Viru Beauty

Viru Beauty

Share

04/01/2023
04/01/2023

ලස්සනම දේවල් එච්චර කාලයක් තියෙන්නේ නෑ මිත්‍රයා 🥺💔.
(මෙයාලා හුඟාක් වයසට ගිහිල්ලා ඒ නිසාලු කපලා තියෙන්නේ. ඒ බව කරැණාවෙන් සලකන්න🥺)
අනුරාධපුර. මගේ ගම.
මම හවසට උදේට ඇවිදින්න ආසම තැන බසවක්කුලම වැව් බැම්ම.
ඇති තරම් මම ඇවිදලා ඇති මෙතන,
පැය ගණන් වාඩිවෙලා, ඈත පේන චෛත්‍යයන්
දිහා බලාගෙන ඉන්න ඇති.
මේ පේන ගස්වල ඉන්න කුරුල්ලන්ගේ සද්ද
ඇති තරම් අහලා ඇති.
ඒත් කවදාවත් එපා නොවෙන එකම තැන.
දරාගන්න බෑ අමාරැයි.
මම දන්න විදියට මේ ගස්වල වයස
අවුරැදු බර ගාණකට වැඩියි.
මිනිස්සු එක්ක කතා කරනවාට වඩා මේ ගස් එක්ක කතා කරද්දි හරි සැනසීමයි.
කොවිඩ් කාලේ ගෙදරට වෙලා ඉන්න බැරිවුණාම, ඇදිරිනීතී දාලා තියෙද්දී
මම ඇවිල්ලා කාලේ ගෙව්වේ මේ ගස්වල හෙවන යට. මේ ගස් තුරැලේ.
ඕනිතරම් මම මේ ගස් පිරිමැදලා ඇති. ඒ සුවඳ අදටත් මතකයි.
ඇස්වලින් කදුළු වැටෙන්නේ ඉබේටම.
පපුව පිච්චිලා යන්න තරම් වේදනයි.
ඒත් මම ආය ගමේ එද්දී එයාලා අපිව දාලා ගිහිල්ලා.
හේතුව හොයලා බැලුවාම එයාලා හුඟාක් වයසයිලු. ඒ නිසා එයාලාව කපලා දාලා.
" සමහර තැන් ලස්සන පරණ වුණාම
ඒත් පරණ කිසිම දෙයක් කවුරැත් තියාගන්නේ නෑ"
සුභ ගමන් ආදරණීයන්ට,
සුවබරව නිදන්න.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00