NoteBook
03/02/2026
EVeRESt ❄️
- completed -
02/03/2025
තිමෞර්යට❤️,
ප්‍රේමයේ අරුමැසි කවිය
නුඹ නම්....
එයට වැයෙනා තනුව
මා වෙන්නම්...
ඉදහිටක වැටෙනා වැහි බිදුව
නුඹ නම්...
වැහි බිදු අයදිනා ඇස්ටර් මල
මා වෙන්නම්...
ඝන අදුර මකාලන සඳ
නුඹ නම්...
සඳට තනි රකිනා තරුව
මා වෙන්නම්...
ඉදින්,
මා හද නිවනා සුවය
නුඹ නම්...
සසර පුරාවට නුඹව ම
මා පතන්නම්...
ආඝර්වගෙන් 💚
- මායා -
Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo