

ස්වර්ණමය ඩාකිණිය විශ්වයේ පැවැත්මේ ඇති නොපැවැත්ම නොහොත් ශූන්‍ය මේ ස්වභාවය ඉගැන්වීය.

නීලමය ඩාකිණිය විසින් ඔහුගේ ආත්මය තුළට මේ සියල්ල කිඳා බැස්වීය.

තිලෝපාතුමන්ම පවසන ලෙසට ගුරුකරුකම් ලබා දුන්නේ මේ සිව් දෙනා විසින් පමණි. ඒ කෙසේ වෙතත් පැහැදිලි ලෙස ඔහුට ගුරුවරයෙක් සිටියේ නැත.

යම් කාලයකට පසු අද වන
කත්මණ්ඩු තැනිතලාවේ පශූපතිනාත් යන ස්ථානයේ භගමතී නදිය අසබඩට පැමිණි උන්වහන්සේ එහි නවාතැන් ගත්තේය,පැය ගණන් තනිව භාවනා කරන නමුත් පිළිවෙලක් නැති , සතුන් සමඟ නිතර කතා කරන තනිව සිනාසීම් වැනි හැසිරීම් මිනිසුන්ට මහත් ගැටලුවක් ඇති කළේය.

කෙසේ වෙතත් දිනක් කුසගින්නෙන් පෙලෙන අනාථ දරුවෙක් උන්වහන්සේ හමුවීමට පැමිණියේය, තමුන් ළඟ තිබුණු තල ඇට තලා එයින් ආහාරයක් සකස් කර එම දරුවාගේ කුසගින්නේ නිව් උන්වහන්සේ
" දරුවා මේ තල ඇට වගේ තමයි මේ ලෝකෙ ජීවිතේ මේ තල තලලා ඒකේ සාරය අපි ගන්නවා වගේ මේ ලෝකෙ තලලා ඒ ලෝකේ ඇතුලේ තියෙන සත්‍ය එළියට ගන්න",

මේම කාරණය ඇසූ දරුවා පලමූ ශිෂ්‍යයා වූ අතර මින් පසුව එකතු වූ කිහිප දෙනෙක් කුඩා කණ්ඩායමක් ලෙස මෙතුමාගේ ශිෂ්‍ය පරම්පරාව බවට පත්විය, පසුකාලයකදී එකතු වී ගැඹුරු ලෙස භාවනාව ප්‍රගුණ කළ එතුමාගේ නැගණිය මෙම ශිෂ්‍ය පරම්පරාවේ නායකත්වය ගත්තේය,එතුමිය විසින් මෙම කණ්ඩායමකට එකතු කරගත් ණරෝපාතුමන් මේ ශිෂ්‍ය පරම්පරාව පිරිවෙලින් ණරෝපා ශිෂ්‍ය මරෝපා ,මරෝපා ශිෂ්‍ය මිලරෝපා ගෙන ගිය මේ ඉගැන්වීම මහා මුද්‍රා සංකල්පය තිබිබයේ පතුරුවාලීමට මුල් වූ කාග්යූ සම්ප්‍රදාය ආරම්භ කළේය.

අපි සැවොම දන්නා මහා මුද්‍රා ගීතය යනු නරෝපාට අප අප තිලෝපා මුනිවරයන් වහන්සේ විසින් ගීතමය වශයෙන් දේශනා කර දේශනයයි.

එතුමා අවසාන වරට නරෝපා තුමන්ට අවවාද කරේ මෙපමණක් යැයි සඳහන් වේ,

"කිසිවක් නොසොයන්න, කිසිවක් ගැන නොසිතන්න, කිසිවක් නිර්මාණය නොකරන්න, නිකම් හිඳින්න, නිකං තබන්න,නිකම් වෙන්නට අරින්න, නිෂ්ක්‍රීය වන්න ,විවේක ගන්න, සත්‍යය කිසිවක් නැති තැන ඇත".

ශුන්‍යතා සංකල්පය පැහැදිලිව වටහාගැනීමට හැකි කාරණයක් නොවේ. අදටත් තිලෝපා තුමන්ගේ මරණය සිදුවූත් ස්ථානයක් පැහැදිලිව සොයා ගැනීමට නොහැක මෙම මහා මුනිවරුන් කිහිපදෙනා තවමත් සලකන්නේ අමරණීයත්වය අත්දුටු මහා සිද්ධී රිෂිවරැන් ලෙසය,

වජ්‍රයාන සම්ප්‍රදායේ නම් ,ඔවි, පැහැදිලිවම "බුදුවරයෙකි".

Druvi Nuleshya
2025.10,28.

25/10/2025

සැඟවුණු තාන්ත්‍රික ශුක්‍ර මෝචණය .

පිරිමියෙක් සහ කාන්තාවක් ලිංගිකව එකතුවීමේදී පැහැදිලි වෙනස්කමක් ඇත.

එනම් කාන්තාවක්ගේ දරුවන් උපද්දවීම ඇයට පාලනය කිරීම කළ නොහැකි දෙයක් වීම හා පිරිමියාට සිය ශුක්‍රාණු පිටවීම යම් ආකාරයක පාලනයට යටත් කරමිට හැකි වීමයි.

මෙන්න මෙම නිසා පිරිමියෙක්ගේ මෛතූන්ය ඕජස් නොහොත් කාමුක ශක්තිය ජීව ශක්තිය ලෙස කුණ්ඩලනී ශක්තිය අවදි කිරීම සඳහා යොදා ගැනීමේ සාපේක්ෂව පහසුවක් ඇත.

මේ ක්‍රමයේ නවීන වින්දනාත්ම කොටස පමණක් ලබා ගැනීමට අද වන විට ස්වයං වින්දන අභ්‍යාස නිර්මාණය වුවද සාම්ප්‍රදායික තාන්ත්‍රිකයන්නේ මේ කොටස ගැන දැඩි අවධානයක් යොමු කළේය.

අද වනවිට "Seman retention" යයි හඳුන්වන ශුක්‍රාණු පිට නොකර සම්පූර්ණයෙන්ම බ්‍රහ්මචාරීව සිටීම උගැන්වීම දක්ෂිනා වෘත්ත සහ වමාවෘත යෝග ක්‍රමවල ඉතා ප්‍රචලිත ක්‍රමයකි. ඇත්තෙන්මය ඒ දේ පහසුය,අපහසු වන්නේ ශුක්‍රමෝචණ පාලනයයි.

ශුක්‍රාණු පිරිකිරීමේදී ඇත්තෙන්ම මෙතනදි සිදුවන්නේ තවත් ජීවයක් ලැබීමයි. නමුත් ජීවයක් ලැබීමක් අවශ්‍ය නැති, මේ මොහොතේ සතුටින් සිටිමින් තවත් ජීවයක් තියා තමන්ගේ ජීවිතය වුවද එක දිගට ගමන් නොකර නැවතීමක් සොයන පුද්ගලයෙකුට ශුක්‍රාණු පිටකිරීමේ ඇති ප්‍රයෝජනයක් තිබිය හැකිද?

අන්න එවන් පුද්ගලයෙක්ට අදාළ බන්ධ ක්‍රම විශේෂයෙන්ම මූල භන්ධ සහ මහා භන්ධ වැනි ක්‍රම ,නියමිත උෂ්ණත්වයන්ගෙන් සිදුකරන ජල සම්බාහන සහ අදාල ව්‍යායාම මගින් ශුක්‍රාණු පිටකිරීම අතිශය පාලනයකට ලක් කෙරේ.

මෙහිදී ඔවුන්ගේ පූජා ලිංගික අභ්‍යාස හෝ ලිංගික ක්‍රමවේද හී ශුක්‍රාණු පිට නොකර එම කොටස කිරීම මගින් ස්ත්‍රී පුරුෂ ශරීර දෙකේ ඇතුළත හුවමාරු වන ශක්තීන් කායික මානසික දෙයාකාරයෙන් කුණ්ඩනය ශක්තිය උත්පාදනය කිරීමට යොදාගත හැකිය.

Druvi Nuleshya

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


No. 14, Carmel Road, Colpetty
Colombo
00600