SL Cricket Hits
16/06/2024
😞
09/06/2024
SL v BAN තරගයෙන් පසුව Star Sports ක්‍රිකට් විස්තර විචාරක නිවේදකයෙක් ශ්‍රී ලංකා සහ බංගලාදේශ තරගය පිළිබඳව අදහස් දැක්වීය.
"මට දැන් වයස අවුරුදු 34යි සංජේ සර්. මම ක්‍රිකට් බලන්න පටන් ගත්තේ ඕස්ට්‍රේලියාවයි ශ්‍රී ලංකාවයි ක්‍රීඩා කරනවා දැකලා. ඉස්සර දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරග වෙනස් මට්ටමක තිබුණා. අපි ඒවා බැලුවේ හරිම ආසාවෙන්. .
තවත් දෙයක් තමයි මීට පෙර පැවැති ලෝක කුසලාන තරගාවලිවලදී විස්තර විචාරකයන් අවසන් පූර්ව තරග ශ්‍රී ලංකාවට සහ ඔස්ට්‍රේලියාවට වෙන් කර තිබුණා. මන්ද ඔවුන් එතරම් බියකරු විය.
සංජය සර් අපේ ගෙදර අය ගෙදර ක්‍රිකට් බලද්දී සනත් ජයසූරිය එළියට එනකම් අපි බලාගෙන හිටියා මොකද එයා මැද්දේ හිටියොත් අපිට පාඩුයි.
අපේ ගෙදර අය දෙවියන්ට පවා යාඥා කළේ ජයසූරිය ඉක්මනින්ම අවුට් වෙන්න කියලයි මුරලිටයි වාස්ටයි විකට් එකක්වත් ලැබෙන්නේ නෑ මොකද ලකුණු ගත්තොත් මැච් එක පරදින නිසා.
මම අවුරුදු 17 වෙනකම් ක්‍රීඩාවක් විදියට ක්‍රිකට් ගැහුවා. ඒ කාලේ අපේ ඉස්කෝලේ ගමේ මිනිස්සු සනත් ජයසූරිය, මුරලි, බ්‍රෙට් ලී වගේ අයගේ ක්‍රීඩා විලාසය අනුකරණය කරනවා.
මෙවන් ප්‍රබල කණ්ඩායමකට අද යාර 30කට එහා පහරක් එල්ල කිරීමට නොහැකි වීම කණගාටුවට කරුණකි. සංජය සර්, මම හිතන්නේ දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් යුගය ඉවරයි. ඔවුන් දැන් පහසුවෙන් පරාජය කළ හැකි රටක් බවට පත් වී ඇත.
ඉස්සර ලංකාවෙ මැච් එකක් කිව්වෙ අන්තිම ඕවර් එක වෙනකන් දිනන්නෙ කවුද කියල තෝරගන්න බැරිව. දැන් බැට් කරන්න කලින් කියන්න පුළුවන් ලංකාව පරදිනවා කියලා.
ඒ දවස්වල ශ්‍රී ලංකා ක්‍රිකට් කියන නම ඇහෙනකොට හිතට දැනුණු භයංකාර හැගීම අපිට දැනෙන්නේ නැහැ. මම හිතන්නේ ඔවුන්ගේ ක්‍රිකට් දැන් ඉවරයි.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo