E- Design Architecture Sri Lanka
14/08/2025
House Design
E-Design Architecture
Architectural Designer - Prasad Hewamanage
Contact number - whatsapp 0772251004
Sri Lanka
31/03/2021
Your dream ...... without color ....
27/03/2021
කෝටියක් වටින Working Drawings
පළමු ලිපිය
සුබ දවසක් හැමෝටම.මම ඔයාලට පොරොන්දු උනා working drawings ගැන වෙනම ලිපි පෙලක් E-Design Architecture පිටුවෙ පලකරනවා කියලා.මගේ පිටුවට අලුතෙන් එකතූන අය දැන් බලනවා ඇති මම කවදද එහෙම පොරොන්දු උනේ කියලා.මම මීට පෙර, " පිටරට සිටින ඔබ නිවස සෑදීමට පෙර නිදානය අතට ගන්න " කියලා ලිපියක් මගේ පිටුවෙ පලකලා.මේ ලිපිය කියෙව්වනම් working drawings කියන්නෙ මොනවද කියලා ඉතා හොද අවබෝධයක් ගන්න පුලුවන් .මම ඉතාමත් සරලව එහි සදහන් කරලා තියනවා working drawings වල වටිනාකම කොච්චරද කියලා.
මගේ ලොකුම බලාපොරොත්තුව ඔයාලව දැනුවත් කිරීමයි.දැනුවත් වීම මගින් සාර්ථක ගමනක් යන්න පුලුවන් කියන එක මම හැමදාම විස්වාස කරනවා.මම හින්දා කවුරුහරි එක දශමයක් හරි ඉදිරියට යනවනම් ඒක තමයි මගෙ සතුට.මගේ ලිපි වලට like එකක් comment එකක් නොලැබෙන වෙලාවට හිතට පොඩ් දුකකුත් දැනෙන අවස්ථාත් තියනවා.ඒ කොහොම උනත් මේ විදිහට ලියන එකෙන් මම ලොකු මානසික සුවයක් ලබනවා.
හරි එහෙනම් දැන් අපි කෙලින්ම මාතෘකාවට බහිමු.මේක working drawings ගැන ලියන ලිපි පෙලේ පලමු ලිපිය නිසා මම working drawings ගැන පොඩ් ගැදින්වීමක් කරලම වැඩේට බහින්නම්.
ඔයාලා දන්නව ලංකාවෙ වැඩි පිරිසක් house plan එකක් කරනවා කියලා කරන්නෙ ප්‍රාදේශීය සභා අනුමැතිය සදහා බාවිතා කරන plan එකක් ඇදලා දෙන එකට.අපි එම drawing වර්ගයට council drawings කියලා කියනවා.මෙම council drawings වලට යොදන්නෙ නිවසෙ
floor plans ( නිවසේ බිමේ සැලැස්ම )
sections (නිවසේ හරස් කැපුම් ) සහ
elevations ( නිවසේ පිටත පෙනුම )
විතරයි.නමුත් working drawing සෙට් එකකට අපි drawing වර්ග 12 ක් ලබා දෙනවා.මම එම drawing list එක පහතින් දාන්නම්.
1) setting out plan
(අත්තිවාරම් කැපීම් සදහා )
2) floor plan
( බිත්ති බැදීම සදහා)
3) sections
(බිත්තිවල උස,ජනේලවල උස,වහලයේ උස වැනි කරුනු සදහා)
4) elevation
( නිවසේ බාහිර පෙනුම ලබාගැනීම සදහා)
5) roof plan
(වහලයේ බෑවුම,දිග පළල ,යොදන අමුද්‍රව්‍ය තීරනය සදහා)
6) electrical layout
(ලයිට්,ස්විච්,ප්ලග් පොයිට්,AC පොයිට් ... වැනි සියලුම විදුලිය සම්බන්ධ උපකරණ වල පිගිටීම හා ඒවා ප්‍රධාන පරිපථයට සම්බන්ධ වන ආකාරය හඳුනා ගැනීම සඳහා )
7) toilet detail layout
( බාත්රූම් එකේ සින්ක් එකේ , කොමඩ් එකේ, ශවර් එකේ පිහිටීම ලබාගැනීම හා උස ප්‍රමාණ ලබාගැනීම සදහා)
8) tile layout
( අවශ්‍ය කරන ටයිල් ප්‍රමාණය තීරනය කිරීම සදහා )
9) door and window layout
(නිවසේ සියලුම දොර ජෙනෙල් වල දිග පළල හා අවශ්‍ය ප්‍රමාණය තීරණය කිරීම සඳහා )
10) service layout
( වැසිකිලි අපද්‍රව්‍ය සහ මුළුතැන්ගෙයි අපජලය ගමන් කලයුතු මාර්ගය, ගලි වලවල් යෙදිය යුතු තැන් සහ අප ජලය එකතුවෙන වලවල් වල පිහිටීම ලබා ගැනීම සඳහා )
11) down pipe position layout
(වහලයට වැටෙන වැසිජලය ගමන් කලයුතු මාර්ගය තීරනය කිරීම සදහා)
12) rainwater layout
( වහලයෙන් පහලට වැටෙන වැසි ජලය හා ඉඩමට වැටෙන වැසි ජලය කලමනාකරනය සදහා )
දැන් ඔයාලට පැහැදිලි ඇති council drawing වලයි working drawing වලයි අතර වෙනස. ඔබ සෑදීමට බලාපොරොත්තු වන නිවස තරමක් සංකීර්ණ නම් සහ නිවස වෙනුවෙන් ඔබ වැය කිරීමට බලාපොරොත්තු වන මුදල තරමක් වැඩිනම් අනිවාර්යයෙන් ඔබ ඔබගේ ගෘහනිර්මාන ශිල්පීයා ලවා මෙම working drawing set එක කරගන්න. එක ගොඩක් වටිනවා.නිවස ඉදිකිරීම ආරම්භයේ සිට අවසානය දක්වා අවශ්‍ය වන සියලුම details මෙම drawing set එක තුල අන්තර්ගත වෙලා තියනවා.මෙම working drawing set එක සදහා යම්කිසි මුදලක් වියදම් කිරීමට සිදුවුවත් එම මුදලට වඩා සියගුනයක් ප්‍රතිලාභයක් ඔබට අනිවාර්යයෙන් ලැබෙනවා.නිවස ඉදිකිරීමට ප්‍රතමයෙන් මුලු නිවසෙම පැහැදිලි සැලැස්ම ඔබේ අත උඩ තියාගෙන තමයි ඔබ නිවස ඉදිකිරීම් ආරම්බ කරන්නෙ.
හරි මම දැන් ඔයාලට පැහැදිලි කරන්න හදන්නෙ ඉහත සදහන් කරපු working drawing set එකේ drawings 12 න් පලමු drawing එක ගැන.
1) Setting out plan
අපි හොදටම දන්නවා නිවසක් ඉදිකිරීමේදී එහි ප්‍රදානනම කොටස එහි අත්තිවාරම කියලා.නිවසේ හැඩය , ප්‍රමාණය හා ශක්තිය යන අංග තුනටම මෙම අත්තිවාරම ප්‍රදාන ලෙස බලපානවා.මෙම setting out plan එක මගින් සිදුකරන්නෙ නිවසේ අත්තිවාරම කැපීම සදහා "නූල් ඇදීම" නම් ක්‍රියාවලියට අවශ්‍ය මිනුම් ලබාදීමයි.මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ඔබේ ඉඩම තුළ ,ඔබේ නිවස ඉදි කරන ස්ථානය නිශ්චිතව හඳුනා ගැනීමයි.මෙම setting out plan එක මගින් ඔබේ ඉඩමේ මායිම්වල සිට නිවසේ අත්තිවාරමට ඇති දුරවල් සහ අත්තිවාරමේ එක් කොටසක සිට අනෙක් සෑම කොටසක් දක්වාම දිගවල් ඉතා ක්‍රමානුකූලව ලබාදේ.මෙමගින් ඉතා පහසුවෙන් නූල් ඇදීම සිදුකර අත්තිවාරම් කැපීම ආරම්භ කල හැක.අත්තිවාරම් කැපීමෙට ප්‍රතම මුල්ගල තැබීම යන ක්‍රියාවලිය සදහාද මෙම setting out plan එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
ඔබත් ඔබේ නිවස ඉදිකිරීමේදී ප්‍රාදේශීය සභා අනුමැතිය සදහා බාවිතා කරන සැලසුම් වලට (council approval drawing ) අමතරව working drawings set එකක් කරගන්නව නම් ඔබටත් මෙම setting out plan එක ලබාගෙන ඉතාමත් ක්‍රමානුකූලව ඉබේ නිවසේ අත්තිවාරම කැපීම සිදුකරගත හැක.
"කෝටියක් වටින Working Drawings"
දෙවන ලිපියෙන් නැවත හමුවෙමු.
ඔබට සුභ අනාගතයක් ....
ප්‍රසාද් හේවාමානගේ ..🖋️
අපගේ ආයතනය මගින් ඔබට ලබාගතහැකි සේවාවන්.
1) ප්‍රාදේශීය සභා අනුමැතිය සඳහා සැලසුම් නිර්මාණ
( council approval drawings )
2) නිවස ඉදිකිරීම සදහා බාවිතා කරන සැලසුම් නිර්මාණ
( working drawings )
3) 3D නිර්මාණ
( ඉහත 2 සේවාවන් සදහා 3D නිර්මාණ නොමිලේ ලබාගත හැක)
4) දැනට පවතින නිවසේ වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නම් ඒ සදහා සැලසුම් නිර්මාණය කිරීම.
( Renovation drawings )
අපගේ සේවාවන්වල මිලගනන් දැනගැනීමට අවශ්‍ය නම් අපගේ page එකට මැසේජ් එකක් දාන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo