Marketing Alumni Association USJ

Marketing Alumni Association USJ

Share

12/07/2026

We are pleased to announce the official partnership between the Marketing Alumni Association of the University of Sri Jayewardenepura (MAA) and the Postgraduate Institute of Management (PIM).

Through this collaboration, MAA members will be entitled to a 6% discount on course fees across all PIM programmes, including PGD, MBA, EMBA, DBA, and PhD programmes.

This partnership reflects MAA’s continued commitment to creating meaningful opportunities for professional growth, postgraduate learning, and lifelong development within our alumni community.

Modern Marketing 16/05/2026

Modern marketing is a fast-evolving practice that changes every second.
In our newest Legendary Marketers episode, Mr. Denzil Perera (Strategic Consultant & Advisor) shares practical insights on how marketers can stay relevant, adapting to shifting consumer behavior, new tools and platforms, and the demands of today’s competitive market.

Watch here:

Modern Marketing Modern marketing is a fast evolving practice that changes every second. In this special discussion, Denzil Perera, Strategic Consultant and Advisor, shares p...

27/04/2026

මානව හිතවාදී මහැදුරෙකුගේ නික්මයෑම- ජේෂ්ඨ මහාචාර්ය නලීන් අබේසේකර.

අධ්යාපනය සහ අත්දැකීම් තුලින් ලබන දැනුම, සමාජයේ ඉහල තනතුරු තුලින් ලබන නිල බලය, කීර්තිය, යසස, ධනය මේ සියල්ලම මනුෂ්යයෙකුට තම ජීවන ගමන තුල උපයා ගන්නට අසීරුය. අසීරුවෙන් මේ සියල්ලම උපයා ගත්තත් ඒ සියල්ලටම වැඩියෙන් කැපී පෙනෙනා මනුෂ්යයත්වයක් හා සහකම්පනයක් ලැබීම අතිශය දුර්ලබය. දැනුම + බුද්ධිය සමග මනුෂ්යත්වය + සහකම්පනය නම්වූ සංකලනය ශ්රී ලාංකීය ජන සමාජයට දායාද කල මානව හිතවාදී මහැදුරෙකුගේ නික්මයෑම මතකාවර්ජනයන් ඔස්සේ මෙසේ සටහන් කළ යුතුමය.
ඔහු නමින් ජේෂ්ඨ කථිකාචාර්ය නලීන් අබේසේකරය, ශ්රී ලංකා විවෘත විශ්ව විද්යාලයේ කළමනාකරණ අධ්යයන පීඨයේ හිටපු පීඨාධිපති වරයා වන ඔහු උපත ලබන්නේ 1975 වර්ෂයේ අප්රේල් 19 වනදාය. කොළඹ අසෝක විද්යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්යාලයෙන් මූලික අධ්යාපනය හදාරන ඔහු, උසස් පෙලින් පසුව තේරී පත්වන්නේ ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයටය. එහිදී අලෙවි කළමනාකරණ අධ්යනාන්ශයෙන් තම විශේෂවේදී මූලික උපාධිය ලබා ගන්නා ඔහු, තම ශාස්ත්රපති හා දර්ශනසුරී (PHD) උපාධියන් ලබාගන්නේ කොළඹ විශ්ව විද්යාලයෙන්ය.
ඔහු සැම විටම නිදහස් අධ්යාපනයේ ඉහලම ප්රතිලාභ ගත් තැනැත්තෙක්ය. ඒ ගත් ප්රතිලාභයන් වෙනුවෙන් අවැසි පමණටත් වඩා ප්රතිගුණ ලබා දුන් පුද්ගලයෙක්මය. කොටින්ම රටට, දැයට බරක් නොවූත්, ණයක් නොවූත් විශිෂ්ට චරිතාංගයක්ය. ශ්රී ලංකා විවෘත විශ්ව විද්යාලය තුල ඔහු සදා අමතක නොවන නාමයකි. ආධුනික කථිකාචාර්ය වරයෙකු ලෙසින් විවෘත විශ්ව විද්යාලයට පිවිසෙන ඔහු පියවරෙන් පියවර ඉතා දක්ෂ ලෙස අවුරුදු 50 වන විට ජේෂ්ඨ කථිකාචාර්ය වරයෙකු බවට පත්විය. එතැනින්ද නොනැවතී ඔහු කළමනාකරණ අධ්යයන පීඨයේ පීඨාධිපති වශයෙන් අවුරුදු 03 කාලයක් සේවය කළේය.
තම ධූර කාලය තුල මහාචාර්ය නලීන්ගේ කර්යභාර්යය හුදෙක් තම විද්යාර්ථයින් අධ්යාපනික සාර්ථකත්වය කරා ගෙනයාම පමණක් නොවීය විටෙක මිත්රයෙක්, සොහොයුරෙක්, පියෙක් ලෙසින් ලෙන්ගතුව, ආදරණීයව තමන් අවට සිටින ඕනෑම අයෙකුට විවෘත වෙමින් නිවැරදි මගපෙන්වීම ලබා දුන්නේය. ඉතින් මේ සියල්ල නිසා ඔහු සුවිශේෂීය. "මචන්, අයියේ, මල්ලී" ඔහුගේ සුපුරුදු වාග් විලාශයන්ය. ඒ ඔහු තුල වූ අසීමිත ලෙන්ගතු කමයි. මේ නිසාම හිරිමල් යෞවනය ඔහුව වැළඳගන්නේද ඉතා ආදරණීය මිනිසෙකු ලෙසින්ය.
අලෙවිකරණය, නායකත්වය හා උපායමාර්ගික කළමනාකරණය යනු මහාචාර්ය නලීන්ගේ පර්යේෂණ ශේස්ත්රයන්ය. මේ සියල්ලම ඉතා ගැඹුරු,න්යායාත්මක ක්ෂේස්ත්ර වන නමුදු, ඔහුට තිබුණු සුවිශේෂීත්වය නම් කෙතරම් ගැඹුරු ස0කල්පයක් වුවත් සැමට වැටහෙන පරිදි අතිශය සරලව තේරුම් කරදීමට ඇති හැකියාවයි. මේ නිසාම ඔහු එක් අවස්තාවක "Marketing සිංහලෙන්" කෘතිය රචනා කළේය. බොහෝවිට ඉංග්රීසි බසින් පමණක් පරිශීලනය වුනු අලෙවිකරණ සංකල්ප රැසක් මේ හරහා ශ්රී ලාංකීය සාමාන්ය ජන සමාජයට ලඟා කරවීමට මහාචාර්ය නලීන් උත්සුක වීය. මියැදෙන්නට මත්තෙන් ඔහු තවත් ඉතා වැදගත් කර්තව්යයක් අවසන් කළේය. එනම් "Marketing සිංහලෙන්" කෘතියේ දමිල පරිවර්තනය නිකුත් කිරීමය. සමානාත්මතාව පිලිබඳ ඔහුට තිබු අවධානය මෙන්ම, අලෙවිකරණය මෙරට තුල කිසිඳු පාර්ශවයකට අසාධාරණයක් නොවන අයුරින් ජනගත කිරීමට ඔහු තුල වූ අභිප්රේරණය මෙමගින් මනාවට පිළිබිඹු වීය.
පෙරකී ලෙසම මේ සියල්ලටම ඔබ්බෙන් සෑම විටම ඔහු මනුෂ්යත්වය ප්රගුණ කළේය. සමාජ සුබසාධනය වෙනුවෙන් තමන්ගේ මහන්සිය නොතකා කැප වුණේ ඒ නිසාය. තමන් හරිමග යමින් තම අනුගාමිකයින්ද හරිමග යැවීමට ඔහු මහන්සි විය. සමාජ මාධ්ය ජාලාවන් තුල, ප්රසිද්ධ මාධ්යන් තුල, පුවත්පත් තුල මෙන්ම විවිධ විශ්වවිද්යාල සමිති සමාගම්, වෘතීය ආයතන සහ පාසල් තුල ඔහු බෙදා දුන්නේ යහපත් පණිවුඩයන්ය. තම දැනුම, අත්දැකීම් තුලින් යහපත් හෙට දිනක් උදා කරලීමට ඔහු උනන්දු වීය. ඉතින් ඔහු යහපත් හෙට දිනක් වෙනුවෙන් අද තම උපරිමය සමාජයට දුන් අද්විතීය මනුස්සයෙක්ය. ඔහු කල මෙහෙවර මේ සටහනට ලගු කිරීම කෙසේ නම් සිදු කරම්ද?
ඔහුගේ බිරිඳ අයන්ති ප්රනන්දුය. එකම පුතා සනුකය. ස්වාමි පුරුෂයා, තාත්තා යන පදවි වලින් ඔබ්බට ගොස් ඔහු සිය පවුලට යහලුවෙක් වූයේය. ඒ පවුල තුළ සැමවිටම වූයේ සිනහ පිරි, ආදරණීය, අර්ථාන්විත කතා බස්ය, ඔවුන්ව සමීපව ඇසුරු කළ සියල්ලන්ට මෙය නොරහසකි. ඔහු ඔහුගේ ආදරණීය බිරිඳ සමඟින් ලියූ 'ගැහැණු සිතක් සහ පිරිමි සිතක්' පද්ය කෘතිය ද මෙහිදී මතක් කළ යුතුමය. මහාචාර්ය නලීන් තම සහෝදර සහෝදරයින්ට, දෙමවුපියන්ට නිතැතින්ම ප්රමුඛතාවය දුන් තැනැත්තෙකි. ඒ ඔහු ඒ බැඳීම් වල වටිනාකම මනාවට අවබෝධ කරගෙන සිටි බැවිනි.
එමෙන්ම, ඔහු තුළ වූ උසස් කලා කාමීත්වයද මෙහිලා සඳහන් කළ යුතුමය. ඔහු සාහිත්යයට නිතැතින් ප්රේම කළේය. 'කළමණාකරීත්වයට විරාමයක්' නමින් වූ විශේෂ රසවින්දන වැඩසටහනක් ඔහු තම සිසු දරුවන් වෙනුවෙන් හඳුන්වා දෙන්නේද එබැවිනි. අධ්යාපනය, කලාව, ආගම මේ සියල්ල මිනිසාගේ යහ පැවැත්මට උපකාරී වන බව ඔහු සක්සුදක් සේ දැන සිටියේය. මේ යථාර්ථය ඉතා සරලව ඔහු සියල්ලන්ටම දැනෙන්නට ඉඩ සැලැස්වීය. ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයෙන් තෝරාගත්, විශිෂ්ටතම ආදි විද්යාර්ථයින් වෙත ජීවිතයේ එක් වරක් පමණක් පුදන 'ප්රදීප ප්රණාම' සම්මානයෙන් ඔහු 2025 වර්ෂයේදී පිදුම් ලබන්නේද මේ සියල්ල වෙනුවෙනි.
ඔහු ගැන කතා කරන්නට ඇති දෑ අප්රමානය. ඒ අප්රමාන දෑ අතර, එකඳු හෝ නරක දෙයක් නොමැති වීම සාමාන්යෙන් විය නොහැක්කක් වුවත්, මහාචාර්ය නලින් සම්බන්දයෙන් එය එසේය.
මෙසේ ඔහු අපෙන් වෙන්ව යාම, ශ්රී ලාoකීය ජන සමාජයට, මෙන්ම සමස්ථ ලෝකයටම මිල කරන්නට නොහැකි වන පාඩුවකි.
මහාචාර්ය නලීන් අබේසේකර සහෘදයාණෙනි, ඔබ සදා අමරණීයයි. ඔබට අමා මහ නිවන් සුව!

-ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ අලෙවිකරණ අධ්යනාoශයේ ආදි විද්යාර්ථ සoගමය-
2026.04.27

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo