Travel Diary

Travel Diary

Share

Photos from Travel Diary's post 25/08/2025

18.මාලිගාවිල රජමහා විහාරය/ ඌව පළාත/Sri Lanka 🇱🇰 🇱🇰

❄️මෙම විහාර සංකීර්ණය අක්කර 225ක භූමියක් පුරා ව්‍යාප්තව පවතී.
❄️මොනරාගල - වැල්ලවාය දක්වා දිවෙන මාර්ගයේ කුඹුක්කන හංදියේ සිට කි.මි. 12 ගමන්කළ පසු ඔක්කම්පිටිය නගරය හමු වේ. එතැන් සිට කි.මි. 05 ගමන් කිරීමෙන් මාලිගාවිල පුරාවිද්‍යා භූමියට පිවිසිය හැකිය.
❄️මෙම ස්ථානය 1936 වර්ෂයේ පුරාවිද්‍යා රක්ෂිතයක් බවට පත්වීය.
❄️ මාලිගාවිල පිළිබඳ මහාවංශයේ 2 වන කොටසේ සඳහන් වේ. එහි සඳහන් පරිදි ක්‍රි.ව. 7 වන සියවසේ විසූ අග්බෝධි රජු විසින් මෙම ස්ථානයේ අන්ධ රෝගීන් සඳහා රෝහලක් ඉදිකර ඇත. වංසකතා අනුව මෙම විහාරය "අරියකර විහාරය" ලෙස සැලකේ.
❄️ශ්‍රී ලංකාවේ විශාලතම ස්ඵටික හුණුගලින් නිමවන ලද විශාලතම බුද්ධ ප්‍රතිමාව ලෙස මෙම ප්‍රතිමාව ලෙස සැලකේ. මෙම ප්‍රථිමාව උස අඩි 37 අගල් 10 කි. බුද්ධ ප්‍රතිමාව පාදමේ සිට අඩි 41 අගල් 10 කි.
ස්වරෑපයෙන් අවුකන ප්‍රතිමාවට සමාන මෙම බුද්ධ ප්‍රතිමාව අභය මුදාවෙන් යුක්තය. වම් අතින් සිවුරු පට දරා සිටී.
❄️ප්‍රථිමාව පිහිටා ඇත්තේ විශාල ප්‍රථිමාඝරයක් තුළය.
❄️එම ගොඩනැගිල්ල සම්පුර්ණයෙන් ගඩොල් භාවිතා කර ඇත. සමචතුරාශ්‍රකාර ගොඩනැල්ලේ පැත්තක දිග අඩි 100 ක් පමණ වේ. පළල අඩි 14 කි.
ඒ අනුව ගෙඩිගේ සම්ප්‍රදායට ඉදිකළ විහාරගෙයක් ලෙස පවතින්නට ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ මතය වී ඇත.
❄️ප්‍රථිමා මන්දිරයට පිවිසෙන දොරටුව අසළ සඳකඩපහන සුවිශේෂි වේ.
❄️ප්‍රතිමාව අවට භූමියේ සංඝාවාස, උපෝසථඝර ආදී ගොඩනැගිලි නෂ්ටාවශේෂ ද, පොකුණුද ඇත.
❄️මෙම ප්‍රථිමාවට ආසන්නයේ දඹේගොඩ බෝසත් ප්‍රථිමාව ඇත.
රෝහණය පාලනය කළ අග්බෝ රජුගේ සොහොයුරෙකු වූ පළමුවැනි දප්පුල රජු විසින් මෙම ප්‍රතිමාව නිමවන ලදි. බෝධිසත්‍ව ප්‍රතිමාවෙන් අවලෝතිකේශ්වර බෝධිසත්වයන් නිරූපණය කර ඇත.
❄️ ප්‍රථිමාව උසින් අඩි 14 අගල් 10 1/2 පමණ වේ. ශිලාමය පාදමක් මත ඉදිකර ඇත. මෙම ප්‍රථිමාව අසළ දඹේගොඩ ටැම් ලිපිය දැකගත හැකිය.
☺️ඉතින් ඔයාලත් මාලිගාවිල රජමහා විහාරය
බලන්න එන්න .
ඉදිරියේදී මෙම මාලිගාවිල රජමහා විහාරය පිළිබඳ වීඩියෝ එකක් මෙම පේජ් එක හරහා අපි ඔයාලා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා😊.
☺️☺️පුංචි ඉල්ලීමක් තියෙනවා තවත් මෙවැනි ලංකාවේ ඇති සුන්දර තැන් පිළිබඳව ඔයාලාට තොරතුරු ගේන්න පේජ් එකට like 👍 දාන්න
https://www.facebook.com/profile.php?id=100071721440396

📸 Photographer @ PD Dissanayake.

Follow T r a v e l D i a r y ❤️


#ආරුක්කුනවයේපාලම #දුන්හිදඇල්ල #මඩොල්සිම #ඌවපළාත #අරදුනුඇල්ල #පස්සර #බදුල්ල දුම්රිය ස්ථානය #මාලිගාවිලරජමහාවිහාරය .

Photos from Travel Diary's post 28/07/2025

15.විසාරි ඇල්ල 🌊🌱💧 / ඌව පළාත /Sri Lanka 🇱🇰🇱🇰

🔆බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති දිය ඇල්ලක් වන විසාරි ඇල්ල මෙම දිය ඇලි මීටර් 20 ක උසකින් යුක්ත වන අතර එය "අලිකොල ඔය උතුරු දිය ඇල්ල" හෝ "අල්කොල ඇල්ල" ලෙසද හැඳින්වේ.

🔆විසාරි ඇල්ල දිය ඇල්ල පූනගල සහ අලිකොල යන ගංගා වලින් සෑදී අවසානයේ කිරිඳි ඔයට ගලා යයි.

🔆මෙම දිය ඇල්ල කඳු නැගීම තරමක් පහසු වන අතර ආරම්භක මට්ටමේ කඳු නගින්නන්ට පවා උත්සාහ කළ හැකිය.

🔆මෙම ඇල්ල වනාන්තරයකින් වටවී ඇති අතර වියළි කාලවලදී හැර වෙනත් කාලවලදී ජලයෙන් පිරී ඇත.

🔆සුන්දර ස්වාභාවික වටපිටාවක් සහ පිහිනීමට 🏊🤽සුදුසු ස්වාභාවික තටාකයක් නිසා පවුලේ දිනයක් හෝ මිතුරන් සමඟ විනෝද චාරිකාවක් සඳහා එය කදිම ස්ථානයකි.
🔆🚙🛵 විසාරි ඇල්ලට යාම ඇල්ල සිට වැල්ලවාය-ඇල්ල-කුඹල්වෙල අධිවේගී මාර්ගය ඔස්සේ කිලෝමීටර 10.8 ක් සහ රක්ඛිත කන්ද මාර්ගය ඔස්සේ කිලෝමීටර 3.3 ක් පමණ ගමන් කර විසාරි ඇල්ලට ළඟා විය හැකිය.

👣👣👣 සළකුනු පමණක් තබා යන්න හිතට ගන්න.

☺️ඉතින් ඔයාලත් විසාරි ඇල්ල බලන්න එන්න .
ඉදිරියේදී මෙම විසාරි ඇල්ල පිළිබඳ වීඩියෝ එකක් මෙම පේජ් එක හරහා අපි ඔයාලා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා😊.
☺️☺️පුංචි ඉල්ලීමක් තියෙනවා තවත් මෙවැනි ලංකාවේ ඇති සුන්දර තැන් පිළිබඳව ඔයාලාට තොරතුරු ගේන්න පේජ් එකට like 👍 දාන්න
https://www.facebook.com/profile.php?id=100071721440396

📸Photographer @ PD Dissanayake

Follow T r a v e l D i a r y ❤️


#ආරුක්කුනවයේපාලම #දුන්හිදඇල්ල #මඩොල්සිම #ඌවපළාත #අරදුනුඇල්ල #පස්සර #විසාරිඇල්ල

19/04/2025

මේ තැනදි හිතට දැනෙන මානසික නිදහස😊❤️
ගිහින් තියන අය ඉන්නවානම් කියන්න බලන්න මේ තැන...
Follow T r a v e l d i a r y ❤️

පේජ් එක like කරලා follow කරලා උදවුවක් දෙන්න ..☺️☺️ https://www.facebook.com/profile.php?id=100071721440396

📸 Credit Gose To Original videographer ..


#ආරුක්කුනවයේපාලම #දුන්හිදඇල්ල #මඩොල්සිම

Want your business to be the top-listed Photography Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo