Lanka Headline

Lanka Headline

Share

06/06/2026
02/06/2026

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමි­ක­යන් මෙර­ටට සිදු­ක­රන ප්‍රේෂ­ණ­වල වටි­නා­කම සිය­යට 24.5කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරනවා.

පසු­ගිය 2025 වසරේ මුල් මාස හත­රක කාල­යේදී අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 2, 460.5ක විදෙස් ප්‍රේෂණ මෙර­ටට ලැබී තිබෙන අතර ඊට සාපේ­ක්ෂව මේ වසරේ මුල් මාස හතර තුළ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 3,062.8ක ප්‍රේෂණ ලැබී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකු­ත්කළ නව­තම වාර්තා­වක් මඟින් පෙන්වා දෙනවා.

මෑත මාස­ව­ලදී ලැබුණු ධනා­ත්මක ප්‍රව­ණ­තාව අඛ­ණ්ඩව පවත්වා ගනි­මින් පසු­ගිය අප්‍රේල් මාස­යේදී පම­ණක් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 767.9ක විදෙස් ප්‍රේෂණ මෙර­ටට ලැබී තිබෙන අතර එය පසු­ගිය 2025 වසරේ අප්‍රේල් මාස­යේදී මෙර­ටට ලැබුණු අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 646.1ක අග­යට සාපේ­ක්ෂව සිය­යට 18.8ක වර්ධ­න­යක් බව ද මහ බැංකුව පවසනවා.

රැකියා සඳහා විදේ­ශ­ගත වන පිරිසේ වර්ධ­න­යක් පෙන්නු­ම්කර තිබෙන අතර විශේ­ෂ­යෙන්ම පුහුණු ශ්‍රමි­ක­යන් ලෙස වැඩි වශ­යෙන් පිටත්ව යාම කෙරෙහි විශේෂ අව­ධා­න­යක් යොමුව තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය පෙන්වා දෙනවා

02/06/2026

ජය ශ්‍රී මහ බෝධි විහාර මන්දිරයේදී කොස්තාපල්වරියකට අතවර

අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධි විහාර මන්දිරයේදී පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියට අදාළ දුරකථන සංවාද ඇතුළත් ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා නියෝග කර තිබෙනවා.

අදාළ කොස්තාපල්වරිය තමාට සිදු වූ අතවරය සම්බන්ධයෙන් උඩමළුව පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත දුරකථනයෙන් සිදු කළ පැමිණිල්ලේ හඬපටය සම්බන්ධයෙන් කටහඬ පරීක්ෂණයක් සිදු කිරීම මෙහි අරමුණ වී ඇති බව සදහන්.

මෙම සිද්ධියට අදාළව චෝදනා ලබා ඇත්තේ උඩමළුව පොලිසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂක චන්ද්‍ර සුමින්ද හේවා පතිනිගේ නමැති නිලධාරියෙක්. මේ වන විට ඇප මත මුදා හැර සිටින අදාළ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාට එළඹෙන ජූලි මස 07 වැනි දින යළිත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.

අදාළ අතවරය සිදු වී ඇත්තේ 2023 වසරේ අගෝස්තු මස 01 වැනි දින වුවද, ඊට සම්බන්ධ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඉන් බොහෝ කාලයකට පසුව එනම් 2024 දෙසැම්බර් මස 02 වැනිදා වීම විශේෂත්වයක්.

මෙවැනි බරපතළ අපරාධ චෝදනාවකට ලක්වන පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කිරීම සාමාන්‍ය පොලිස් පටිපාටිය වුවද, මෙම සැකකරු සම්බන්ධයෙන් උතුරු මැද පළාත් පොලිස් ප්‍රධානීන් කටයුතු කර ඇති ආකාරය පිළිබඳව විවිධ නිළියන්හි පොලිස් නිලධාරීන්ගෙන් දැඩි චෝදනා එල්ල වී තිබෙනවා.
සිද්ධියෙන් අනතුරුව මෙම නිලධාරියාව කිලෝමීටර් පහක් පමණ දුරින් පිහිටි ඇලයාපත්තුව පොලිසියට මාරු කර යවා ඇති අතර, නැවතත් මසක් ඇතුළත ඔහුව පෙර සිටි උඩමළුව පොලිසියටම කැඳවා තිබෙනවා.

චෝදනාවට ලක්වූ නිලධාරියා තවදුරටත් එම පොලිස් ස්ථානයේම රාජකාරි කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් තුළ දැඩි අප්‍රසාදයක් පවතින බව පෙන්වා දුන්නද, අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එවැනි විරෝධතාවක් සම්බන්ධයෙන් තමන්ට කිසිදු වාර්තාවීමක් සිදුවී නොමැති බවයි.

25/05/2026

විද්‍යා ඝාතන සිද්ධියේ රැඳවියෙකු සියදිවි නසාගනියි

මහත් ආන්දෝලනයකට තුනු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නම් දැරිය දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකරුවෙකු සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වෙනවා.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ පූබාලන් ජයකුමාර් නම් 46 හැවිරිදි අයෙකු වන අතර යාපනය බන්ධනාගාරයේ රඳවා තිබූ ඔහු ඊයේ රාත්‍රියේ සියදිවි නසාගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන්කර තිබෙනවා.

23/04/2026

වෙසක් සතිය මැයි 27 සිට ජූනි 2 දක්වා - අමතර නිවාඩු දිනයක් ගැන විශේෂ නිවේදනයක්

Photos from Lanka Headline's post 18/09/2025

නියමයි මෙන්ඩා ❤️💪🇱🇰
අපේ කොල්ලෝ ටික Super 4 qualified 😍😍

18/09/2025

විදුලි බල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කරන බව පවසා විදුලිබල මණ්ඩලයේ සේවකයන් 23,000 ක් වත්මන් රජය විසින් අනාථ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

වත්මන් රජය බිහි කිරීමට රටේ රාජ්‍ය සේවකයන් විශාල ජනවරමක් ලබා දුන් බවයි සමගි ජන බලවේගයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

එවකට මැතිවරණ වේදිකාවේදී රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් විශාල ලෙස කතා කළ ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ සේවකයන් 23,000කගේ රැකියා සුරක්ෂිතභාවය ඇති කිරීමට කොන්දක් නොමැති බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

මේ හේතුවෙන්, ඉදිරි පළාත් සභා මැතිවරණයේදී රජයට පාඩමක් උගන්වන ලෙසට තමා ඉල්ලා සිටින බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

08/09/2025

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගේ ප්‍රධාන සගයෙක් අත්අඩංගුවට

08/09/2025

සංචාරක පැමිණීම ලක්ෂ 16 පනී
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 16 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව ඊයේ (07) වන දින වනවිට 1,604,018ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මේ අතර, සැප්තැම්බර් මාසයේ මුල් දින හත තුළ සංචාරකයින් 37,495ක් මෙරටට පැමිණ ඇති බව සඳහන්ය.

සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 10,171ක් පැමිණ ඇති අතර එය 27.1%කි.

තවද, එක්සත් රාජධානියෙන් 3,033ක්, ජර්මනියෙන් 2,426ක්, ඔස්ට්‍රේලියාවෙන් 1,806ක් සහ චීන ජාතිකයින් 1,803ක් ද මේ මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මේ අතර, 2025 දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාවෙන් පුද්ගලයින් 335,766ක් ඉන්දියාවෙන් පැමිණ ඇත.

තවද, 2025 දී එක්සත් රාජධානියෙන් සංචාරකයින් 154,174ක් පැමිණ ඇති අතර රුසියාවෙන් සංචාරකයින් 119,592ක් ද ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

08/09/2025

සම්පත් මනම්පේරි සහ
පියල් මනම්පේරි යන අයගේ සහෝදරිය
පොලිසියට එරෙහිව මානවහිමිකම් යයි.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo