Pink Baby

Pink Baby

Share

20/05/2026

මම නම් එයා එක්කම නිදා ගන්නවා ආයේ මොනවද 😂🤭

Pink Baby

20/05/2026

කිරි තේ රසට හදන්න බැරි නිසා මෙවැනි විකල්ප සදහා යොමු වූ මා වැනි අය වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්දතාවක් 🙊☕️

මේ Hazelnut milk tea එක නම් හම්බ උනොත් අරන් බලන්න. ඒක මාරම රසයි ❤️🫰

Pink Baby

19/05/2026

කාටවත්ම නොකියා,
දොර ඇරන් යන්නට...
හිතේ හැටියට රවුමක් ගොසින්,
හිත නිදහස් කර ගන්නට...
හැකියාවක් තිබුණි නම්,
පෙර දවසක මෙන් මට!

කිසිම සැලසුමක් නැතිව,
කිසිම ලෑස්තියක් නැතිව,
කෑම පාර්සල් නොබැඳ,
"හැමෝම කෑවාද?" නොඅසාම...
යතුරත් අරන් යන්නට,
තිබුණා නම් මටත් අවසර!

ඒත්... අම්මා කෙනෙක්ට? 💔
විනාඩි පහකට නාන්නටත්,
අවසර පත්‍රයක් ඕනෑය...
ළමයි බලන්නට කෙනෙක්,
සෙව්වොත් පමණක් එය ලැබෙන්නීය.

බාත්රූම් දොර වැහුව සැනින්,
"අනේ බබා අඬයිද?" කියා,
හිත ගැහෙයි බයෙන් හැමතිස්සෙම...

කඩිමුඩියේ නාගෙන දුවන්නට වෙයි,
දැනටමත් ඇහෙන ඒ හඬට

"අම්මේ......" 😭

මව්කමයි පියකමයි එක සමානයි කියා,
ලෝකය තවමත් කතා කරයි...
නමුත් ඒ දෙක,
කිසිදා එකක් නොවේමය!

මවක් වෙනවා කියන්නෙ
තමන්ගේම ශරීරය, කාලය, නිදහස,
වගේම ඒ ආදරණීය නිහඬතාවය...
හැමදේම ටිකෙන් ටික අතහැරලා,
තවත් ජීවිත කිහිපයක් වෙනුවෙන්,
තමන්ගේ ජීවිතයම පූජා කරන එකයි! 🤍

ලෝකය ඒ බර හැමදාම නොදකිනවා ඇති...
ඒත්, හැම අම්මා කෙනෙක්ම,
ඒ බර තනිවම, නිහඬව,
ආදරයෙන් උසුලනවා ඇති!

✍️Pink Baby
❗️උපුටා ගැනීම තහනම් ⚠️ Share කිරීමට පමණයි 🙏
©️Pink Baby - All Rights Reserved

තවත් ලිපි කියවන්න Pink Baby page එක follow කරලා තියාගන්න 🙏🤗

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Piliyandala
Colombo
10300

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00