Mummy Bear

Mummy Bear

Share

17/10/2024

උපුටාගැනීමකී!

ලිපි අංක 1
දරුවන්ට Organising පුරුදු කරන්නම ඕනෙද???
🤔📚🗑🧮

දරුවන් මුල් කරගෙන මේ ලිපිය ලියන්නේ ගුරුවරියක් විදියට දරුවන් එක්ක වැඩ කරලා ලැබන අත්දැකීම් එක්කයි..බෝහෝ විට දෙමව්පියන් දරුවන් ගැන ඉගෙන ගන්නෙ ඔවුන් දෙමව්පියන් වුණාට පස්සෙ.. ඒත් ගුරුවරුන්ට නම් විවාහ වෙන්න කලින් ඉඳන්ම දරුවන් ගැන හොඳ අධ්‍යයනයක් කරන්න ලැබිලා තියන අවස්ථාව දෙවියො දුන්න බෝනස් එකක් වගේ...

අද මම කතා කරන්නෙ දරුවන්ට Organising skills ලබාදීම අත්‍යවශ්‍ය වෙන්නෙ ඇයි? ඒක මොනතරම් ඔවුන්ගේ ජීවිතයට වැදගත් වෙනවද කියන එක ගැන...

🏆මොනවද මේ Organising Skills?

අපි දකිනවා පොඩි ළමයි ඉන්න ගෙවල් වල බොහෝදුරට සෙල්ලම් බඩු ඉහිරිලා,පාට කූරු පොත් පෑන් පැන්සල් මේස උඩ, බිම, ඇඳ යට හැමතැනම තියනවා දකින්න පුලුවන්..නමුත් අපි හරියට උත්සහ කළොත් අපිට දරුවන් පුංචිම වයසෙදි හරිම පහසුවෙන් මේ දේවල් අසුරාගන්න, අස්පස් කරගන්න යොමු කරන්න පුලුවන්.

🏆කොහොමද පුංචි දරුවන් ඒ වගේ දේකට යොමු කරන්නෙ? එයාලා කැමති වෙයිද?

අපොයි ඔව්! ඉහළින්ම කැමතියි.පොඩ්ඩක් මතක් කරලා බලන්න ඔබේ ළමා කාලය.ඔබ ලොකු අය කරන වැඩ කරන්න කොච්චර උත්සහ කළාද කියලා? පොල් ගාන්න..හිරමණේ ළඟට උසත් නෑ ඒත්. අතුගාන්න, උදැල්ලක් අරන් කොටන්න.. අපි ආස කළා.මෙන්න මේ අවශ්‍යතාව අපිට කිසිම බාධාවක් නැතුව යොදාගන්න පුලුවන්. මෙතන අපිට හිතන්න දෙයක් තියනවා.ඔව්ොබ අතෙයි ඒ වැඩේ තියෙන්නෙ. ඔබේ දරුවා ඔබ මත යැපෙන කෙනෙක් කරනවද නැත්නම් ස්වාධීන දරුවෙක් කරනවද කියන එක මුලින්ම ඔබ තීරණය කරන්න ඕනෙ .එකට ඔබ අවටම තියන උදාහරණ භාවිත කරන්න පුලුවන්.ඔබ දැකලා ඇති ඇතැමුන් ඉන්නවා තමන්ගේ සිරුර හැර අනිත් සියල්ල අනිත් අයගෙ රාජකාරි කියලා හිතලා වැඩ කරන.ඇඳගෙන හිටපු සරම, කාපු පිඟාන ,තවකෙනෙකුට අස් කරන්න ඉතුරු කරන අය.විශේෂයෙන්ම මේක බලපාන්නෙ පිරිමි දරුවන්ට.ඔබ කැමති නම් ඔබේ පුතා ඒ වගේ කෙනෙක් වෙනවට ...ඔව් ඔබ ඔහුට කිසිම
වගකීමක් දෙන්න එපා.හැම දේම අතට පයට කරලා දෙන්න.එයා හැඩි කළාම ඔබ හැමදාම අස් කරන්න.අවුරුදු 25 - 30 වෙනකල් ඔබ කල රාජකාරිය කවදා හෝ තවත් දියණියකට පැවරේවිනෙ.. ඔබට බැන බැන ඇය ඒ සියල්ල කරාවි. එහෙම නේද?

මේක කාන්තා පාර්ශවයටත් පොදුයි. දුවෙකුට මේ පුරුද්ද නැත්නම් ඇය වසන නිවහන මිහිපිට අපායක් වන බව නොඅනුමානයි.

🏆කොහොමද අපි පටන් ගන්නෙ?

දරුවො හරී කැමතියි තමන් පවුලේ වැදගත් කෙනෙක් බවට සළකනවට.ඒ තමා පොඩි දරුවන්ගේ පෞරුෂයට අඩිතාලම වැටෙන තැන.දරුවො ප්‍රශ්න අහන්නෙ තර්ක කරන්නෙ ඒකයි.ඔයාට බෑ, තාම ඔයා පොඩියි, ඔයාට තේරෙන්නෙ නෑ... ඔන්න ඔය මන්තර ටික මතුරන එක වහාම නවත්තන්න මුලින්ම.එයාට දැනෙන්න අරින්න එයාටත් නිවසේ වගකීම් තියන බව.එයාගෙ part එක එයාට් පවරන්න.එයාට පොඩි ඉඩක් නිවසේ වෙන් කරලා දෙන්න.එයාගෙ පොත් , සෙල්ලම් බඩු, තියන්න වෙනම තැනක් හදලා දෙන්න.ඒක අස් කරන වැඩේ එයාටම බාර දෙන්න.මේවා හරිම ලේසියෙන් එයාලව යොමු කරගන්න පුලුවන් වැඩ.

🏆 ඇයි ඉතින් එයාට වෙනම තැනක්? එයා තාම පොඩීනෙ.

ඔව්.පුංචියි.ඒත් මේ තමයි ඔහුගේ/ ඇයගේ පෞරුෂයේ දැවැන්තම කාලය.ඔබ වයස 4 දි 5 දි දරුවාට පුරුදු කරන සියල්ල ඔහු / ඇය තමාගේ ජීවිත කාලය පුරාවට අරන් යනවා.පස්සෙ දුක් වෙන්න බනින්න එපා.මොකද අරටු නවන්න බෑ.ළපටි කාලෙදි ම ඔවුන්ගේ පෞරුෂය හැඩගස්වාගන්න.දුර දකින්න.තාම පොඩී කිය කියා හුරතල් කරන්න එපා.ආසියාතික සමාජය මේ අංශයෙන් හරිම මන්දගාමියි.ඔබමයි ඔවුන්ගේ පෞරුෂය මොට කර දමන්නේ.අවුරුදු 12 ළමයාටත් බත් කව කවා හුරතල් කරන අම්මෙක් නම් ඔබ, දරුවාගෙ පෞරුෂයට දෙවියන්ගේම පිහිට පතනවා මම.

ඇයි දරුවාට වෙනම ඉඩක්? දරුවාට පෞද්ගලිකත්වය හුරු කිරීම අංක එක.අංක දෙක තමයි තමන්ට කියා ඉඩක් තිබියදී දරුවාගේ පරිකල්පන ශක්තිය වර්ධනය වෙනවා.ඔබ දැක ඇති විදෙස් රට වල දරුවන්ට වෙනම කාමර තිබෙනවා.ඔවුන් නිදාගන්නෙ තනිවම.සමහර වෙලාවට පාසැල් උයන දරුවො තමන්ගේ උදේ කෑම වේල තනිවම සකස් කරගන්නවා.පාඩම් කරන්නෙ තනිවම.තමන්ගේ ජීවිතයේ පාලනය තමා අතට ලැබෙනවා කුඩා කාලයේදීම.ඒ නිසා ඔවුන් වැඩෙන්නෙ ඔවුන්ට සුවදායක පරිසරයක් තුළ.

🏆අපෝ..දරුවන්ට වෙන් කරන්න කාමර අපිට නැහැනෙ.

ඔව් ඔබ ඒ තරම් දුර යන්න ඕනෙ නැහැ දැන්ම.ඔබේ දරුවා ඔබේ ප්‍රමුඛතා ලැයිස්තුවේ හිමි කරගෙන තියන ස්ථානය අනුව ඔබ එය තීරණය කරන්න.මම දැක තිබෙනවා සමහර නිවෙස් වල අම්මලා කතා කරන්නේ දරුවවෙනුවෙන් සියල්ල කැප කර ඇති බවට.ඒත් දරුවාට ලියන කියන වැඩ ටික කරගන්න පොත් මේසයක්වත් නැහැ.හැබැයි ගෙදර සාලෙ අති විශාල වර්ණ රූපවාහිනියක් නම් තියෙනවා.අම්මාට නාට්‍ය ටික බලන්න.තාත්තට ප්‍රවෘත්ති බලන්න.ළමයා ඇතැම් විට කෑම මේසෙ ඉඳගෙන තමා පාසල් වැඩ කරන්නෙ.නැත්නම් බිම.මේ ඔබේ ප්‍රමුඛතාවය ද? ඔව් ඔබට දරුවා වෙනුවෙන් වෙනම කාමරයක් දෙන්න බැරි වෙන්න පුලුවන්.ඉඩ කඩ මදි වෙන්න පුලුවන්. ඒත් දරුවා වෙනුවෙන් ගෙදර පොඩි මුල්ලක් වෙන් කරන්න බැරි කමක් නෑ නේද?එයා වෙනුවෙන් පුංචි පොත් මේසයක්,කියවන්න පොත් රාක්කයක් හදා දෙන්න බැරිකමක් නෑනේද?
සෙල්ලම් බඩු ටික අහුරගන්න ප්ලාස්ටික් කූඩ දෙකතුනක් ගෙනත් දෙන්න බැරි තරම් හිඟ පාඩු තියෙන්න විදියක් නෑ නේද? අඩුගානෙ ලොකු කාඩ් බෝඩ් පෙට්ටි කිහිපයක්.?

🏆ඔව්.හොඳ අදහසක්. මට පුළුවන් එයා වෙනුවෙන් නිවසේ පොඩි කොටසක් වෙන් කරන්න.

එහෙනම් මේ ලිපිය සහ ඉදිරියට පල වෙන ලිපි ඔබට කියවාගෙන යන්න කියලා මම ඇරයුම් කරනවා. ඒ දේවල් කරන්න අවශ්‍ය අවම සැලසුම් ලබාදෙන්න මම සූදානම්.

මුලින්ම ඔබ තෝරාන්න නිදහස් තැනක්.ජනේලයක් ළඟ.නැත්නම් පරිසරය පොඩ්ඩක් පේන තැනක් තියනවා නම් වඩාත් හොදයි.මේක ඔබේ නිර්මාණශීලී අදහස් වලින්ම ගොඩනැගෙන්න ඕනෙ දෙයක්.මේ වැඩේට දරුවාව හවුල් කරගැනීමත් අනිවාර්යයි.එයාලා හරිම කැමතියි මේ වැඩේට.එයාට කියන්න .අපි ඔයාට ලස්සන කාමරයක්/නැත්නම් පාඩම් මුල්ලක් (Study corner) /(Reading Corner) කියවීම් මුල්ලක්/සෙල්ලම් කරන්න තැනක් (Play area )හදලා දෙන්නයි යන්නෙ කියලා.එයාලා උඩ පැනලා එනවා මේ වැඩේට. එයාගෙ වයසට හරියන දේ තමා ඔබ තෝරාගැනීම් කරන්න ඕනෙ.

එතෙන්ට මූලිකවම ඕනෙ මෙච්චරයි.

1.වයසේ හැටියට මේසයක්. කුඩා දරුවෙක් නම් පොඩි මේසයක්.

2.පොත් ටිකක් තියන්න පුලුවන් රාක්කයක්.බිත්තියෙ ලලි කිහිපයක් ගහලත් මේ රක්කය අපිටම හදාගන්න පුලුවන්.

3.සෙල්ලම් බඩු වෙන වෙනම අහුරාගන්න කූඩ කිහිපයක්.නැත්නම් කාඩ්බෝඩ් පෙට්ටි කිහිපයක්.(මේවා ලස්සන කොළ වලින් අලවා ගන්න පුලුවන් ඔබට .දරුවාත් එක්කම කතු වෙලා)

4.පෙට්ටි ලේබල් කරන්න ඕනෙ.නැත්නම් පින්තූර අලවලා වෙන් කරන්න ඕනෙ.ටෙඩීස්ලා, බෝනික්කො,කාර්,බිල්ඩින් බ්ලොක්ස් වගේ.

5.පොඩි පුටුවක්. එයාට පහසුවෙන් ඉන්න පුලුවන් එකක්. බංකු පොඩ්ඩක්.

6.එයා ආස කරන විදියෙ කතන්දර පොත් ටිකක්.

මේ ටික ලෑස්ති නම් ඔන්න අපි දරුවාගේ අනාගත පෞරුෂය වෙනුවෙන් දැවැන්ත පියවරක් තියන්න සූදානම්.ලිපිය බොහෝම දිග නිසා තවත් ලිපියකින් මේ ටික ලස්සන කරගන්න විදිය මම කියලා දෙන්නම්.

මුල්අයිතිය සහ ගෞරවය ✍️ භාග්‍යා අබේසේකර

Bhagya Äbeysekara විසින් Minimalist Living පේජ් එකට ලිවූ ලිපියක්

04/09/2024

Shout out to my newest followers! Excited to have you onboard! Nipuni Tharanga, Ashoka Wijerathna, Ayesha Pinnawala, Thihani Kulathunga, Sujani Samarakoon , Sashini Malaviarachchi, Dakshika Ganepola, Lihini Sankalpana, Tharushika Navodi, අනු විහංසා, Malsha Pathirana, Madu Madushani, Dil Sha Ni, Sadanuwan Isuru Isuru, Mohomed Wassem, Umar Mahroos, Sameera Sampath, Nirmala Gamagedara, Mihinsa Mihinsa, Nishan N Avindii, Wathsala Wathsala, Amj Kumara

01/06/2024

𝗣𝗮𝗴𝗲 𝗟𝗲𝘃𝗲𝗹 𝘂𝗽.. 𝗟𝗘𝗩𝗘𝗟 𝟯 𝗔𝗰𝗵𝗶𝗲𝘃𝗲𝗱 🥳🥳🥳🥳

𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝘃𝗲𝗿𝘆 𝗺𝘂𝗰𝗵 𝗳𝗼𝗿 𝘆𝗼𝘂𝗿 𝗰𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗼𝘂𝘀 𝘀𝘂𝗽𝗽𝗼𝗿𝘁!❣️❣️❤️❤️❤️❣️❣️

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Athurugiriya
Colombo
10150