Hiru RMES
17/02/2026
උපුටා ගැනීමකි.......
සිරිලක ලොව දිනූ යකඩ ගැහැණු ❤
මීට වසර කිහිපයකට පෙර මුළු රටම "ලොක්ඩවුන්" කරලා, හන්දියක් හන්දියක් ගානේ තුවක්කු අතැති අපේ ආරක්ෂක අංශවල කොල්ලො කෙල්ලන් මුර කරද්දී, හැමෝම තමන්ගේ පණ බේරාගන්න දොරවල් වසාගෙන ගෙවල් ඇතුළට වී සිටි ඒ අඳුරු දවස් මතක් කරලා බලන්න.
රූපවාහිනී තිරයෙන් දිනපතා ඇසෙන මරණ සංඛ්‍යාව දෙස බලමින් මුළු ජාතියම මරණ බයෙන් වෙවුලද්දී, ඒ අදෘශ්‍යමාන වෛරසය සමඟ රසායනාගාර ඇතුළේ හුදෙකලා වී, අපේ රටේ මිනිසුන්ගේ හුස්ම ටික බේරාගන්න වැඩ කළ ඒ අභිමානවත් හෙළ විද්‍යා දියණිය ඔබට මතකද?
ඇය මහාචාර්ය නීලිකා මලවිගේය!
නීලිකා මලවිගේ යනු උපතින්ම සහජ දක්ෂතාවලින් පිරිපුන් තැනැත්තියකි. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් තම කණ්ඩායමේ දක්ෂතම ශිෂ්‍යාව ලෙස රන් පදක්කම් රැසක් දිනාගනිමින් ඇය වෛද්‍යවරියක් ලෙස පිටවූයේ පීඨයේ ඉහළම ගෞරවය දිනාගනිමිනි.
නමුත් ඇය සාමාන්‍ය වෛද්‍යවරියක ලෙස පෞද්ගලික රෝගීන් බැලීමට වඩා පර්යේෂණ ක්ෂේත්‍රයට යොමු වූවාය. ඒ ගමනට ප්‍රධානතම හේතුව වූයේ 2001 වසරේදී ඩෙංගු රෝගයෙන් කුඩා දරුවන් සිව්දෙනෙකු එකවර මියයෑමේ සංවේදී පුවතයි. එදා ඇතිවුණු ඒ මහත් වේදනාව ඇයව යොමු කළේ "වෛරස් ප්‍රතිශක්ති විද්‍යාව" පිළිබඳ පර්යේෂිකාවක වීමටයි.
ඇය ලොව ප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබාගත්තාය. එම උපාධියෙන් පසු ඇය 2008 වසරේදී, එනම් ලංකාවේ දරුණු යුද්ධයක් පවතින අවධියක නැවත මව්බිමට පැමිණියාය.
"අපේ රටේ පර්යේෂණ ක්ෂේත්‍රය අපිම ගොඩනැගිය යුතුයි" යන අධිෂ්ඨානයෙන් ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය බිංදුවේ සිට ගොඩනැගුවාය.
ආපසු පැමිණි මුල් කාලයේදී යුද්ධය සහ අරමුදල් හිඟකම නිසා පර්යේෂණ කටයුතු පවත්වාගෙන යාම දුෂ්කර වුවත් ඇය පසුබට නොවූවාය.
මහාචාර්ය ග්‍රැහැම් ඕග් වැනි ඇගේ ගුරුවරුන්ගේ සහ ජාත්‍යන්තර සබඳතාවල සහය ඇතිව ඇය සිය පර්යේෂණ ඉදිරියට ගෙන ගියාය. 2011 වසරේදී ඩෙංගු වෛරසය සම්බන්ධයෙන් ලබාගත් ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍රය ඇගේ ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් විය.
කොවිඩ්-19 වසංගතය පැමිණි විට ඇය සහ ඇගේ පර්යේෂණ කණ්ඩායම කළ මෙහෙවර සුවිශේෂී වේ:
ලංකාවේ පැතිරුණු ආසාදිතයන්ගෙන් 90%ක්ම "ඩෙල්ටා" වෛරසය බව මුලින්ම හඳුනාගත්තේ ඇය ඇතුළු කණ්ඩායමයි.
ඩෙල්ටා ප්‍රභේදයේ නව විකෘතිතා (A701S, R24C) සහ නව උප පෙළපතක් (AY.28) පවා ඔවුන් ලෝකයට හෙළි කළේය.
සයිනොෆාම් සහ ස්පුට්නික් V එන්නත් ලබාගත් ලාංකිකයන්ගේ ප්‍රතිශක්තිකරණ මට්ටම පිළිබඳ පර්යේෂණ පවත්වා ඒවා තහවුරු කළාය.
මේ සුවිශේෂී දක්ෂතාව නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මුළු ලෝකයෙන්ම තෝරාගත් විශිෂ්ටතම විශේෂඥයන් 10 දෙනෙකුගෙන් යුත් තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකාවක ලෙස ඇයව පත්කර ගනු ලැබීය.
ඇය සිය විද්‍යාත්මක අවංකභාවය ප්‍රදර්ශනය කළේ 2021 ජූලි මාසයේදීය. මෙරට එන්නත් ලබාදීමේ ක්‍රියාවලියේදී විද්‍යාත්මක පදනම ගිලිහෙන බව දුටු විට, ඇය රජයේ එන්නත් උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වූවාය. තනතුරට වඩා ඇයට වැදගත් වූයේ තමන් උගත් විද්‍යාව සහ ජනතාවගේ ආරක්ෂාවයි.
මහාචාර්ය නීලිකා සිය සිසුන්ට ඔක්ස්ෆර්ඩ් වැනි ලොව ඉහළම විශ්වවිද්‍යාලවලට ගොස් අධ්‍යාපනය ලැබීමට මඟ පෙන්වන අතර, අඩු ආදායම්ලාභී රටවල පර්යේෂකයන්ට ඇතිවන බාධක ගැන ජාත්‍යන්තර වේදිකාවල හඬ නඟයි.
ඇය පවසන්නේ විද්‍යාවේ ගුණාත්මකභාවය මිස එය නිපදවන රටේ ධනය ඒ සඳහා මිනුම් දණ්ඩක් නොවිය යුතු බවයි. අද ඇය ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය නම් කළ ලෝකයේ ඉහළම විද්‍යාඥයන් 2% අතරට තේරී පත්වී ඇත.
අප අතර ජීවත්ව සිටින මෙවැනි අභිමානවත් චරිත අගය කිරීම ජාතික යුතුකමකි. ලෝකය දිනූ මේ හෙළ විද්‍යා දියණියට මුළු රටේම ප්‍රණාමය පුද කරමු! 🇱🇰❤️
රට අතහැර යන යුගයක, රට වෙනුවෙන් ආපු ඇය ගැන ලෝකයටම කියමු. මේ වගේ වටිනා මිනිස්සුන්ව ජීවතුන් අතර ඉද්දීම අගය කරමු.
රටේ වටිනාකම් දකින, සැබෑ වීරයන් අගය කරන ඔයා වගේ කෙනෙක් අපේ පේජ් එකේ ඉන්න එක අපිට ගෞරවයක්. දිගටම රැඳී ඉන්න Follow කරන්න.
Share කරලා හැමෝටම බලන්න සලස්වන්න. 🔄
Comment එකකින් ඔබේ ගෞරවය පුද කරන්න. 💬
ඉම් තෙර FB පිටුවෙන් උපුටාගැනීමකි
🙏
10/11/2025
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Colombo