Maze by Generation ALPHA
10/09/2023
උසස් පෙළ අවසන් කරලා උසස් අධ්‍යාපනය ගැන හිතන ඔයාලා වෙනුවෙන්ම MaZe by Generation ALPHA අපි හිතුවා ලිපි පෙලක් අරගෙන එන්න. ඒ ලිපි වල පළවෙනි එක විදිහට CIMA පාඨමාලාව ගැන හැඳින්වීමක් අද ඔයාලට ගෙනාවා.කියවලා බලන්න ඔයාලගෙ අනාගතේ ගැන දැනුවත් තීරණයක් ගන්න මේක ඔයාලට උදව්වක් වෙයි.
CIMA නැත්නම් The Charted Institute of Management Accounts කියන්නේ ඕනෙම කෙනෙකුට ඕනෙම වයස සීමාවක දී ආරම්භ කරන්න පුළුවන් වැඩ සටහන ක්.ඔයාගෙ අධ්‍යාපනයේ හෝ වෘත්තීය සුදුසුකම් අනුව ඔයාලට ගැලපෙන පාඨමාලාව තෝරාගන්න ලැබෙන එක ඔයාලට මෙතැනදී ලැබෙන ලොකු අවස්ථාව ක්. CIMA Sri Lanka ආයතනය ප්‍රධාන වශයෙන් මේ පාඨමාලාව ලබාදෙන විඳි කිහිපයක් තිබෙනවා.
ඒවා සදහන් කාලෙත්,
🔰Certificate in Business Accounting
මේ තමයි එයාල ව්‍යාපාර ගිණුම්කරණය පිළිබඳ කිසිදු මූලික දැනුමක් ලබා ගෙන නැති පිරිසට ලබා දෙන පාඨමාලාව.අවශ්‍ය සියලුම මූලික දැනුම ලැබෙන විදියට එයාල මේ විශය නිර්දේශය සකස් කරලා තියනවා.විෂය නිර්දේශය විස්තර සහිතව බලන්න කැමති නම් මේ link එක හරහ බලන්න පුළුවන්.
https://www.aicpa-cima.com/resources/landing/certificate-in-business-accounting-qualifications
මේ certificate in Business Accounting පාඨමාලා ව සම්පූර්ණ කරන කෙනෙකුට ඒක සුදුසුකමක් විදියට භාවිතා කරලා රැකියා වකට යන්න වගේම e රැකියාව ට යන අතරෙම CIMA වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කරලා CGMA එහෙමත් නැත්නම් Charted Global Management Accountant දක්ව යන ඔයාගෙ ඉතුරු සුදුසුකමක් සම්පූර්ණ කරගන්න හැකියාව ලැබෙනවා.
ඔයාලා ට ලැබෙන තවත් පහසුකමක් තමයි ඔයාලගෙ CIMA විභාග ඔයාලට පහසු විදියට සැලසුම් කරගන්න ඉඩ ලැබෙන එක.ඒ වගේම online හෝ ලංකාවේ CIMA විෂය නිර්දේශය උගන්වන පිළිගත් ඕනෙම ආයතනයකින් ඔයට ඉගෙන ගැනිමේ හැකියාව තියෙනවා.
සාමාන්‍යයෙන් පාඨමාලා ගාස්තු GBP එහෙමත් නැත්නම් බ්‍රිතාන්‍ය පවුම් වලින් තමයි සදහන් වෙන්නේ.ඒවා ඒ ඒ දවසට තියෙන පවුම් වටිනාකම එක්ක සසද ලා හදා ගන්න පුළුවනි ඕනෙම කෙනෙකුට.
පාඨමාලා ගාස්තු ගැන විස්තර දැනගන්න පුළුවන් මේ link එක හරහ ගිහින්.
https://www.aicpa-cima.com/resources/landing/fees
🔰Professional Qualification
පාඨමාලාවේ මේ කොටස Business Accounting field එකේ යම් ප්‍රමාණයකට දැනුමක් සහ අත්දැකීම් සහිත වෘත්තිකයන්ට ආරම්භ කරන්න සුදුසු වැඩසටහනක්.
ඔයාලා CIMA විභාග කඩයිම් pass උනාට පස්සේ CIMA CGMA කියන Designation එක එහෙමත් නැත්නම් වෘත්තීය සුදුසුකම ඔයාලගෙ CV එකට එකතු කරගන්න නම් අවුරුදු 3 වෘත්තීය අත්දැකීම් ඔයාල ට ඕනේ. මෙක PER නැත්නම් Practical Experience Requirement කියලා හදුන්වනවා.ඔයාලගෙ CIMA අධ්‍යාපන සුදුසුක විදිහට ඉදිරිපත් කරලා ඒක ට අදාළ job එකකට යන්න ඔයාලට පුළුවන් කම තියනවා.අවුරුදු 3 එ job එක සම්පූර්ණ කලාට පස්සේ ඔයාලට පුළුවන් මේ CGMA membership එක ගන්න apply කරන්න. CIMA CGMA කියන සුදුසුකම ලංකාවේ වගේම ලෝකෙ ගොඩක් රටවල් වල ලොකු පිළිගැනීමක් තියෙන job එකක ගන්න ඔයාලට සුදුසුකමක් වෙනවා.
ඔයාලා කොතනින් ද ඔයාලා ගෙ CIMA පාඨමාලාව ආරම්භ කරන්න ඕනේ කියන එක දැනගන්න ඕනෙ නම් ඔයාලට පුළුවන් මේ website එකට ගිහින් ඔයාලට Account එක්ක open කරලා ඒ ගැන දැනගන්න.
https://www.aicpa-cima.com/resources/landing/becoming-a-cgma
Sources: https://www.aicpa-cima.com/resources/landing/sri-lanka
https://en.m.wikipedia.org/wiki/Chartered_Global_Management_Accountant
- Written by: Madhavi Athulathmudali
Chartered Global Management Accountant - Wikipedia Chartered Global Management Accountant (CGMA) is a professional management accounting designation issued beginning in January 2012.[1] The Chartered Global Management Accountant's mission is to promote the science of management accounting on global stages.
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Address
Colombo
Colombo